Google search engine
Home ගොසිප් පුවත් නයිට් ක්ල්බ්වල ඩාන්සින් ටැබ්ලට් අලෙවි කළ අයෙක් මාට්ටූ

නයිට් ක්ල්බ්වල ඩාන්සින් ටැබ්ලට් අලෙවි කළ අයෙක් මාට්ටූ

0
8

dancing-tablets-night-club

රාත්‍රී සමාජ ශාලා සඳහා යොමු­ව­න්නන් සඳහා ෆිල් නොහොත් (ඩාන්සින් ටැබ්ලට්) නමැති මත්පෙති මුද­ලට අලෙවි කළ පුද්ග­ල­යෙකු වැල්ල­ම්පි­ටිය මීතො­ට­මුල්ල නිව­ස­කදී අත්අ­ඩං­ගු­වට ගත් බව කොළඹ අප­රාධ කොට්ඨා­සය කියයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මීතොට මුල්ලේ රෝයල් නමැති වයස අවු­රුදු 22 ක පුද්ග­ල­යෙකි.

එම සැක­කරු සමග විවිධ හැඩ­යෙන් යුත් ෆිල් මත් පෙති 15ක් එම ජාවා­ර­මෙන් උප­යා­ගත් රුපි­යල් 67250/= ක් පොලිස් භාර­යට ගෙන ඇත.

යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ බස්නා­හිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරී­ක්ෂක බුද්ධික රාජ­පක්ෂ නිල­ධා­රියා ඇතුළු කණ්ඩා­ය­මක් වැල්ල­ම්පි­ටිය ප්‍රදේ­ශයේ සංචා­රය කර­මින් සිටි­යදී ලද තොර­තු­ර­කට අනුව සැක­කරු පදිං­චිව සිටි නිවස වටලා තිබූ බව පොලි­සිය කියයි. කාම­රයේ තිබූ අල්මා­රි­යක බහා තිබූ ඇඳුම් අතර ඩෙනිම් කලි­ස­මක සාක්කු­වක ඉතා සූක්ෂම අයු­රින් සඟවා තිබූ ෆිල් නමැති විවිධ හැඩ­යෙන් යුත් මත් පෙති තොගය සොයා ගැනී­මට හැකි වූ බව පොලි­සිය සඳ­හන් කරයි.

විවිධ හැඩ­යෙන් සහ පාටින් යුත් ෆිල් නමැති මත්පෙ­ත්තක් සැක­කරු රුපි­යල් 5000/= මිල­කට අලෙවි කර ඇති බවට ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වූ බව පොලි­සිය කියයි. සැක­කරු කාල­යක සිට මෙම මත් පෙති ජාවා­රම සිදු කර­ගෙන ගොස් ඇති බව පව­සන පොලි­සිය මත්පෙති ලබා දෙන පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් අනා­ව­ර­ණය කර ගැනීම සඳහා සිදු­ක­රන බව පොලි­සිය කියයි.

සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරි නෙවිල්ද සිල්වා, ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඇන්ස­ලම් ද සිල්වා යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත බස්නා­හිර පළාත් දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරී­ක්ෂක බුද්ධික රාජ­පක්ෂ මහතා ඇතුළු කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ පව­ත්වයි.
(බණ්ඩා­ර­ගම – බිමල් ජය­සිංහ)

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here