නෙට්බෝල් ස්වාධින කරන්නට පෙර අවධානයෙන් මුදවා ගමු!

0
22


නෙට්බෝල් පරිපාලනයේ ඇති ගැටළු නිමා කර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සංගමයේ ඡන්ද හිමි නියෝජිතයින් කැඳවා ප්‍රකාශ කළ බව එම අමාත්‍යංශයේ මාධ්‍ය අංශය මඟින් ප්‍රකාශ කරයි.එය යහපත් ලක්ෂණයකි.එහෙත් සමහර කැන්වලදී නයාගේ පෙනය පෙන්විය යුතුය.නැත්නම් දර බඳින්න රැඟෙන යා හැකිය.ඔලිම්පික් ප්‍රශ්නය එබඳුය.නෙට්බෝල් ප්‍රශ්නය මෙතරම් දුර දිග යන්නට අමාත්‍යංශය පැත්තෙන් සිඳු වූ අතවරද හේතු විය.

නිලවරණය සම්බන්ධයෙන් පත් කළ නිලවරණ කමිටුවේ සිටම සිඳු වූ අපිළිවෙලවත් සහ අසමානකම් පිරුණු තැන් අප දුර තියා පෙන්වා දුන්නේය.ඒ අතර යාපනය නෙට්බෝල් සංගමයේ සංස්කෘතික අනන්‍යතාවය නොසළකා,ඔවුන්ගේ භාෂාව ප්‍රතික්ෂේප කිරීම මුලටම අප පෙන්වා දුන්නේය.ඒ මොහොතේ ඒවා කණකට නොගෙන සිටියද,දැඩි සමාජ සහ දේශපාලනික ගැටළුවක් බවට ලියලද්දී නිලවරණය නවතා දැමීමට එය ද හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.එය අප හඳුන්වා දුන් මොහොතේ තේරුම් ගත්තේනම් නිලවරණය පවත්වා නෙට්බෝල් මේ වන විට ක්‍රියාකාරීව තිබෙනවා විය යුතුය.

ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා විසින් නෙට්බෝල් පරිපාලනය විසුරුවා හැර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත් කළ විට ඔහු කළේ පහසුකම් සපයන්නිය ලෙස විසුරුවන ලද සම්මේලන සභාපතිම පත් කර ගැනීමය.ඉනික්බිති ආසියානු කුසලාන තරගාවලියේ ආසියානු සභාපතිණිය ඇයට හිමිවිය යුතු වරප්‍රසාද කොපමණ භුක්ති වින්දත් අප ප්‍රශ්න කරන්නේ නැත.එහෙත් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පරිපාලනය නැවතී තිබියදී ඇය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පෙනී සිටීම සදාචාර ලෙස පිළිගන්නට නොහැකිය.

මේ නෝනාවරු කොණ්ඩා පටලවා ගනිමින් ලෝකයේ ඉහළින්ම පවතින්න පුළුවන් ලංකාවේ ක්‍රීඩා අතරට ගත හැකි නෙට්බෝල ඉහළ යද්දී කවුරුන් හෝ ඒ කීර්තියේ එල්ලී ඉහළ යන්න දඟළා නෙට්බෝලය බිම දැමීම සාමාන්‍ය තත්ත්වයකි.2009 දී ශ්‍රී ලංකාවේ නෙට්බෝල් තිබුණේ ලොව 14 වන තැනය.එහෙත් එය පරිපාලනමය වශයෙන් ගත් තීරණ නිසා ක්‍රීඩාවට අවස්ථා වැසීයාමෙන් ඉනික්බිති පසු ආසියාවේ පරාජය වූවා පමණක් නොව 26 වැනි තැන දක්වා පහතට ද වැටිණ.එහෙත් යළිත් 2018 දී ශ්‍රී ලංකාව කෙසේ හෝ ආසියානු සූරියන් වන අතර ඉන් අනතුරුවද උදා වූයේ එහි උරුමය,අයිතිය බෙදා ගැනීමට සහ එයින් ලොකු කොටස ඩැහැ ගන්නට නිලධාරීන් දගලද්දී පෙරැලී වීසි වී යාමය.එම සූරතාවයට පසු යළිත් නැම්මක් පැමිණ ඒ දිගේ ඉහළට ගියත් නැවත් පෙර පරිදිම කීර්තයේ මල්වට්ටියට අත් ගැසීමට නෝනාලා කළ රණඩුවලින් ඉනික්බිති දැන් නෙට්බෝල් යළිත් ආසියාතික මට්ටමෙන් නොසළකා හරින ලද තරමට පහළ වැටී මේ වන විට සිටින්නේ 22 වන තැනය.2023 වසරේ සිටි 15 වන තැන සිට පියවර 7 ක් පසුපසට පැමිණ ඇත.
මේ තොරතුරු නිවැරදිද නැද්ද යන්න සළකා බැලීමට පහත සඳහන් දත්ත පරික්ෂා කිරීමට හැකියාව ඇත.
https://bit.ly/4gHAb2u
https://bit.ly/4gMCmBJ

දැන් නිවැරදි කර ගැනීම ඔවුන්ට භාර කිරීමේදී,එම පරිපාලනයෙන් පිටත අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව වරද්දා ගත් තැන් නිවැරදි කරගත යුුතුය.පත් කළ නිලවරණ කමිටුව සැළකිල්ල යොමු නොකරමින් ක්‍රියාත්මක වෙද්දී අප ඒ සම්බන්ධයෙන් පෙන්වා දුන්නෙමු.නිවැරදි නොවිණ.ඒ නිසා ඡන්ද බලය අහිමි කිරීම් සිඳු වූ සංගම්වලට (යාපනය ද ඇතිව) එසේ කිරීමට හේතු වහාම මැදිහත්ව විසඳා දිය යුතුය.සාධාරණද නැද්ද යන්න විමසා බලා අසාධාරණයක් වී ඇත්නම් එය නිවැරදි කර දීම වැදගත්ය.යම් කොටසකට පහසුවන සේ ඡන්ද වැටෙන්නට සංගම්වල ඡන්ද ප්‍රතික්ෂේපවීම් සිඳුව ඇද්ද නැද්ද යන්න විසදාලීමට අමාත්‍යවරයාට වගකියන කමිටුවක් පත් කිරීම වැදගත්ය.

එතැනට පැමිණ ස්වාධීනත්වය රැක ගැනීමට ඉඩදීමෙන් මෙපිට,කිසියම් සංගමයකට අසාධාරණ ලෙස ඡන්ද බලය අහිමි කිරීමක් සිඳුව ඇත්නම් එය නොසළකා හැරීම කණගාටුදායක තත්ත්වයකි.පත්වන නිලධාරී මණ්ඩලවලින් නිලවරණයට පෙර සිටම අමාත්‍යංශය දෙසට කට හරවා නවතා තබන ආධාර කැට නොවන්නට වැඩ සැළසුම් ද ගත හැකිනම් අගනේය.ශ්‍රී ලංකාව ඇතුළේම ක්‍රීඩා කර ආසියානු කුසලානයට සහ තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයකට මුහුණ දී ශ්‍රී ලංකාවට ඉදිරියට ඒම අපහසුය.තමන්ට ආසන්න වශයෙන් ඉදිරියෙන් සිටින ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ ගැටෙමින් තරග අත්දැකීම්වලින් තරග ජය ගන්නා හැටි ඉගෙන ගැනීමට අවස්ථාව සැළසිය යුතුය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here