නූතන සමාජය හා බැඳෙන බෞද්ධ ආකල්ප – Sri News

0
18


බුදු දහම වනාහි නිශ්ඵල දහමක් නොවේ. නොපෙනෙන බලවේගයක් ද නොවේ. එය මිනිසා කේන්ද්ර කරගත් මානව කේන්ද්රීය වූ ආගමකි.

කුමන ආගමක වුවද බලාපොරොත්තුව වනුයේ මුලු මහත් සමාජයට, පුද්ගලයාට යහපතක් සිදු කිරීමයි

නොමඟ යන මිනිසා සුමඟට ගැනීම අවිද්යාවෙන් තොර සිහි මුලාවූවන් නොමැති යහපත් , සමාජ වටපිටාවක් ඇති කර ගැනීම මනා ආකල්පයෙන් හැකියාව ලැබේ. බුදුදහම මානව කේන්ද්රීය ආගමකි. බුදු දහමේ සියලු ඉගැන්වීම් සාරවත් ඉගැන්වීම් ය. දහමේ සඳහන් බෞද්ධ ආකල්ප සමාජයට කෙතරම් වැදගත් වන්නේදැයි සොයා බැලීම ඉතා අගනා කාරණයකි.

 

බුදුදහම අකාලික වූ දහමකි. අතීතයට, වර්තමානයට , මෙන්ම හෙට අනාගතයට ද එහි වැදගත්කම අසීමිතය. මිනිසා යනු හේතුඵල දහමේ ප්රතිඵලයක් බව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්රයේදී වදාළ සේක. කෙසේ වුවද මිනිසා වැඩෙන සත්වයෙකි. පුද්ගල රාශියක එකතුව සමාජයක් ලෙස අර්ත දක්වන කල්හි ,සමාජයක් යහපත්ව අඛණ්ඩව ගලා යෑමට නම් යුතුකම්, වගකීම්වලට මුල් තැනක් දිය යුතුය. සමාජයේ ශක්තිමත් අරටුව යුතුකම් බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්රයේදී සිඟාල ගෘහපතියාට පෙන්වා දුන් සේක.

 

වර්තමාන සමාජය තුළ යුතුකම් පිළිබඳ එතරම් උනන්දුවක් නැතත් වගකීම් පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කරති. මවුපියන් දරුවන්ට, දරුවන් මවුපියන්ට , ශිෂ්යයන් ගුරුවරුන්ට , ගුරුවරුන් ශිෂ්යයන්ට, පුද්ගලයා සමාජයට , සමාජය පුද්ගලයාට ආදි ලෙසින් යුතුකම් ඉටුකළ යුතු යැයි පෙළ දහමේ දක්වයි. චාරිත්ර නොකරන කිසිදු සමාජයක් සාරධර්ම අතින් යහපත් ලෙස ගොඩ නැංවිය නොහැකිය. ජීවිතාවබෝධය මත පිහිටා මිනිසා ක්රියා කරන්නේ නම් සමාජය යහපත් කර ගැනීමට හැකිය. යුතුකම්, සමාජයට උපයෝගී වනුයේ සමාජගත මිනිසාට අනෙකා සමගින් සුහදව ජීවත් වීමටය

තෙවරක් සම්බුදු පා පහස ලද, මහින්දාගමනයෙන් ශිෂ්ට සම්පන්න වූ රටක් තුළ පියා, පුතා මරමින්, පුතා පියාට දස වද දෙමින්, ශිෂ්යයන් ගුරුවරුන් අතර අඛන්ඩ හිරිහැර පවත්වමින්, ගුරුවරුන් ශිෂ්යයන් නොමඟ යවමින්, පුතාට අම්මා, තම සහෝදරිය නොපෙනෙමින් අකටයුතුකම් කරමින් පවිටු පටු අදහස් රජ කරන සමාජයක් බිහිවනුයේ යුතුකම පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා නොවේද ?..

 

කළගුණ සැලකීම ද මිනිසා නොදන්නා සේය. කළ උපකාරය වෙනුවෙන් පෙරළා උපකාර කිරීම බුදුන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. වචනයකින් හෝ යම් උපකාරයක් යමෙක් කළේ නම්, ඒ සැමට කළ ගුණ සැලකිය යුතුය. ආදර්ශමත් සමාජයක සිත් නිවාලන මනු දහම කළගුණ සැලකීමයි. යුතුකම් ඉටුකිරීමයි. පුද්ගලයාගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් සියල්ල මනාව ඉටුකරයි නම් නිරන්තර සමාජයෙන් ද යුතුකම් ඉටුකිරීමට පෙළඹෙනු ඇත. මිනිසා සමාජය පිළිබඳ අවබෝධයෙන් යුතුව ජීවත් වන්නේ නම් කලකෝලාහල දඹර කර ගැනීම්, අයිතිවාසිකම් උදාකරගැනීමට පෙළඹීම් අඩුවෙනු ඇත.

මිනිසා සුහද සිතින් ජීවත් වීමට උත්සුක වෙයි. ‘සමග්ගා හොථ මා විවදථ’ සමගි වවු. විවාද නොකරවු. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ එකමුතු කමේ, සහජීවනයේ වටිනාකම පෙන්වා දෙමිනි.

අසමඟිය තුළින් කිසිවක් ජය ගත නොහැකි බවද, සමඟියෙන් එකමුතුකමින් රාජ්යයක් වුවද අත්පත් කර ගත හැකි බවද බුදුන් වහන්සේ වදාළහ.

 

මානව ඉතිහාසයේ ප්රථම වරට බිහිවූ ශ්රේෂ්ඨතම ශීල ප්රතිපදාව පංචශීල ප්රතිපදාවයි. එහි ඇති වටිනාකම අසීමිතය. දඬුවමට, මරණයට බිය නොවන කිසිවෙක් මිහිපිට නොමැත. ගිහියාගේ නිත්යශීලය ලෙස පංචශීල ප්රතිපදාව බෞද්ධ, අබෞද්ධ සියලු දෙනාට රැකිය හැකි ප්රතිපදාවකි. පන්සිල් සුරැකීමේ ආනිසංස අජාසත් රජුට සාමඤ්ඤඵල සූත්රයේදී දේශනා කළහ. මිනිසා සමාජය සමග ජීවත් වීමේදී නොකළ යුතු කරුණු 5 ක් ලෙස මෙය දක්වා ඇත. අනුනට දඬුවම් කිරීම, හිංසාකිරීම, පරපණ නැසීම මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමෙකි. ලොව උපන් කිසිඳු සත්ව කොට්ඨාසයක් තවෙකෙකුගේ ගොදුරක් නොවේ.

සියල්ලටම ප්රධාන වනුයේ සිත බව ධම්ම පදයේ පළමු ගාථාව උගන්වයි. මිනිසා කරනු ලබන සියල්ල ක්රියා වන අතර ක්රියාවන් කිරීමේදී සිත යහපත් විය යුතුය.

චුල්ලකම්ම විභංග සූත්රයේදි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි මම චේතනාව කර්මය ලෙස හඳුන්වමි.

 

යමෙක් පිරිසුදු සිතින් යමක් කියයි ද කරයිද එයම ඔහුගේ සැප පිණිස පවතී. වර්තමාන මිනිසා රාගයෙන් අන්ධ වී , ද්වේශයෙන් රත්ව මෝහයෙන් මුලාවී සියල්ල මමය මාගේය යැයි තෘෂ්ණාවෙන් වෙළාගනිමින් සිටින්නෙකි.

දෑස් පෙනුන ද අන්ධයන්සේ සිහිවිකල් වූවන්සේ දුවන්නන් වාලේ දුවති. මිනිසා එසේ වන විට ඔහුගේ පරිහානිය ද අතළඟය. බුදු දහම බුද්ධි ගෝචර දහමක් වූ හෙයින් බෞද්ධ සමාජ ආකල්ප මොනවාදැයි මිනිසා අවබෝධ කර ගනු ලබන්නේ නම් යහපත් පුරවැසියෙක් බිහිකර ගත හැකිය.

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here