නාමල් කරුණාරත්න ටයි කෝට් ඇඳන් ඇමති පුටුවට ආවාට පස්සේ ගොවි වන්දිය ලක්ෂයෙන් හතළිස් දාහට බැහැලා ! – බන්දුලාල්

0
24


“අපි අහලා බලමු එදා නාමල් කරුණාරත්න ගොවි පුතා, ගොවි නායකයා ජනතාවට විපක්ෂයේ ඉඳන් කියපු දේයි දැන් ආණ්ඩුවේ ඉඳන් කියන දේයි. එදා – අක්කරයකට අවම රුපියල් ලක්ෂයකට එහා වන්දියක් අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවන්න ඕනා. අද – අක්කරයකට තියෙන්නේ පූර්ණ වන්දිය රුපියල් 40,000 යි. රෙද්ද බැනියම ඇඳගෙන ගොවිබිමේ ඉන්න කාලෙ රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුමයි කියනවා, ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමති පුටුවේ වාඩිවුණාට පස්සේ රුපියල් 40,000 ට ඒක අඩුවෙලා තියෙනවා. ඒක නිසා අපි කියනවා මේක බොරුව මත ගොඩනැඟුණු ආණ්ඩුවක්. බොරුව කොච්චරද කියනවා නම් ආණ්ඩුවේ ඉහළම පුටුවක ඉන්න පුද්ගලයෙක් තමන්ගෙ උපාධි සහතිකයටත් බොරු කරලා තියෙනවා කියලා අද එහෙන් මෙහෙන් එළියට ඇවිල්ලා තියෙනවා”

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here