පලාත් සභා මැතිවරණය තියන්න බැරි කිරිඇල්ල කල වැඩේ නිසා..

0
5

ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍ර ලේඛයේ කිසි තැනක එහි සාමාජිකයන් ලෙස පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම ගැන සඳහන් නොවන බවද රට පුරා විශ්‍රාම ගිය ඉංජිනේරුවරු, කාර්මික නිලධාරින්, විවිධ වෘත්තීන්වල අය ආදී ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම මෙහිදී සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

පළාත් සභාවේ සිටින උගත්, වගකීම් සහගත අයද යොදාගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා, එසේ නොකරන ලෙස විපක්ෂය ප්‍රකාශ කරන්නේද යන්න ප්‍රශ්න කළේය.

වසර දෙකක් පමණ ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ඉඩ සැලසූ බව පැවසූ ඔහු, සංවර්ධන කමිටුවලට සහභාගී වූ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් කළ සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල්, මධ්‍යම ආණ්ඩුවේ ව්‍යාපෘති ලබාදී ඇති බවද සඳහන් කළේය.

විපක්ෂයක් කියා එකක් අද නොමැති බවත්, සිදුවී ඇත්තේ එය බවත්, එදා සභානායක ලෙස කටයුතු කරමින් කළ දේ නිසා අදත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දහස් ගණන් රටපුරා සිටින බවත්, ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගැනීමට ඇති බාධාව කුමක්ද යන්නත් ඔහු විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍රලේඛය ගැන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මතු කළ, ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද, වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාද අතරමඟදී ප්‍රශ්න විමසීය.

මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

“ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රකාශයට. මොකද අපිත් බලන් ඉන්නවා අපේ ප්‍රධාන, ලංකාවේ දේශපාලන පෙරළි රාශියකට කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන. එක එක දවසට එක එක ඒවා කියනවා. ඔබතුමත් කියනවා. මේවා ප්‍රකාශ වෙන රටක දේශපාලන ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතභාවයකට පත් කරන්නේ කවුද කියන එක ගරු කතානායකතුමනි, පළවෙනියෙන් සඳහන් කරන්න කැමතියි බොහොම මිත්‍රත්වයෙන් මගේ මිත්‍රයාට කියන්නේ.

අපි වෙනමත් එළියේදී කතා කරා, ඔබතුමා අහන දේවල් ගැන. ගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳ පළවෙනියෙන් ම පාර්ලිමේන්තුවේ පසුගිය දවසේ ප්‍රශ්න නැගුවා 27/2 යටතේ. ඒ වගේම ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ඒ දිනේම නගලා තිබුණා. ඒකට පිළිතුරු රජය වෙනුවෙන් අමාත්‍යංශය වෙනුවෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජානක වක්කුඹුර මැතිතුමා පිළිතුරු දුන්නා.

ඔය චක්‍රලේකනයේ කිසි තැනක තර්ක කරන අපේක්ෂකයෙක් ගැන සඳහන් වෙන්නේ නෑ, ගරු කතානායකතුමනි. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් අවුරුදු දෙකක් විතර ඇණ හිටපු දේ අපි පටන් ගන්න අයවැය ‍ලේඛනය අනුමත කරා. ඔබ සියලු දෙනා අය වැය ලේඛනය අනුමත කළා. මොකද ජනාධිපතිතුමා ඒක යෝජනා කළා. දිස්ත්‍රික්ක මට්ටමේ, විමධ්‍යගත අදී දේ ගැන. ඉතින් අපි ඒ ක්‍රියාත්මක කිරීම සඳහා වේගවත් කරන්න පැහැදිලි උපදෙස් දිසාපති, ප්‍රාදේශීය ලේකම් සෑම කාර්යාලයකටම දිල, අපේ මන්ත්‍රීවරු ඒ සභාපතිවරු හැටියට වැඩ කරනවා. ඔබතුමාටත් ආරාධනය කරනවා. ඔබතුමාලගේ සමහර මනත්‍රීවරු පැමිණෙනවා. කරන ඉල්ලීම් ජනාධිපතිතුමා අනුමත කරලා. ඒවා ක්‍රියාත්මක කරන්න මුදල් අනුමත කරලා තියෙනවා. ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට මේ ඉල්ලීම් අනුව අපි දීලා තියෙනවා. කාටද කියන්න, ඕනෙ නම් සංවර්ධන කොමිටියට පැමිණි සංවර්ධන කොමිටියෙන් ඉල්ලා සිටපු ආණ්ඩුවද විපක්ෂද කියලා අපි බලලා නෑ. ඒ අනුව අපි විමධ්‍යගත මුදල් පළාත් සභා මුදල් මහා අණ්ඩුවේ වෙනත් ව්‍යාපෘති ලබා දීලා තිබෙනවා. ඔබතුමාට ලැබිලා නැත්නම් විස්තර එවන්න, මම කියන්න ලබා දුන්නු අයගේ නාම ලේඛනය හා ලබාදුන්නු ව්‍යාපෘති ගමේ සිට ඉහළටම අපිට කියන්න පුළුවන්.

ඔබතුමන්ලාගේ විපක්ෂයක් නැහැ. ඔබතුමන්ලා විපක්ෂයක් කියලා එකක් නෑ. අද වෙලා තියෙන්නේ ඒකයි. ඔබතුමාලා මෙහෙන් ගියාට පස්සේ කරන්නේ කියන්නේ මොකක්ද දන්නැති තත්ත්වයක් තියෙන්නේ. නමුත් මම ගෞරවාන්විතව කියනවා. (බාධා කිරීම්)

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here