නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි – Sri News ක්‍රීඩා

0
8

නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි මුන්රෝ 2013 වසරේ සිට 2020 වසර දක්වා නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළා.

එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ 20යි 20 තරග 65කට සහභාගී වෙමින් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර ඇති ඔහුට 2020 වසරෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වුණේ නැහැ.

කෙසේවෙතත් කොලින් මුන්රෝ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවුව ද එම සංචිතය සඳහා ඔහු ඇතුළත්  කර තිබුණේ නැහැ.

 

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here