Home ගොසිප් පුවත් නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

0
10

minuwangoda-incident

මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් ඇතැයි අද උදෑසන වාර්තා විය.
අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම නිවසට ඇතුළු වී ඇති බව පැවසෙන අතර එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි

පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඇති බව කියැවේ.
බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේ දීම මිය ගොස් තිබෙන අතර  ඒ සමග මියගිය අය එතැනම දමා කොල්ලයද අතහැර
සෙසු කොල්ලකරුවන් දෙදෙනා පළා ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි. මියගිය අය කවුරුන්ද යන්න සහ පැමිණි අනෙක් අය කවුරුන්ද යන්න ගැන සෙවීමට පොලිසිය විමර්ශන අරඹා ඇත.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here