නිර්වාණය ඈතක ද – Sri News

0
3


මේ ලෝකයේ මිනිසුන් හොඳ රැකියාවක් ලබාගන්ට, එහෙම නැත්නම් විභාගයකින් සමත් වෙන්ට වගේ දේකට ගන්න උනන්දුව බලන්න. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙනවා. විශාල උනන්දුවක් ඇති කරගන්නවා. විශාල කැප කිරීමක් කරනවා. එතනදීත් අත්හැරීමක් තියෙනවා. සාමාන්ය විනෝදවීම් අතහැරලා, අනවශ්ය යාළු මිතරකම් අතහැරලා, අනවශ්ය වැඩ ගොඩාක් අතහැරලා මහන්සිවෙන්ට සිද්ධ වෙනවා. ඒ විදියට මහන්සි වෙන, කැපකිරීමක් කරන කෙනාට ඒ පරතිලාභය ලබන්ට පුළුවන්.

මිනිසුන් ලෞකික පරතිලාභයන් අත්කරගන්ට කොච්චර පරිත්යග කරනවා ද? කොච්චර කැප කරනවා ද? කොච්චර ඉවසනවා ද? ඒ අනුව කල්පනා කරන්න අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පිළිසරණ ඇති කරගැනීම පිණිස කොයි වගේ පරිත්යාගයක් කළ යුතුද කියලා. ඒ වගේ පරිත්යාගයක් කරන්ට අපි උත්සාහ කළ යුතුයි. පරිත්යාගය කියන්නේ අත්හැරීම කියන එකයි. අතහරිනවා කියන එක සිතේ උපදින දෙයක්.

 

බුදුරජාණන් වහන්සේ පෙන්වන පරතිලාභය පිණිස විශාල කැපකිරීමක් කළොත්, පරිත්යාගයක් කළොත් ඒ පරතිලාභ ලබන්ට පුළුවන්. යම් කාලයක් ඒකට මහන්සි වෙන්ට වෙනවා. ඒ විදියට මහන්සිවෙන කෙනාට භාග්යවතුන් වහන්සේ පෙන්වන විදියට ම පරතිලාභ ලබන්ට පුළුවන්.

 

අද වෙනකොට ගොඩක් අය ලඟ තියෙන්නේ පරතිලාභ ලබන්ට පුළුවන් ද බැරි ද කියන එක ගැන සැකයක්. ගොඩක් අය තුල විශ්වාසයක් නෑ. හීන වීරියෙන් සහ වෙනත් ලෞකික පරතිලාභ වලට යට වුණ අය, ලාමක අපේක්ෂා තියෙන අය, ධර්මයෙන් පරතිලාභ ලබන්ට පුළුවන් කියන අදහස සමාජයෙන් ඈත් කරලා තියෙන්නේ. අනිත් අයටත් ඒ අවස්ථාව නැතිවන ආකාරයට කටයුතු කරනවා.

ඒ නිසා අපි පරිස්සමින් ධර්මය හොඳට තේරුම් අරගෙන, මේ ජීවිතයේදී භාග්යවතුන් වහන්සේ පෙන්නපු පිළිසරණ අත් කරගන්ට පුළුවන් කියන අදහස ඇති කරගන්ට ඕන. ඒක කළ හැකි දෙයක්. භාග්යවතුන් වහන්සේ නිර්භයව පරකාශ කරනවා, “ධර්මය වඳ බැහැලා නෑ. ඵල සහිත ධර්මයක්” කියලා. ඒ පරකාශයත් අකාලිකයි. භාග්යවතුන් වහන්සේගේ යම් වචනයක් තියෙනවා නම් ඒ වචනය ධර්මයට අයිතියි.

 

ධර්මයෙන් බැහැර නෑ. ධර්මය අකාලික ගුණයෙන් යුක්තයි. සන්දිට්ඨික ගුණයෙන් යුක්තයි. “මේ ධර්මය වඳ බැහැපු දෙයක් නෙවෙයි. ඵල සහිත ධර්මයක්” කියලා එදා කළ පරකාශය අදටත් වලංගුයි.

අකාලික ධර්මයට අයිතියි. ඒ නිසා අපි ඒ භාග්යවතුන් වහන්සේගේ පරකාශය ගැන විශ්වාසය උපදවාගන්ට ඕන. විශ්වාසය උපදවාගෙන, පැහැදීම ඇති කරගෙන, ඒ පරතිලාභය ලැබීම පිණිස ධර්මයේ හැසිරෙන්ට ඕන.

 

ධර්මයේ පරතිලාභ ලැබීම පිණිස යම් කාලයක් ගතවෙනවා. භාග්යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “මහණෙනි, මේ අරහත්වය මා එක පාරට පණවන්නේ නෑ” කියලා. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කාලයක් තියෙනවා. අපි ඒ ධර්මය ඉගෙන ගැනීමෙන්, ධර්මයේ ස්වභාවය තේරුම් ගන්ට ඕන. භාග්යවතුන් වහන්සේ පෙන්වා දෙන ඉලක්කය, පරතිලාභය, පරමාර්ථය ගැන කැමැත්තක් ඇති කරගන්ට ඕන. නිවන අවබෝධ කරගැනීමේ ආසාව, කෙළෙස් දුරු කරගැනීමේ ආසාව සිතක් තුල ඉපදෙන්ට ඕන.

ඊලඟට, සිතේ රාගය තියෙනවා නම්, ඒ රාගය නැති සිතක් කොච්චර හොඳයිද කියලා කල්පනා කරන්ට පුළුවන්. රාගය මුල් වෙලා සිත කෙළෙසුනාම එතන ප්රිය බවක් නෑ. රාගය අපරසන්න ස්වභාවයක්. රාගය පිළිකුල් ස්වභාවයක්. පිරිසිදු නෑ. දුක් සහිතයි. පීඩා සහිතයි. ඒ රාගය නිසා ඇතිවන පීඩාකාරී ස්වභාවය, අපරසන්න ස්වභාවය නැතිව විරාගී සිතක්, රාගය නැති සිතක් ගැන ආසා කරන්න. රාගය නැති සිත කොයි තරම් පිරිසිදුයි ද කියලා හිතන්න. පිරිසිදුයි, ලස්සනයි, බරහ්මයෙක් වගේ. ඒ විදියට විරාගී බවට ආසා කරන්න. නිකෙළෙස් බවට ආසා කරන්න. පීඩා රහිත සිතට ආසා කරන්න.

 

ඊලඟට, මේ සිතේ නොයෙකුත් අකුසල් තියෙනකොට, සිත එක එක අරමුණු ඔස්සේ දුවනවා. රාගය තිබුනොත් රාගය ඔස්සේ දුවනවා. තරහ තිබුණොත් තරහ ඔස්සේ දුවනවා. භය තිබුණොත් භය තැතිගැනීම් ඔස්සේ දුවනවා. ආඩම්බරය, ඉරිසියාව, හීනමානය, මේ විදියේ නොයෙකුත් අකුසල් තියෙනකොට ඒ ඒ අකුසල් ඔස්සේ සිත දුවනවා. ඒ අකුසල් මුල්වෙලා බොහෝ සිතුවිලි එන්ට පටන් ගන්නවා. සිතුවිලි වලින් තමයි පිඩාව උපදවන්නේ. ඒ සිතුවිලි උපදින්නේ යම් යම් අකුසලයන් මුල්වෙලා. සිතේ ඒඅකුසල් නැත්නම්, ඒ විදියේ අකුසල සහගත සිතුවිලි ඉපදෙන්නේ නෑ.

 

සිත සංසිඳෙනවා. ශාන්තයි. පරණීතයි. පහසුයි. කිසිම කරදරයක් නෑ. නිශ්චලයි. එබඳු සිතකට ආසා කරන්න.

ඊලඟට, බාහිරින් මිනිසුන් අපිව අගය කරනවා. මිනිසුන් අපිව වර්ණනා කරනවා. ඒ වෙලාවට අපි හොඳට හිනාවෙලා කතා කරනවා. ඒ විදියේ ස්වභාවයක් තියෙනවා බාහිරින්. නමුත් තමන්ගේ සිත දිහා බලන්න. එතකොට අර බාහිරින් අපට ලැබෙන පරශංසාව වේවා, බාහිරට අපි පෙන්වන ස්වභාවය වේවා, හිත අභ්යන්තරයත් එක්ක ගැලපෙනවාද කියලා බලන්ට පුළුවන්.

බාහිරින් අපිව හොඳ කෙනෙක් වගේ පෙනුණත්, සිත අභ්යන්තරයේ කෙළෙස් වලින් පීඩා විඳිනවා නම්, කෙළෙසුන්ට බරයි නම්, කෙළෙස් වලින් කිළිටි වෙලා නම් ඒක සුදුසු නෑ. මනුස්සයා නොදැක්කාට, ඒ ස්වභාවය සොබාදහම දකිනවා..එය සතුටුවෙන්නේ නෑ අපේ ජීවිත ගැන. සොබාදම සතුටු වෙන්නේ නැත්නම්, ආශිර්වාදයක් රැකවරණයක් අපිට ලැබෙන්නේ නෑ. ආශිර්වාදයක් රැකවරණයක් නොලැබෙනවා නම් කය බිඳිලා මරණින් මත්තේ දෙවියන් අතරට යාමක් සිදුවෙයි ද? දෙවියන් අතරට නොයනවා නම්, දෙවියන්ගේ අපරසාදයෙන් යුක්තයි නම් මනු ලොවටවත් එයි කියලා හිතන්ට බෑ. දෙවියන් නොදැක්කත් තමාට ම දකින්ට පුළුවන් තමාගේ ස්වභාවය. ඒ වගේ කිලිටි සිතක් සහිතව කළුරිය කළොත් දුගතියේ යන්ට සිදු වෙනවා.

 

තමන්ගේ සිතේ අකුසල් තියෙනවා කියලා දකින කෙනා, භාග්යවතුන් වහන්සේගේ ධර්මය ගැන පහදිනවා. භාග්යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ‘යම් කෙනෙක්, තමා තුල රාගය තියෙන කොට, රාගය තියෙනවා කියලා දකිනවා නම් එපමණකින් ම ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි’ කියලා.

 

ඒ විදියට කරමකරමයෙන් තමන් තුලින් ධර්මය දකිනකොට, ධර්මයේ ගුණ තේරුම් ගන්නකොට, නිතැතින් ම භාග්යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කියලා තේරුම් ගන්ට හැකිවෙනවා.

ඒ විදියට තමයි ධර්මය පුරුදු කරන්නේ. අපි සෙත් පතනවා, තම තමන්ගේ සිත දිහා හොඳින් බලලා සිත හොඳින් තේරුම් අරගෙන, සිතේ තිබෙන අකුසල ස්වභාවයන් තේරුම් ගනිමින් ඉතා ම පිරිසිදු සිතක්, ඉතා ම නිශ්චල වූ නිවුනු සිතක්, ශාන්ත වූ පරණීත වූ සිතක් ඇති කරගැනීම පිණිස සංසිඳුන ආසාවක් ඇති කරගන්ට සියලු දෙනාට දුර්ලභ වූ භාග්ය උදාවේවා කියලා අපි පතමු…ඒ හරහා අපි බලාපොරොත්තු වන නිර්වාන සුවයේ මාර්ගය දකින්නට හා අත්පත් කර ගන්නට වෙහෙසෙමු……

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here