නව සන්ධානයකට සාකච්ඡාවක් – Sri News දේශීය පුවත්

0
7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නියෝජිතයින් සහ රජයේ අමාත්‍යවරුන් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කෙරුණා.

ඔහු සමග සිටින පක්ෂයේ සෙසු නියෝජිතයින් සහ රජයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත,  නලීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් රජය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූයේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,  මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්.

ඉදිරියේ දී නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සාකච්ඡාවට එක්වූ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here