නිවන් මගට දොර ඇරෙන්නේ මෙහෙමයි … – Sri News

0
6


අප තිසරණයට පැමිණිය යුත්තේ ඇයි..?

එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් ඇසුවා ..ස්වාමීනි කෙනෙක් කොහොමද උපාසකයෙක් වෙන්නෙ කියලා ..උන්වහන්සේ පෙන්වාදුන්නා යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මය සරණ ගියා නම්, ආර්ය මඟ සංඝරත්නය සරණ ගියා නම්, එපමණකින් ම ඔහු උපාසකයෙක් බව.

මුල්ම කාලයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක පිරිස වූ හැට නමක් පමණ භික්ෂූන් වහන්සේ ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාවේ පිටත් කළා. මහණෙනි ඔබලා චාරිකාවේ වඩින විට දෙනමක් එක මඟ වඩින්න එපා .ඔබ වැඩම කරලා මුල මැද අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ පැහැදිලි ප්‍රකාශ වලින් යුක්ත පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිවන් මග සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.

මේ රහතන් වහන්සේලා දඹදිව පුරා විසිරී ගොස් ධර්මය දේශනා කරනු ලැබුවා. ඒපිරිසිදු ධර්මය දේශනා කරන විට මිනිසුන්ට ශ්‍රද්ධාව ඇති වෙලා බුද්ධ ශාසනයේ පැවිදි වීමට අවශ්‍ය වුණා. රහතන් වහන්සේලා විසින් මේ ගිහි පිරිස බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන විත් පැවිදි කරනු ලැබුවා. ටික කාලයකදී එය අනවශ්‍ය කරදරයක් ලෙස තේරුණු නිසා බුදුරජාණන් වහන්සේ අවසර දුන්න මහණෙනි ඔබලා ඒ ඒ ජනපදවල මේ අය පැවිදි කරවන්න. එහිම උපසම්පදා කරන්න. කියලා.

එසේ පැවිදි කළ යුත්තේ මුලින්ම හිස රැවුල බාල, සිවුර පොරවා. ඊට පස්සෙ ඒ පුද්ගලයාට කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්චාමි සංඝං සරණං ගච්ඡාමි විතරක් කියමින් පිහිටුවන්න කියා. ඉන් පැහැදිලියි මුල් කාලයේ දී පැවිද්ද හා උපසම්පදාව තිබුනෙ තෙරුවන් සරණ යාම පමණයි. තෙරුවන් සරණ යාම කොතරම් ඉහළ මට්ටමක දෙයක්ද කියා . වර්ථමානයේදී සාමාන්‍ය පැවිදි බව ලබා ගන්නෙ තෙරුවන්සරණ යාමෙන්මයි.අද ගිහි පැවිදි බොහෝ දෙනෙකුට වෙලා තිබෙන්නේ පරම්පරාගතව තෙරුවන් සරණ යනවා මිස, අවබෝධයෙන් තෙරුවන් සරණ යාමක් සිදු වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි කෙනෙක් පැවිදි ජීවිතයකට ඇතුල් වෙනවා නම් ගුරු ස්වාමීන් වහන්සේ විසින් කියා දිය යුතුයි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ… මොග්ගල්ලාන වගේ… මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්න කියලා. තෙරුවන් සරණ ගිහින් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ට කියන්න කියනවා ඔබලා හත්ථාලවක උග්ග වගේ කෙනෙක් වෙන්න. දුවෙකුට නම් නන්ද මාතාව වගේ වෙන්න කියලා .

ඒ ගිහි පිරිස කවුරුත් අනාගාමි වූ පිරිස් .එබඳු පිරිසක් පරමාදර්ශයට ගෙන ජීවිතය සාර්ථක කර ගත යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව. බුද්ධ දේශනා වල සඳහන් ව තිබෙන්නේ මූලික ඉලක්කයන් ගෙන් බැහැර වූ තැනැත්තා අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටන්නේ කෙසේද කියා. තෙරුවන් සරණ පිහිටන්න ශ්‍රද්ධාව අවශ්‍යයි. සමහර පුද්ගලයන් ධර්මය ගැන නොදැන සරණ යනවා. ශ්‍රාවක වහන්සේ නමකගෙන් කිසියම් වරදක් වූ විට අවබෝධයෙන් තෙරුවන් සරණ නොගිය තැනැත්තා අනේ අපි මේ වගේ උදවිය ද සරණ ගියේ මේ වගේ තැනැත්තන් සරණ ගොස් ඇති ඵලය කුමක් ද කියා තමන්ගේ පිරිස තමන් විසින්ම දෙස් දෙවොල් තබාගන්නවා. නමුත් සිහි තබාගන්න අපි සරණගිය ශ්‍රාවක සංඝරත්නය එසේ නොවේ. ශ්‍රාවක සංඝරත්නය සමහර කෙනෙක් හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා නිසාඋන්වහන්සේ අප සරණ යන්නේ කෙසේද කියා බුදුරජාණන් වහන්සේ අප සරණ ගිය උන් වහන්සේව දෑසින් දැකලා නොවේ උන්වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සරණ යන්නේ ගුණ වශයෙන් හඳුනාගෙන ධර්මය සරණ යන්නෙ ගුණ වශයෙන් හඳුනාගෙන .

මේ ගුණ වශයෙන් හඳුනා ගැනීමට අපට අවශ්‍ය ධර්ම ඥානය. ධර්ම ඥානය නැත්නම් ගුණ නිසියාකාරව හඳුනා ගැනීමට නොහැකි වෙනවා බුදුරජාණන් වහන්සේ තමන් ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමටයි. නමුත් වර්තමානයේ දී මේ කරුණු කියූ විට ඊට ඇතැම් ගිහි පැවිදි දෙපිරිස ම විරුද්ධ වෙනවා. ඒ පිරිස කියන්නේ ලෞකික ජීවිතය ගැන ගත කරන ලෙස. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීම නිශ්ඵල දෙයක් කියා ප්‍රායෝගික නො වූ දෙයක් ලෙස හඳුන්වා දෙනවා යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ මනාකොට පිහිටා පංචශීල ප්‍රතිපදාවේ යුක්ත නම් මේ ශාසනය තුළ අභිවෘද්ධිය කරා ගමන් කරන තැනැත්තෙක් බවට පත්වෙන්නට පුළුවන්.

ලෙඩ දුක අපේක්ෂා භංගත්වය කදී අපි නොපෙනෙන දෙවියන් අදහනවා .නැකැත් කේන්ද්‍ර පසුපස යන්නේ තමන් ගැන ස්ථිර විශ්වාසයක් නොමැති අය. තමන්ගේ කටයුත්තක් සඳහා මුල පුරද්දී නැකත් බලන්නේ රාහු කාලය බලන තමන් ගැන ස්ථිර විශ්වාසයක් නොමැති නිසා කරන දේ. අසාර්ථක වෙයි කියන බයට දේවාල ගානේ පූජා වට්ටි අරගෙන යන අයට නොපෙනෙන දෙවියන්ට යාග පවත්වා දෙවියන් පසුපස ගොස් වැඳ වැටෙන්නේ බයටම. එනිසා අපට මේ ජීවිතයේ දී ලබා ගැනීමට විශේෂ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිසරණයට පිවිසීම එවිට බයක් නොමැතිව ජීවත් වීමට පුළුවනි.

ඒ නිසා පැහැදිලියි හැම දේවාලයකම පල්ලියකම තිබෙන්නේ ඉල්ලීමයි ආයාචනයයි. ප්‍රාර්ථනාවයි. නමුත් එය ඉල්ලන දේ පතන ආකාරයෙන් සිදු නොවන බව පැහැදිලිය. දේශනාව සඳහන් වන්නේ රූප ශෝභාව, කැමති කෙනෙක් එබඳු ආකාරයක ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි .

එබඳු දෙයක් අප ඉගෙන ගන්නේ තිසරණයේ පිහිටියොත් පමණයි .තිසරණය නොමැති කෙනා කොතෙක් බුද්ධං සරණං ගච්චාමි ධම්මං සරණං ගච්චාමි සංඝං සරණං ගච්ඡාමි කියා සමාදන් වුවත් ඒ තැනැත්තාට තිසරණය නැහැ . එනිසා අප අවබෝධ කරගත යුතුයි. තිසරණයට පිවිසීමෙන් මෙලොවදීම ලැබිය හැකි ආනිශංස තමයි මේ හේතුඵල දහම තුළ ශ්‍රද්ධාව පිහිටුවා ගෙන අෂ්ට ලෝක ධර්මය ට මුහුණ දීමට පුළුවන් ලෙස ධෛර්ය සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීම .මෙය ඇති කර ගත හැක්කේ අවබෝධයෙන් තිසරණයේ පිහිටි තැනැත්තාට පමණයි. එසේ නැති පුද්ගලයා ඕනෑම ඇදහිල්ලට අසුවෙනවා. මෙලොව ජීවිතය තුළදීම අභිමානවත් බෞද්ධ සමාජය ඉහළින්ම වැජඹෙනවා.

මේ ආකාරයෙන් තිසරණයට පිවිසිලා පුද්ගලයකුට ලෝකෝත්තර වශයෙන් ධර්මය පිහිට ලැබෙන ආකාරය බලමු .

ලෝකෝත්තර වශයෙන් ධර්මය පිහිට ලැබෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය අපට තිබේ නම් පමණයි .ලෞකික සම්මා දිට්ඨිය කරුණු දහයක් මත ගොඩ නැගෙනවා.

ඒ තමයි
1.දන් දීමේ විපාක ඇත
2.අනුන්ට උදව් උපකාර කිරීමේ විපාක ඇත
3.මව ඇත
4.පියා ඇත
4.සේවා කිරීමේ විපාක ඇත
5.මෙලොව ඇත.
6.පරලොව ඇත
7.හොද නරක කර්ම විපාක ඇත
8.ඕපපාතික සත්ත්වයෝ ඇත
9.මේ ජීවිතයත් මෙලොවත් පරලොවත් ඇත 10.ස්වකීය ඥානයෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ආදී උතුමන් ඇත .

කියන ආකල්පයට පැමිණ තමා ලෞකික සම්මා දිට්ඨියට පැමිණිය යුතුයි. එසේ පැමිණි තැනැත්තා බාහිර ලෝකෙ කරුණු දැන ගැනීමේදී තමන්ගේ මතයට වඩා විමර්ශණයෙන් බුද්ධියෙන් දෙයක් විමසීමට දක්ෂ කෙනෙක්. පුද්ගලයා ඉන් එහා පිහිටි ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන්නේ අවබෝධයෙන්. තිසරණ පිහිට ඇති තැනැත්තාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයතුළ අහන්න ලැබෙනවා සතර අපාය ගැන. මේ මිනිස් ලෝකයේ ඉපදුනු කෙනා සතර අපායක උපතක් කරා යන බව තේරෙන විට එයා අපායෙන් මිදෙන්න කල්පනා කරනවා. එසේ මිදීමට නම්, ප්‍රමාණය ඉක්මවා අභිබවා ගිය ජීවිතය පිළිබඳ විශේෂ අවබෝධයක් ලැබිය යුතුයි. ඒ විශේෂ අවබෝධයමයි ලෝකෝත්තර අවබෝධය කියන්නේ

තිසරණ සරණ ලැබූ තැනැත්තාට නිවන් මගට පිවිසිය හැකි ආකාරය පැහැදිලි කරමු .

කිසියම් කාරණාව කදී සත්‍ය ප්‍රකාශ කිරීමේ බොහෝ දෙනා උදහසට ලක්වෙනවා .නැකැත් කේන්ද්‍රවලට වඩා අවබෝධයෙන් තිසරණ සරණ පිහිටීම වටින බව පැවසූ විට නැකැත් කේන්දර වලට පක්ෂ උදවිය විරුද්ධ වී එය ප්‍රතික්ෂේප කරනවා මිසක් ඒ සම්බන්ධව මධ්‍යස්ථාන කල්පනා කරන්නට පෙළඹෙන්නේ නැහැ .

එබඳු දේවල් වලට විරුද්ධ වීමට අවශ්‍ය දේ සඳහා විරුද්ධ වීමක් නැහැ. ධර්මයන් ගැන
ද්වේශයක් අධර්මවාදීන් තුළ තිබෙනවා .එසේ ද්වේෂයක් තිබෙන නිසාමයි සත්‍ය වූ ධර්මයට විරුද්ධව කතා කරන්නේ. මේ නිසා අප පැහැදිලි කර යෑමේදී ප්‍රධාන බාධකය මිථ්‍යාදෘෂ්ටිය.

අංගුත්තර නිකායේ භරණ්ඩු වර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය බබළන්නේ විවෘත වූ විට… සැඟවී තිබෙන්නේ විට නොවේ …කියලා.

මිථ්‍යාදෘෂ්ටිය මෙතරම් ඉහළින් තිබෙන්නේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය සැඟවී ගිය නිසයි. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය විවෘත වූවා නම් මිත්‍යාදෘෂ්ටියට පැවතීමක් නැතුව යනවා .අපට වැදගත් එය නොවේ. මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතය තුළ ඕනෑම තැනැත්තෙකුට උත්සාහයද තිබේ නම්, තමාගේ සිත දියුණු කර ගැනීමට වාසනා ගුණය තිබෙනවා. එළැබෙන්නේ ධර්ම විනය විවෘත වූ විට පමණයි. ධර්ම විනය විවෘත වූ විට අධර්මය වියැකී යනවා .ධර්ම විනය බබළන්නට පටන් ගන්නවා. එවිට අවබෝධයෙන් තිසරණ සරණ පිවිසි තැනැත්තාට නිවන් මගට පිවිසීමට ඇති දොරගුළු විවෘත වෙනවා .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here