නොවැම්බර් 14 නිවැරදි තීරණය ගන්න. ජන්දයට වටිනාකමක් දෙන්න – අනුරාධ ජයරත්න

0
27


නැවත රට කඩ වැටීමකට ලක්වුවහොත් නැවත ගොඩගැනීමට වසර 05-10 පමණ කාලයක් ගතවන බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඔහු මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ එළඹෙන 14 වැනිදා ජන්දයට සැබෑ වටිනාකමක් දෙන ලෙසයි.

”අනුර දිසානායක ජනාධිපති ධූරය සඳහා පත්වුණේ ජනතාව ගේ ජන්දයෙන්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එසේ ජන්දයෙන් පත්වූ නායකයෙක් ඔලුගෙඩි මාරු කරලා , කකුලෙන් ඇදලා වට්ටන්න නරකයි. එය පාර්ලිමේන්තුවට වගේම පළාත් සභාව සහ ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා ද අදාළ විය යුතුයි. ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අප සුරක්ෂිත කළ යුතුයි. අපි ලෝකයේ දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගත්තත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ . ඒක කාලයක් තිස්සේ තිබෙන ගැටළුවක් .ඒ නිසා ඒ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. එසේ නම් අපි ගෑස් සිලින්ඩරය කණ්ඩායම හැටියට මේ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ ඇයි කියන කාරණය පැහැදිලි කරන්නම්. අපි මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ යළිත් මේ රට 2022 වසරේදී මෙන් ආර්ථික කඩා වැටීමකට ඉඩනොදීම සඳහා යි. ඔබට මතක ඇති 2022 වසරේ රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වුණා. අගමැතිවරයකු නැතුව, අමාත්‍ය මණ්ඩලයක් නැතුව දින 13ක් රට අරාජිකව තිබුණා. සාමාන්‍යයෙන් විපක්ෂය හඳුන්වන්නේ විකල්ප ආණ්ඩුව ලෙසයි. විපක්ෂ නායකයාට කාර්‍ය මණ්ඩලයක් දීලා, කාර්‍යාල පහසුකම් දීලා,වරප්‍රසාද දීලා,මහජන ධනය යොදවා නඩත්තු කරන්නේ ඒ සඳහා යි. නමුත් එදා විපක්ෂ නායකයා රටේ වගකීම භාරගත්තේ නෑ.

ඔබ මතක තබාගන්න ආයෙත් මේ රට ආර්ථික කඩාවැටීමකට ලක්වුණොත් නැවත ගොඩගන්න වසර 5-10ක් යනවා. වසර 10කින් රට ආපස්සට යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ ? අපේ රටේ ව්‍යවසායකයන් ඉන්නේ 3%ක් වගේ ඉතාම සුළු ප්‍රතිශතයක්. ඔවුන් ඉන්ධන නැති නිසා, විදුලිය නැති නිසා කර්මාන්ත අත්හැර රටින් පිටවුණොත් රැකියා කොපමණ ප්‍රමාණයක් නැති වෙනවාද ? අදටත් උපාධිධාරීන් කීයක් ඉන්නවාද රැකියා නැතුව. එහෙම තත්ත්වයක් යළිත් රටේ මතුවුණොත් බරපතළ අර්බුදයකට ගමන් කරනවා.

ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ අපි එළැඹෙන නොවැම්බර් 14 වනදාට ඔබේ ජන්දය ඉල්ලා සිටින්නේ එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වැළැක්වීම සඳහා යි. අනුර දිසානායක ගේ වත්මන් පාලනය බිලියන 60කට අධික මුදලක් මේ දින කිහිපය තුළ ණයට ගෙන තිබෙනවා. තවත් රුපියල් බිලියන 100 ක පමණ මුදල් මුද්‍රණය කිරීමට අනුමැතිය අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඔවුන් යන්නෙත් පරණ වැරදි පාරේ බව පැහැදිලියි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here