පළමු එක්දින සටනේ ජය සිංහයින්‍ට | Sri News

0
4


ඇෆ්ගනිස්තාන සමග පල්ලෙකැලේ දී පැවති පළමු එක්දින තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (09) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ ලකුණු 42කින්

මෙම තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය සදහා ලකුණු 382ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානයට නියමිත පන්දුවාර 50 තුළ රැස්කරගත හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 339ක් පමණයි.

ඇෆ්ගනිස්තාන ජයග්‍රහණය කරා රැගෙන යාමට දැවැන්ත සටනක නිරත වූ මොහොමඩ් නබී ලකුණු 136ක් රැස් කළ අතර, අනෙක් අන්තයේ සිට ඔහුට වටිනා සහායක් ලබාදුන් අස්මතුල්ලාහ් ඕමර්සායි ලකුණු 148ක් රැස් කළා

ඔවුන් දෙදෙනා එකව ඇෆ්ගන් ඉනිමේ හයවන කඩුල්ල සදහා ද්විත්ව ශතක සම්බන්ධතාවක් ගොඩනැගුවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ එම අගනා සම්බන්ධතාව ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු ‍යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 04ක් සහ දුශ්මන්ත චමීර කඩුලු දෙකක් බිද දැමුවා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here