නිවැරදිව පන්දුව පළුදු කරන්නේ මෙහෙමයි – How to tamper the ball correctly -Sri News

0
8

මේකට අමුතුවෙන් ඉන්ට්‍රො දෙන්න ඕන නැහැනෙ. පන්දුව පළුදු කරන්න ඕනකමක් තියෙනවානං අර ඔස්ට්‍රේලියාවෙ උන් කරා වගේ බෝලෙට කඩදහි උලලා එවුව යට ඇඳුන්වල හංගගෙන වැඩක් නැහැ. හතරවටේ කැමරා පිරිච්ච කාලෙක, උඩින් යටින් යන ස්පයිඩර් කැම්, ස්ටම්ප් මයික්, ස්ටම්ප් කැමරා, හීට් සෙන්සර්, නොයිස් ට්‍රැකර් මදිවට සමහර වෙලාවට දැන් අම්පයර්ගෙ ඔලුවෙත් කැමරා වගේ දාහක් දේවල් තියෙන කාලෙක මේ වගේ අහුවෙන්න හොර වැඩ කරන එක ඔස්ට්‍රේලියන් කාරයොන්ගෙ අමුම ගොන් කමක්. දැන්වත් තේරෙනවද ඕකුන්ගෙ රටට බෝට්ටුවෙන්වත් ගිහින් වැඩක් නෑ කියල.

 

රෙද්ද කියල කිවුවෙ කේන්ති ගිහින් නෙමෙයි. මේ කිවුවෙ අපි ඇඳුම් මහන රෙද්ද ගැන. අපේ උන්දලගෙ ෂර්ට් එක ටිකක් දුහුල් රෙද්දකිනුත් කලිසම ටිකක් ඝනකම රෙද්දකිනුත්නෙ මහන්නෙ. ඔය ඔක්කොම එකම ටෝන් එක වුනාට රෙද්ද වෙනස්නෙ. අන්න ඒකෙ වාසිය ගන්න. නියම රෆ් පැච් එකක් හිටින්න කලවා පෙදෙස් ආවරණය වෙන විදියට බොටම් එක මැහුවානං අපේ අයට වැඩි මහන්සියක් නැතුවම බෝලෙ හම යවාගන්න තිබුනා. ආයෙ ඉතිං පැත්තක් ලෙලි ගහලා පැත්තක් කිරිටොයියා කරලා රිවර්ස්විං කරන්න තිබ්බ වකාර් වසීම්ටත් බය හිතෙන්න.

 

සීනි බනිසක උඩ ඇලිලා තියෙන සීනි පොදිය කන්න අපේ තිබුනෙ පුදුම පෙරේතකමක්නෙ. ඔය සීනි කෑල්ල ගලවං සාක්කුවෙ දාන් ආවනං හරි. තේ බොන වෙලාවට කහට එකක් ඉල්ලලා අල්ලට සීනි සිඟා සරසවි පායේ, වගේ ෂේප් එකේ සාක්කුවෙ දාගන්න තිබ්බ කැමරා එහෙම නැති තැනකදි. ටී එකෙන් පස්සෙ ග්‍රවුන්ඩ් එකට ඇවිත් දෙපාර ඇතිල්ලුවම සුපිරියට බෝලෙ පළුදු කරන්න පුළුවන්නෙ. අනික මොකෝ සීනිවලට ග්‍රවුන්ඩ් එකේ කූඹි ඇදෙනව කියලයැ. කෙලිම්ම බෝලෙ එකපාරක් බම්ප් වෙද්දි සීනි ටික හැලිල ඉවරයි.

 

මැච් ගහන උන්ට වැලි කඩදහි ගේන්න තහනං වුනාට, මැච් බලන්න එන උන්ට වැලි කඩදහි ගේන්න තහනමක් නැහැනෙ. ඒහින්දා හොඳටම හයේව ගහන පැත්තකට අපේ සෙට් දෙකක් දැම්මනං ඇති. උන් ගාණට පුටු යට බෝලෙ හොයන අස්සෙ බෝලෙ හොඳට හූරලා එවයි. අනික ප්‍රේක්ෂක ප්‍රජාව අස්සෙ අපේ උන් එක ළඟ ඉන්න හින්දා දැක්කත් කියන එකක් නැහැනෙ. ඒ වගේම විශ්වාසවන්ත නියෝජිතයෝ ටිකක් හොයාගන්න. ඩ්‍රින්ක් එක දාන ටේබල්වල ඔය වගේ දේවල් දිගාරින්නෙ නැති.

 

මැද ඇඟිල්ලෙ උඩම සුපර් ග්ලූ බින්දුවක් තියලා ඒක අල්ල මැදට තියල ටික වෙලාවකින් ගලවන්න ඉස්සර ට්‍රයි කරල තියෙනවද? ඒක ගලවන්න අමාරුයි වගේම ගැලෙවුවට පස්සෙත් කරගැටයක් වගේ ඝනකම හීරුමක් හමේ ඇතිවෙනවා. කවුද හොයන්නෙ ඉතිං අල්ල ඝනකමද කියලා. ඇහුවොත් කියතෑකිනෙ අත්වැඩ කරපු නිසා කියල. අන්න එහෙම හරිහමං අල්ලවල් දෙකක් ඇති එක ටීම් එකකට. දෙන්න පුළුවන් බෝල් ටැම්පරිං රිදෙන්න. හැබැයි පුතෝ වම් අතේ ගාගන්න එකක් ගාගන්න. නැත්තං හොඳට රිවර්ස්විං වෙලා මැච් එක දිනුවට පස්සෙ අම්පයර්ට අතට අත දෙද්දි පොර අඬයි අත කැපුනා කියලා.

 

දැන් ඔය ඔස්ට්‍රේලියන් බෝයිස්ලට වුනත් මේ ගැන හිතන්න තිබුනා. ඇයි යකෝ ටෙස්ට් මැච් එකකදි වැඩිපුරම බෝලෙ එන්නෙ කාටද? විකට් කීපර්ටනෙ. ඉතිං විකට් කීපර්ගෙ ග්ලවු එකේ පාටට පොඩි වැලිකඩදහි කෑල්ලක් අලෝලා ලීවු කරන්නම හිතෙන අවුට් ස්වින්ග් බෝල ටිකක් හරි ඇද ගහපු බවුන්සර් ටිකක් දාලා, කීපර් මල්ලි හය පාරක් බෝලෙ අතුල්ලලා එවුවනං ඇතිනෙ. එක සෙෂන් එකකින් පස්සෙ ඒ පාටම ඔරිජිනල් ග්ලවුස් දෙකක් දාගෙන එන්නයි තියෙන්නෙ.

 

කට්ටියට බොන්න ගේන වතුර අස්සෙ ඝනත්වය වැඩි ද්‍රවයක් (රසදිය වැනි) යටට දාගන්න. ඊටපස්සෙ ඒ වතුර වලින් මූණ හෝදන්න කියල ප්ලේයර් කෙනෙකුට දෙන්න. ඊටපස්සෙ යට තියෙන ලේයරේ ද්‍රවය බෝලෙට හැලෙන විදියට අල්ලන්න. දැන් අපි උදාහරණෙකට රසදිය ගැන කිවුවට රසදිය දැම්මට බෝලෙට කිසි දෙයක් නොවෙනවා වෙන්න පුළුවන්. එනිසා ඒවා රටක් ජාතියක් විදියට ටෙස්ට් කරලා හොයාගන්න. ඒකට අපිට කියන්න බෑ. අනික දැන් වෝටර් බෝයි එනකොට අම්පයර් බෝලෙ ඉල්ලනවනෙ. එනිසා ඒකට අහු නොවෙන්නත් කට්ටිය ඩ්‍රින්ක්ස් බ්‍රේක් එකෙත් පොඩි ෆීල්ඩිං සෙෂන් එකක් වගේ නොතේරෙන්න පාසස් ටිකක් යන්න. මූණට අහිතක් නැති, ලෙදර් එක ඩිස්ටිඩිඩිං වෙලා යන ලික්විඩ් එකකුත් හොයාගන්න. නැත්තං මිනිස්සු බලයි ස්ටුවට් බ්‍රෝඩ් කොහොමද එකපාරට කගීසෝ රබාඩා වුනේ කියල.

 

දැන් ඔය හතරක් හඹාගෙන යන වෙලාවක මිස් ෆීල්ඩ් එකක් කරන්න. මිස් කරපු බෝලෙ පස්සෙන් දුවලා ගිහින් වැටිලා බෝලෙ ගන්න ගමන් අදාළ පැත්තම හිටින්න බෝලෙ හොඳට බිම අතුල්ලලා හූරන්න. ඕනනං කලින් පාරක් වැටිලා තණකොල අයින් වෙච්ච පස් පිරිච්ච ප්ලේස් එකක් හදාගන්නත් පුළුවන්නෙ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here