පන්නිපිටියේ සිදුවූ ගින්නකින් කෝටි ගණනක් වටිනා දේපළ විනාශයි | Sri News

0
2


පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන ඇතුළු සේවා රැසක් සපයන කොන්ත්‍රාත් සමාගමකට අයත් පෞද්ගලික ගබඩාවක අද උදෑසන සිදුවූ ගින්නකින් එහි තිබූ කෝටි ගණනක් වටිනා දේපළ වලට හානි සිදුව ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි

අද දින නිවාඩු දිනයක් හෙයින් ගබඩාවේ කිසිවකුත් රැඳී සිට නොමැති අතර ඒ හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර මෙම ගබඩාව දෙසින් දහවල් 11 පමණ කිසියම් දුමක් නැගෙනු යාබද ගරාජයක හිමිකරුවකු දැක ගබඩාව පිහිටි ඉඩමේ හිමිකරුට ඒ බව දන්වා විපරම් කිරීමේදී ගබඩාව දෙසින් ගින්නක් හටගෙන ඇති බව දැක අසල්වාසීන් සමග ගින්න නිවා දැමීමට උත්සාහ කර තිබේ. පසුව එය ව්‍යාර්ථ වීම නිසා පොලිසිය හා කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුව දැනුවත් කොට තිබේ.

කෝට්ටේ දෙහිවල සහ කොළඹ ගිනි නිවන රථ තුනක් සහ ජල බවුසර් තුනක සහාය ඇතිව ගින්න නිවා ඇති අතර ඒ වනවිටත් ගින්නෙන් දුරකථන ඇතුළු විවිධ සන්නිවේදන සැපයුම් සඳහා භාවිතා කරන වයර් ඇතුළු උපකරණ රැසකට හා ගබඩාවට බරපතල හානි සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලීසිය පවසයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here