පන්සල හා පිරිවෙන බෞද්ධ අධ්‍යාපනයේ ස්වභාවයන් මතු කළ ස්ථානයි…. – Sri News

0
4


🙏ලක්දිව බුදු සසුන පිහිටු වීමත් සමඟම ආරම්භ වූ මුල් ම බෞද්ධ ආයතනය අනුරාධපුර මහ මෙවුනා උයනෙහි පිහිටුවන ලද මහා විහාරයයි

 

මහා විහාරය කේන්ද්ර කරගත් සඟ පරපුර මුළු රටේම ව්යාප්ත වෙලා ගියා උන් වහන්සේලාට ඒ ඒ ගම් නියම්ගම්වල වාසස්ථාන තනා දීම රාජ මහාමාත්යවරු අතින් වගේ ම පොදු ජනතාව අතිනුත් සිදුවුණා පන්සල විහාරස්ථානය යන නම් වලින් ප්රකට වුණේ එම වාසස්ථාන.

 

ගමෙ පන්සල වෙතින් ජනතාව ප්රධාන වශයෙන් බලාපොරොත්තු වුණා ජන ජීවිතය හැඩ ගැසීමට අවශ්ය බෞද්ධ ආගමික මගපෙන්වීම ලබා ගැනීම.මහා සංඝයා වහන්සේ ඒ සඳහා අවශ්ය උගත්කමින් මෙන්ම මෙන් ම ආදර්ශවත් භාවයෙනුත් යුක්ත වුණා

ගම්වැසියන්ට දැනුම ලබාදීම සඳහා උන්වහන්සේ යොදාගත් ප්රධාන ක්රමය ධර්ම දේශනා පැවැත්වීම මේ ධර්ම දේශනාව පැවැත් වුණේ පොත් පත් බලාගෙන නෙමෙයි මතකයෙන්.

 

එදා උගතුන් හැඳින්වීමට භාවිත වූ බහුශෘත හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති යනුවෙන් හැඳින්වීමට උන්වහන්සේ හැම අතින්ම සුදුසු වුණා ධර්ම දේශනා මාර්ගයෙන් කරුණු ඉගැන්වීමේ දී ශ්රාවකයන්ට දුන් මූලික උපදේශය උනේ සවන් දෙන්න පුරුදු වෙන්න යන්න ,සිත් හි රඳවා ගන්න සහ ඒවා පිළිපදින්න යන්නයි.

ඒ කාලේ මුළු අධ්යාපන ක්රියාවලිය ම සිදු වුණේ ශ්රවණයෙන් පොත්පත් සඳහා නොවීම එයට ප්රධාන හේතුවක්.මේ නිසාම අසා සිටි දේදරා ගැනීමට කට පාඩමට මුල් තැනක් ලැබුණා කටපාඩමෙන් දැනුම් පවත්වා ගැනීමේ පවත්වාගැනීමේ හැකියාව ධාරණ ශක්තිය නමින් හැඳින් වුණා හැඳින් වුණා ඇතැවුණා ඇතැම් භික්ෂූන් වහන්සේලා අට්ඨකථා සහිතව මුළු ත්රිපිටකයම කටපාඩමින් පවත්වාගෙන ආවා ත්රිපිටකයේ කොටස් වෙනුවෙන් වශයෙන් ප්රගුණ කළ භික්ෂූන් වහන්සේලාත් එවකට හිටිය

පන්සලෙන් දුන් අධ්යාපනය ක්රමවත් බවට පත්වීමේ තවත් ප්රතිඵලයක් වශයෙන් පිරිවෙන් අධ්යාපනය බිහිවුණා අපේ රටේ බෞද්ධ අධ්යාපනය ලබාදෙන ප්රධාන අධ්යාපන ආයතනයක් බවට පත්වුණේ පිරිවෙන පන්සලෙන් හා පිරිවෙනෙන් ලද අධ්යාපනය ගිහි පැවිදි දෙපක්ෂයේම ආගමික හා ලෞකික අවශ්යතා මැනවින් ඉටු කර දුන්නා

 

ඒ අතර බුද්ධ ධර්ම විෂය අනිවාර්යය වුනා ගිහි පැවිදි දෙපක්ෂයේම අය ත්රිපිටකය ආශ්රයෙන් බුද්ධ ධර්මය විෂය හැදෑරුවා පන්සල් වල පිරිවෙන් වල නේවාසිකව අධ්යාපනය ලැබූ භික්ෂූන් වහන්සේලා අරුණ නැගීමට ප්රථමයෙන් පිබිදී දෛනික කටයුතු ආරම්භ කළා ආරාමික වත්පිළිවෙත් නිමවා පොත් කියවා පත ලියවා අධ්යාපන කටයුතු ආරම්භ කළා මෙහි පොත් වශයෙන් හැඳින්වූයේ පුස්කොළ පොත් පත නම් අකුරු ලිවීමට යොදාගත් පුස්කොළ ඉරු මේවා තල් කොල වලින් පිළියෙල කොට ගෙන තිබුණා ලිවීම කළේ පන්හිදෙන්.

 

ක්රමවත් කාර සටහනක් අනුගමනය කරමින් පන්සල්වල හා පිරිවෙන් වල දවසේ අධ්යාපන කටයුතු සැසි තුනකට බෙදා සිදුකළා ප්රථමයෙන්ම සිදුකළ අධ්යාපන කටයුතු උදේ වරුවේ සිදුවුණා පස්වරු වට සුදුසු ඉගැන්වීම පස්වරුවේ සිදු වුණා සන්ධ්යාවේ ආගමික වත් පිළිවෙත් වලට අනතුරුව සැන්දෑවට කළ යුතු අධ්යාපන කටයුතු සිදුවුණා මෙයින් පෙනෙන්නේ කාලය අපතේ නොයවා ශිෂ්යයාට ඉගෙනීමේ අවස්ථා සලසා දුන් අතර මහා සිරිත් විරිත් ප්රගුණ කරවන වත්පිළිවෙත් වලට ද ශිෂ්යයන්ව යෙදවූ බවයි

එදා ගුරුවරයා ඇසුරෙන් ලබන දැනුම ඉතා උසස් කොට සැලකුණා පොත පත ඇසුරෙන් පමණක් දැනුම ලබන අද ගස් සම්පූර්ණ අධ්යාපනයක් වශයෙන් ගත්තේ නැහැ මේ නිසා පන්සලෙන් හා පිරිවෙන් එන්නද අධ්යාපනය ගුරුවරයා ඇසුරෙන්ම සිදුවුණා ඇසුරෙන් ම සිදු වුණා මේ අධ්යාපනය ලැබූ ශිෂ්යයෝ මනා ගුරු ගෞරවයකින් යුක්ත වුණා ගුරුතුමාට සැලකුවේ තමාගේ පියාට සලකන්නා වාගේ.

 

රජුගේ පටන් පොදුජනතාව තෙක් ඔවුන්ට අවශ්ය අධ්යාපනය ලබා ගත්තෙ පන්සල් හා පිරිවෙන් ඇසුරු කරගෙන

සංඝබෝධි ධාතුසේන වැනි රජවරුන්ට රටේ පාලකයන් වීමට අවශ්ය ආගමික හා ශාස්ත්රීය දැනුම ලබා දුන්නේ පන්සල මඟින් බව ඉගින් බව ඉතිහාසය සඳහන් වෙනවා ගිහියෝ ආගමික හා ශාස්ත්රීය දැනුම පන්සලෙන් ලබා ඇතැම් කලා ශිල්ප පිළිබඳ පාරම්පරික හුරුව දෙමව්පියන්ගෙන් ලබාගත්තා එහෙත් පන්සලේ හා පිරිවෙනේ මගපෙන්වීම ඔවුන් ලැබූ අධ්යාපනයේ පරිපූර්ණත්වයට පත් වීමට හේතුවක් වුණා ඔවුන් දැනුමෙන් හා සංයමයෙන් ද ප්රායෝගික පුහුණුවෙන් ද යුත් පරිපූර්ණ අධ්යාපනයක් ලබා සිටි බව විස්මයජනක වාරිකර්මාන්ත සුවිසල් දාගැබ් අසිරිමත් මැදුරු දුටුවන් වශී කලා කෘති ආදියෙන් හෙළිදරව් වෙනවා

ඔවුන්ගේ නිර්මාණවල බාහිර නිසරු ආටෝපයට වඩා සරලකම හා ගැඹුරු බව දක්නට ලැබෙන්නේ පන්සලෙන් හා පිරිවෙන ලද අධ්යාපනයේ හරවත් බව නිසා බව අපට නිසැකවම කිව හැකියි.

 

පන්සලෙන් හා පිරිවෙනෙන් ලද අධ්යාපනය බුදු දහමට මුල් තැන දුන් නිසා හැම දෙනාටම හොඳ හැදියාවක් තිබුණා එනම් බෞද්ධ සංවරය මගින් ඇති කරන සදාචාර සම්පන්න භාවය බෞද්ධ අධ්යාපනයේ දී ගැනීම සමඟම සදාචාර සම්පන්න භාවය ඇති බවයි.

ඉගෙනීම හා සංවරය ඇති තැනැත්තා ඒ දෙකෙන්ම පැසසුම් ලබනවා මේ නිසා සංවරයෙන් යුතු උගතුන් සමාජයට බිහි කිරීමට බෞද්ධ අධ්යාපනය අරමුණ වෙලා තිබුණා

වර්තමානයේ පවත්නා පාසල් අධ්යාපනය නිසා බොදු දරුවන්ට එදා මෙන් බෞද්ධ අධ්යාපනයක් නොලැබෙතත් පන්සලේ පැවැත්වෙන දහම් පාසල මඟින් ඒ අඩුව සපුරාලීමට වෙහෙසුනා එයින් නිසි ප්රයෝජන ලබා ගැනීම හැම බෞද්ධ දරුවකුගේම වගකීමක්

 

දැනුම හා සංවරය සමඟම මනා සමාජ ජීවිතය ගොඩනගා ගැනීමටත් බෞද්ධ අධ්යාපනය මගින් මග පෙන්නුවා මෙ සඳහා පන්සල හා පිරිවෙන අනුගමනය කළේ සිඟාලෝවාද සූත්රයෙහි දැක්වෙන ක්රමෝපාය

 

ශිෂ්යයා මනාකොට හික්මවීම මනාකොට ශිල්ප ශාස්ත්ර ඉගැන්වීම තමන් දත් ශිල්ප ශාස්ත්ර ගුරුමුෂ්ඨි ගුරුමුෂ්ටි තබා නොගෙන ඉගැන්වීම යන කරුණු තුනෙන් ගුරුවරයා ශිෂ්යයාට සංවරය දැනුම හා කුසලතා ලබා දුන්නා හිතමිතුරන්ට හඳුන්වාදීම විෂම පුද්ගල ආශ්රය වැනි බාහිර උවදුරුවලින් රැක ගැනීම යන කරුණු දෙකෙන් ඔහුට සමාජ ජීවිතයක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දුන්නා

මේ අධ්යාපන ක්රමවේදයෙහි පැවතුණා වූ විශිෂ්ට ලක්ෂණ ඇසුරින් නූතන අධ්යාපන ක්රමය පෝෂණය කර ගැනීමේ වගකීම ඉදිරියටත් අප සතුව පවතිනවා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here