පදිංචියට රට යන්න හිතේ තියෙනවා නම් හෙට ඉඳන් මේ දේවල් ලෑස්ති කරගමු – Sri News

0
3

ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා. අද වෙද්දි අපිට මුලු විශ්වයේම තියෙන දේවල් එක මොහොතකින් අන්තර්ජාලය හරහා අපේ කම්පියුටරයෙන් බලන්න හැකි වෙලා තියෙනවා. ඒත් ඉන්ටනෙට් එකෙන් ගිහින් ගූග්ල් මැප් සූම් කරලා රටකට යනවා වගේ ඇත්තටම රට යන එක ලේසි නැහැ. යුරෝපීය සහ ඇමරිකා වගේ රටවලට ට්‍රැවල් වීසා ගහගන්නත් ටිකක් කට්ටක් කන්න ඕනි. පදිංචියට යනවා නම් තවත් අමාරුයි. ඒ ලෙවල් රිසාල්ට් එහෙමත් ආවේ ළඟදි. සමහර අය හිතන්න පුළුවන් අපිට නැතත් අපේ පුතාට දුවට හරි මේ දූපතෙන් එලිය ලෝකෙට පියාඹන්න ලැබෙනවානම් හොඳයි කියලා. ඉතින් එහෙම යන්න කැමති අය කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ කියලා අපි ටිකක් සොයා බලමු.

 

කොරියාවට කාර්මිකයෙක් විදියට යන්නත් කොරියන් භාෂාව දැනගන්නට ඕනි. ජපානයට යන්න ජපන් භාෂාව දැනගන්න ඕනි. ස්කැන්ඩිනේවියානු රටවල් වලත් ඒ ඒ රටට අදාළ භාෂාවන් දැනගන්න එක ඒ රටවල් වලට යන්නට ලොකු රුකුලක් වෙනවා. ජර්මන් යනවානම් ජර්මන් භාෂාවත්, ප්‍රංශය දිහා ඉගෙනගන්න වගේ යනවා නම් ප්‍රංශ භාෂාවත් දැනගෙන යන්නට ඕනා. ඇමරිකා සහ ගොඩක් යුරෝප් රටවල ඉංගිරිසි බස කොමන් භාෂාවක් විදියට පාවිච්චි වෙනවා. ඉංගිරිසි දැනගෙන යම් ඉහළ මට්ටමකට IELTS, TOEFL වගේ එක්සෑම් එකක් පාස් වෙන මට්ටමට ඉගෙනගන්න එක බොහොම වැදගත්. මෙවැනි භාෂා විභාග ගැන ඔබට අපේ මේ ලිපියෙන් දැනුවත් වෙන්න පුළුවන්.

 

ගොඩක් ඉගෙනගෙන PhD, MSc වලටත් රට යන්න පුළුවනි. ඒ වගේම අපි නොහිතන සමහර පැතිවලට රට රටවල රැකියා අවස්ථා තියෙනවා. කාර්මික රැකියාවන්, කොණ්ඩා කැපීම, මසාජ් තෙරපි, වැඩිහිටියන් සහ ළමුන් බලාගැනීම, කුඩා පන්තිවලට ඉගැන්වීම, ඉදිකිරීම් ආදී විශාල ක්ෂේත්‍ර ගණනාවක් දියුණු රටවලදි රැකියා විදියට හමුවෙනවා. විශාල අධ්‍යාපනික සුදුසුකම් නැතත් වෘත්තීය සුදුසුකම් ටිකක් ගාණට සෙට් කරගත්තා නම් දියුණු රටකට යන්න ඒක බොහොම වැදගත් වෙනවා.

 

කොහොමත් දියුණු රටකට යන්න නම් හැම දේකටම යම් මුදලක් අපේ අතේ තියෙන්න ඕනි. රට යන්න අදහසක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මුදලක් ඉතිරිකරගන්න හෝ එහෙම නැතිනම් ලෝන් පාරක් ගහගන්න විදියක් හොයාගන්න එකත් වටිනවා. කොච්චර යාලුවෝ උන්නත් එයාලත් ලංකාවේ බැංකු වගේ. අපිට ණය ගෙවන්න තරම් ලොකු වත්කමක් තියෙනවා කියලා පෙන්නුවොත් තමයි එයාලගෙනුත් කීයක් හරි ඉල්ලාගන්න ලැබෙන්නේ.

 

අපි සරල උදාහරණයට ගමු වයරින් වැඩ කරන කෙනෙක්. ඇත්තටම වයරින් වැඩ ලංකාවේ වෙන විදිහ සහ විය යුතු විදිහ වෙනසක් තියෙනවා. අපේ බොහෝ ක්ෂේත්‍ර වලදි නියම තාක්ෂණය භාවිතා වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවකදි සමහර විට අපිට සහතික තිබුනත් අපේ හැකියාව පෙන්වන්න වුනොත් එතැනදී ගැටළු එනවා. ඒ නැතත් කාර්මික අංශයේ වැඩකට ගියොත් ඒ තැන්වල වැඩ කරද්දි ඒ පසුබිම තුළ වැඩකරන්න පුරුද්දක් තියෙන්නට ඕනි. සාමාන්‍යයෙන් ලංකාවෙන් රට යන්න ඉන්න අය මුලින් මැදපෙරදිග සහ ආසියානු මැලේසියා, සිංගප්පූරු වගේ රටවලට යනවා. ගිහින් ජාත්‍යන්තර මට්ටමට කිට්ටු විදියට පළපුරුද්දක් ගන්නවා. ඉන් පසු ඒ පළපුරුද්ද දියුණු රටකට පැනගන්න ලොකු උදව්වක් වෙනවා.

 

ලංකාවේ වයිෆ් කෙනෙක්ට නම් හස්බන්ඩ් දාලා තනියම මයිග්‍රේට් කරන්න අමාරුයි. හස්බන්ඩ්ට වුනත් තවත් රටකට ජීවත් වෙන්න යනවා නම් වයිෆ්ව ඒ රටට ගන්නට ප්ලෑනක් තියෙන්නට ඕනි. එතකොට තමුන්ගේ සුදුසුකම් වගේම හස්බන්ඩ් හෝ වයිෆ්ගේ සුදුසුකම් ආදිය ගැනත් සොයාබලන්නට ඕනි. කොහොම වුනත් දෙන්නම රස්සාව කරන්න බලාගෙන රට යන එක හොඳයි. ගොඩක් දියුණු රටවල වැඩකරන්න කාලයක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ ඕනි තරම් නිදහසකුත් ඉතිරි වෙනවා. ඒ නිසා දෙන්නාම රස්සාව කරන්න කැමැත්තෙන් හිටියොත් රට ගිහින් පැළපදියන් වෙන හීනේ බොහොම ඉක්මනින්ම පොළවට ගේන්න හැකි වෙනවා.

 

මේක අපි යන විදිය අනුව වෙනස් වෙනවා. සමහර අවස්ථාවල අඩු වයසින් රට යද්දි ස්ටුඩන්ට් වීසා විදියට ගිහින් පස්සේ ඒ රටේ පදිංචිය සකස් කරගන්නවා. තවත් අවස්ථාවලදි කෙලින්ම රැකියාවටම යනවා. වීසා ගනිද්දි මෙහෙ තියෙන වත්කම් දේපළ ආදිය පෙන්වන්න අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. එහෙම වුනොත් තමුන්ගේ කියලා ඉඩකඩම් දේපළ, වත්කම් පෙන්වන්න අවශ්‍ය විදියකුත් කලින් හිතලා තියාගන්න එක හොඳයි.

 

ලක්ෂ ගණන් දීලා වියදම් කරලා රට ගිහින් සමහර අය සති දෙකෙන්, මාසෙන් ආයේ හැරිලා එනවා. ගොඩක් වෙලාවට මෙහෙ තියෙන පවුල් සමාජ බැඳීම ඇත්තටම ඒ රටවල නැහැ. මෙහෙට වැඩිය සමාජ වටපිටාව වෙනස්. ඒක දරාගන්න කලින් ඉඳන් පුරුදු වෙන්න අමාරුයි. ඒත් තමුන්ගේ පවුලේ දරුවෙක්ට ඉන්නේ තමුන් විතරක් නම්, දෙමාපියන් පමණක් ලංකාවේ දාලා යන එක ඇත්තටම අමාරුයි. ඒ වගේ වෙලාවක ඒ පැති ගැනත් කලින් ටිකක් ප්ලෑන් කරගන්නට ඕනි. ඒ වගේම අවුරුදු විසිතිස් ගාණක් තිස්සේ ගෙදරම හැදිලා ගෙදරින් එලියට වැඩියම නොයන මාදිලියේ කෙනෙක්ටත් රට ගිහින් තනියෙන් ඉන්න පුළුවන් වෙයිද? කියලාත් හිතන්නට ඕනි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here