පලස්තීනය ගැන අයර්ලන්තය , නෝර්වේ සහ ස්පාඤ්ඤයෙන් ඒකාබද්ධ නිවේදනයක් – Sri News උණුසුම් පුවත්

0
14

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව අයර්ලන්තය , නෝර්වේ සහ ස්පාඤ්ඤය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළා.

එම රාජ්‍යයන් කියා සිටියේ මෙම තීරණය ඊශ්‍රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්ෂ වුවක් නොව සාමයට සහාය දැක්වීමක් බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය දැඩි කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙය කලාපය තුළ තවත් අස්ථාවරත්වයක් ඇති කරන බවට ඔවුන් අනතුරු ඇඟවූ අතර රටවල් තුනේම සිටි සිය තානාපතිවරුන් ද ආපසු කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here