නිවන් මග වැඩි ඈතක නොවේ… – Sri News

0
4


කරපු කරුමෙක මහත! කොපමන ඕනෑකම තිබුනත් ජීවත් වෙන්න සුදුසු ගෙපැලක් හදාගන්න බැරි වුනානේ! යනුවෙන් සමහරු කියති. අනේ කරුමෙක මහත! හුස්ම ගන්නත් බැරි තරමට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා! යැයි තවකෙක් මැසිවිලි කියති. විභාගයට වාඩි වුණාට සමත් වෙන්න බැරි වුණා මගේ කරුමේ! තමයි ඒක යනුවෙන් සමහරු කතා කරති. මේ අන්දමට සමාජයේ ජීවත් වන බොහෝ අය තමාට මුහුණ පාන්නට සිදුවන සෑම දෙයක්ම කර්මයට භාර කිරීමට පුරුදු වී සිටිති.

සත්ත්වයාගේ ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව බුදුදහම පෙන්වා දෙනවා එනම් …

*කම්මපලුපජීවී

*උට්ඨාන පලුප ජීවි

*කම්මුට්ඨානපලුප ජීවී

*නෙව කම්ම නෙව
උට්ඨාන පලුප ජීවී

වැඩි උත්සාහයක් නො ගෙන සමහරු ධනය ඇතුළු සැප සම්පත් ලබා ගනිති. මව් පිය පරපුරෙන් කිසිදු දායාදයක් නොලැබුණු සමහර අය කෙටි කාලයක් තුළ අන් අය අභිබවා ගොස් සැප සම්පත් විඳිති. පෙර කරන ලද කර්ම වල බලපෑම මේ සඳහා හේතු වන්නට ඇති බව සිතීම ඉතා සාධාරණයි. කම්මපලුපජීවී යනුවෙන් දැක්වූයේ එයයි .

කුඩා පැලයක් පොහොර හා ජලය මුසු කරමින් මහත් උත්සාහයෙන් රැකබලාගෙන කලකට පසු ඵල නෙළා ගන්නා බව පැහැදිලියි. ඒ අන්දමට සුළු කුසලකර්මයක් උපයෝගී කොට ගෙන ක්‍රමවත් වූ දැඩි උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සැප සම්පත් ලබා ගැනීම උට්ඨාන පලුපජීවී යනුවෙන් දැක්වෙයි .

ඉහත සඳහන් කර්ම ශක්තියත් උත්සාහයක් යන කරුණු දෙකම නිසා සැප සම්පත් ලබා ගැනීම කම්මුට්ටාන පලුප ජීවී නමින් හැඳින්වෙයි .

හතර වෙනුවට දැක්වූ නෙව කම්ම නෙව උට්ඨාන පලුප ජීවි යන්නෙන් දැක්වෙන්නේ කර්ම ශක්තියක් හෝ උද්යෝගයක් නොමැතිව දුකසේ ජීවත් වීමයි. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ රථයක් ගමන් කිරීමට රෝද දෙකක් අවශ්‍ය වන්නා සේ අපේ ජීවිත සැපවත් ව සාර්ථකව ඉදිරියට මෙහෙයුම සඳහා කර්මයත් සමඟ උත්සාහය අවශ්‍ය වන බවයි .

සසර ගමන් කරන්නා වූ සෑම දෙනාම කුසල් හෝ අකුසල් සිදු කරමින් සැරිසරන බව පැහැදිලිය. එහිදී යම් කෙනෙකු විසින් කරන ලද අකුසල කර්මයන්හි විපාක සම්පූර්ණයෙන් ඔහු විසින් ගෙවා අවසන් කළ යුතු යැයි සමහරු තර්ක කරති. එය සම්පූර්ණ සත්‍යයක් නොවේ. එපමනක් නොව සදාකාලික සැපත වූ නිවන් සුව සාදාගැනීම සඳහා සියලු කර්ම ගෙවා අවසන් කළ යුතුයි ද තවත් අය සිතති. එහෙත් ඒ අදහස ද සත්‍ය නොවේ. සමහර විට නිවන් අවබෝධ කරගැනීමට තරම් උසස් ශක්තියක් යම් කෙනෙකුට තිබුණහොත් එය මතුව අවුත් නිවන් අවබෝධ කර දෙයි. ඔහු විසින් කරන ලද අකුසල කර්ම විපාක දීමට අවස්ථාවක් නොමැති වීම නිසා ඒවා අහෝසි කර්ම බවට පත්වේ. විශාල ගණනක් ජීවිත තුරන් කළ අංගුලිමාල පෙර කරන ලද කුසල බලයෙන් නිවන් අවබෝධ කිරීම නිසා සිදු කළ අකුසල කර්මවල විපාක විඳීමට අවස්ථාවක් නොමැති වීම මෙයට හොඳ නිදසුනකි.

සත්ත්වයාට බලපාන විවිධ සිදුවීම් පිළිබඳව ප්‍රාග් බෞද්ධ යුගයේ පැවති විශ්වාස තුනක් පිළිබඳව සඳහන් වේ.ත්ත්වයාට බලපාන සැපදුක් ආදී සෑම දෙයක්ම පෙර කරන ලද කර්මය අනුව සිදු වේ යැයි සැලකීම පළමුවන විශ්වාසයයි.

ලෝකය නිර්මාණය කර දෙවියන්ගේ කැමැත්ත අනුව සත්වයන්ට සැප දුක ආදිය ලැබෙන බව දෙවන මතයයි.

තෙවන මතය නම් වෙනත් කවර හෝ බලපෑමකින් තොරව කිසිදු හේතුවක් නැතිව සත්ත්වයාට සැප හෝ දුක ලැබෙන බවයි.

බුදු දහම මගින් සහේතුකව ප්‍රතික්ෂේප කොට ඇති අභිධම්ම අත්ථසාලිනී නම් අටුවා ග්‍රන්ථය ලෝකයේ සිදුවන සියලු දේ වලට හේතු ප්‍රධාන න්‍යාය පහකට ඇතුළත් කොට පෙන්වා දී ඇත.

පංච නියාම ධර්ම යනුවෙන් සඳහන් කොට ඇති ඒවා පිළිබඳව අවබෝධ කොට ගත් කල්හි සියල්ල සිදුවීමට කර්මය හේතුවන බවට ඉදිරිපත් කරන තර්කයන් හී සාවද්‍යතාව වැටහෙනු ඇත.

හේමන්ත ගිම්හාන වස්සාන වශයෙන් නම්කොට ඇති සෘතු වල දේශගුණික වෙනස්කම් පැහැදිලිව දක්නට ඇත. එංගලන්තය ඇමෙරිකාව ආදී රටවල සාප්පු වල ඇඳුම්පැළඳුම් ආදියද ඒ සෘතු අනුව වෙනස් කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඒ තරමට ජන ජීවිතයට සෘතු වල සමාජ බලපෑම පැහැදිලිව ඇතිවෙයි. මෙසේ වන්නේ යම් කර්මයක බලපෑමක් නොව පංච නියාම ධර්මයන් ගෙන් එකක් වූ උතු නියාමය නිසා බව ධර්මය විසින්ම පෙන්වා දී ඇත.

බීජ නියාමය යනුවෙන් දැක්වෙන්නේ එක් බීජයන්ගෙන් හටගන්නා ගස් වැල් ආදියෙහි දක්නට ලැබෙන වෙනස් වූ ස්වභාවයයි. සමහර බීජ මලින් හට ගත්ත ද සමහර ඒවා කඳේ කෑල්ලකින් නොවේ නම් දළු ආදියෙන් හටගනී. සූරියකාන්ත ගසක හටගන්නා මල හිරු දෙසට හැරෙමින් පවතී.

නිදිකුම්බා ගසේ යමක් ස්පර්ශ වූ විට වහා හැකි ලේ. රුක්ෂලතා ආදියෙහි දක්නට ලැබෙන මෙම විෂමතාවන්ට කර්මයෙහි කිසිදු බාධාවක් නැත. රාත්‍රී මුළුල්ලේ පැවැති අඳුර හිරු උදාවත් සමඟම පහව යන අතර අහසින් වැටෙන ජලය නිරන්තරයෙන් පහළට ගලා යයි. බුද්ධත්වයට පත්වන බෝසතුන් මෙලොව උපත ලබා ලබන විවිධ ආශ්චර්යය දේ සිදුවෙයි. බෝ සත් උතුමා මවු කුසින් බිහි වූ විගස දෙපයින් ඇවිද ධර්ම නියාම වශයෙන් දක්වා ඇති එවැනි සිදුවීම් වලට හේතුව කර්මය නොවේ.

අපේ සිත පුදුම ආකාර පැවැත්ම කින් යුක්තයි. උත්පාද ඨිති භංග යන අවස්ථා තුනෙන් පැහැදිලි කොට ඇති අන්දමට විවිධ සිතිවිලි සිතේ හට ගෙන සුළු වේලාවක් පැවතීමෙන් අනතුරුව ක්ෂණයකින් විනාශ වීම ලක්ෂණ කොට පවතී.

සමහර විට සිතට ආ බොහෝ අරමුණු නොදැනීම අමතක වී යයි. සමහර අයට වර්තමානයේ සිදුවීම් ඉතා ඉක්මනින් අමතක වී යතත් බොහෝ කලකට පෙර වූ සිදුවීම් අද මෙන් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇත. පුදුමය වෙන මේ සියල්ල චිත්ත නියාමයේ ලක්ෂණ වෙයි.

ඉහත සඳහන් නියාම ධර්මයන්ට අයත් නොවන සිදුවීම් කර්ම නියාමයට අයත් වෙයි. යම් කෙනෙකුට සැප හෝ දුක ඇති වීමේ දී බලපා ඇත්තේ කර්මය දැයි දැන ගැනීමට මාර්ග ඇත. උදාහරණයක් වශයෙන් කෙනෙකුට උදරාබාධයක් හට ගෙන ඇතැයි සිතමු. ඔහුට සෑදී ඇති අසනීප ,පරීක්ෂණ මාර්ගයෙන් සොයාගෙන ඇතත් එකී අසනීපය සුව කිරීමට ඉතා දක්ෂ වෛද්‍යවරයා හමු වී එය සුව වීමට අදාළ බෙහෙත් නියම කොට පාවිච්චි කලත් ,සමහරුන්ගේ අසනීප සුව නොවෙයි.

එසේ වීමට හේතුව කර්මයෙහි බලපෑම විය හැකිය .කම්ම නියාම යනුවෙන් හැඳින්වෙන්නේ සත්ත්වයාගේ ජීවිතයට බලපාන මේ අන්දමින් සුබ අසුබයි. වර්තමාන සමාජයේ ජීවත්වන සමහර අය කුරා කුහුඹුවෙකුට වත් කරදරයක් නොවන අන්දමට ධාර්මිකව ජීවත් වෙමින් අපමණ පින් දහම් වල යෙදෙමින් ජීවත් වෙති ජීවත්වෙති. එවැනි අයට සමහර කවර ක්‍රමයකින් හෝ සැනසීමක් ලැබිය නොහැකි අන්දමට ලෙඩදුක් ආදියෙන් පෙළෙන විට සිදුවන අවස්ථා දක්නට ලැබෙයි.

විවිධඅපරාධ හා අකටයුතුකම් කරමින් මුළු සමාජයටම ද්‍රෝහි ව කටයුතු කරන බොහෝ අයට කලින් සඳහන් කළ ධාර්මික අයට මෙන් ලෙඩ දුක් ආදී කිසිදු හිරිහැරයක් බලපෑමකින් තොරව සැපවත්ව ප්‍රීතිදායක ජීවිතයක් ගෙවන බවත් පෙනේ. සමාජයේ පවතින මේ අංශ දෙක පිළිබඳ විමසිලිමත්ව බලන කෙනෙකුට කුසල් හෙවත් යහපත් දේ කිරීමෙන් වැඩක් තිබේද ප්‍රතිඵල ලැබේද යනුවෙන් විවිධ සිතිවිලි ඇති විය හැකියි.

දම්මපදයේ බාලවග්ගය සඳහන් වන ගාථාවක් අවධානය යොමු කළොත්… උපදේශය ඉතා වැදගත් .කෙනෙකුට ඕනකම තිබුණත් ගවදෙනෙකගේ ඳෙවූ ගමන් කිරි නොමිදෙයි. නියමිත වෙලාවට ඉකුත් වීමෙන් මිදෙයි.

මේ අන්දමට අප විසින් හොඳ හෝ නරක කර්ම කළ සැණින් බොහෝ දුරට විපාක නො ලැබෙයි. ලෝවැඩ සඟරාවෙහි

ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙලියේ

ආදී වශයෙන් සඳහන් කර ඇති අන්දමටවැරදි වැඩ කරන තැනැත්තාට ඒ අවස්ථාවෙහි ඒවායේ විපාක ලැබෙන්නේ යැයි සැනසිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ ඇතුළු සෑම කෙනෙකුටම තමා කරන වැරැදි ක්‍රියාවන්ගෙන් තමන්ටම අපමණ හිරිහැරයන්ට සසර කොතනකදී මුහුණ පාන්නට සිදුවන බව සිතිය යුතුයි.

දුක් විපාක ගෙන දෙන අකුසල කර්ම බලවේග පැවැත්වීමට ඇති තවත් මාර්ගයක් කාය වාග් සංවරය හෙවත් සීලයෙන් යුක්ත ව කටයුතු කිරීම. යම් කෙනෙකු සතුන් මැරීම හොරකම් කිරීම ආදී දුරාචාරයන් හි යෙදුන හොත් ඒවා දිට්ඨධම්මවේදනීය වශයෙන් මෙලොව විපාක ලබාදීමට වුවත් හේතු විය හැකිය. ඒවායින් මිදීමට දෙඅත් දෙපා උපයෝගි කොටගෙන යහපත් දේ කිරීමත් කටින් සිදු කරන බොරු කීම රළු වචන කීම ආදියෙන් ඉවත්ව මෘදු යහපත් වචන ප්‍රකාශ කිරීමත් හේතුවෙයි.

එපමනක් නොව චිත්ත දමනය සමඟ චිත්ත වර්ධනයත් හොඳ නරක තේරුම් ගෙන සියලු ආකාරයෙන් සැප උදා කරන යහපත් ක්‍රියාවන්හි නිරත වීමත් තුළින් සදාකාලික සැප ළඟා කර ගත හැකි වන්නේ ය..

මේ සත්‍යය සත්‍ය වශයෙන් දැකීමටත් ඔබගේ ජීවිතය යහපත් මාර්ගයක් කරා ගමන් කරවීමට අවශ්‍ය ආශීර්වාද ශක්තිය අප නිරන්තරයෙන් ඔබ වෙත ප්‍රාර්ථනා කර සිටිමු…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here