නිසරු බව සරු කරමු – Sri News

0
3


දුක්ඛ කියන්නේ මේ කටුක වේදනාව විතරක්ම නෙමෙයි පවත්වන්න උත්සාහ කළත් සංස්කාර ධර්මයන් හේතුවකින් හට ගෙන අහෝසි වෙලා යනවා එහෙමනිරුද්ධ උනහම අන්තිමටම ඉතිරි වෙන්න කිසිම දෙයක් නැහැ අන්න ඒ හිස් බව ඒ අසාර බව තමයි දුක්ඛ ලක්ෂණය කියන්නේ ලක්ෂණය ආකාර තුනක් තියෙනවා

 

දුක්ඛ දුක්ඛ

විපරිනාම දුක්ඛ

සංඛාර දුක්ඛ

 

අපි බොහෝ වෙලාවට කතා කරන්නේ දුක්ඛ දුක්ඛය ගැන විතරයි කටුක බව. කටුක බව ප්රධාන දුක්ඛ ලක්ෂණයයි.වෙනස් වීමත් දුකක් ඒ වගේම සංඛාර දුක්ඛ කියන්නේ ඇතිවෙලා නැතිවෙලා ගියහම අන්තිමටම කිසිවක් ම ඉතිරි නොවන බවයි

ඒක සංස්කාරයන්ගේ මූලික ලක්ෂණයක් එසේනම් මේ එකම දේ ක වත් මෙපමණ ප්රතික්ෂේප කරන්නවත් ලංකරගන්න වත් හිත හිතා ඉන්න යමක් තියෙනවද කොපමණ හිතුවත් ඇති පලක් නෑ කියන එක අපි නුවනින් දකින්නට පුරුදු වෙන්න ඕන මේක දකින එක ලේසි නැහැ මේක දකින්නට ඕන නම් මේ විදිහෙන් පුහුණු විය යුතුයි ඒක ඉතාම සාර්ථක ක්රමයක් සහ අමාරුවෙන් හෝ පුරුදු පුහුණු විය යුතු ක්රමයක්.

 

තමන්ගේ ජීවිතේ මෙතෙක් ආ ගමන් මගේ තමන් ඇලුණු ගැටුණු තැන් බොහෝයි පුංචි කාලේ ඉඳලා මේ දක්වා ආවර්ජනය කරල බැලුවොත් පුංචිම කාලේ සරුංගලයක් හදාගෙන බෝලයක් අරගෙන ඉන්නකොට මේ සරුංගලය කවුරුහරි කැඩුවොත්, බෝලෙ කවුරුහරි නැති කළොත්, අඩනවා දොඩනවා ගහගෙන ගන්නවා .

 

දැන් ඒ ගැන මට මොකද හිතෙන්නේ කියලා හිතලා බලන්න මොකක්ද හිතෙන්නේ ඒකේ ඇති දෙයක් නෑ කියලා තේරෙනවා නේද? ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට අපි පාසල් යන කාලේ පොතක් පැන්සලක් මකන කෑල්ලක් නිසා අපි කොච්චර රණ්ඩු වෙනවද ඇයි ඒ ආසාව නිසා අපි ගැටෙනවා

ඇත්තටම මොනවාද ඒ ගැන දැන් හිතෙන්නේ හොඳට මෙනෙහි කරලා බැලුවොත් සිද්ධියක් අරගෙන එතැනදි කොහොමද හැසිරුනේ එතැනදි මොනවද අපි කතා කළේ බහින්බස් වුණේ ටිකක් හිතල බැලුවොත් අපට තේරෙනවා එදා මොනතරම් ලාමක විදිහටද

හැසිරුණේ කියලා

 

ඊට පස්සේ තව ටිකක් ලොකු මහත් උනහම මෙහෙම වසරින් වසර හැකි අවස්ථා හෝ හිතලා බැලුවොත් අන්තිමට මට තේරෙනවා කොපමණ ලාමක දේවල් ද අපි අතින් සිද්ධ වෙලා තියෙන්නෙ කියලා ඊට පස්සේ වර්තමානයට ආවහම කොපමණ දේවල් වලට ඇලුම් කරනවා ද ඒවා නිසා කොපමණ ගැටෙනවා ද එහෙනම් තව අවුරුදු කීපයකින් මේවා ගැන මට මොනව හිතයිද අන්න එහෙම සංසන්දනය කරලා බලන්න.

 

මෙහෙම දකින කොට තමන්ට තේරෙනවා සබ්බේ සංඛාරා දුක්කා මේවයෙ කිසිම ගත යුත්තක් නැහැ කියා. ඒ වෙලාවට දඟලලා වෙහෙසිලා විතරයි තියෙන්නේ එයින් නික්ම ගියාට පස්සේ ඒවායින් ඉතිරි වන කිසිවක් නැහැ

එහෙනම් එහෙම දේකට ද මම මේ දඟලන්නේ එහෙම දෙයක් එක්ක ද මම මේ නැවත නැවත සිහි කර කර ගැටෙන්නෙ එහෙම දෙයක් ද මම මේ පවත්වන්න හදන්නෙ කියලා නුවණින් හරියට දකිනවා නම් එතනින් එහාට ඒ පාප ධර්මය මනසේ රැඳෙන්නේ නෑ

ජීවිතය පැවැත්වීමට අවශ්ය වන මූලික අවශ්යතා අපිට තියෙනවා ආහාරපාන ධනය ගේදොර ඉඩකඩම් යාන වාහන අඹුදරු ආදිය ඒවා ඉවත දැමිය යුතුයි කියලා නෙමෙයි මේ කියන්නෙ ඒවා නිසා මනස විනාශ කර ගැනීම පලක් නැති බවයි නිශ්චිත වශයෙන් ම දැකිය යුත්තේ….

මේ ගැන මඳකට සිතන්න ඔබට ආරාධනා….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here