දේශීය සුනඛයන් වල් බල්ලන් සේ හඳින්වීම අපි අපේම “:වලිගය පාගා ගැනීම”ක්! | Sri News

0
13


අප සමාජය සුනඛයන් පිළිබඳව කෙරෙන කතා බස් වල දී “හොඳ බල්ලෙක් ද?” යනුවෙන් කරන විමසුම් ඔබත් කොතෙකුත් අසා තිබිය හැක.එහෙත්,එවිට කිව යුත්තේ “නෑ ඒ නරක බල්ලෙක්”යන්න ය.එහෙත්, ඒ වදන නොපවසන බොහෝ දෙනකු ඒ වෙනුවට යොදන වෙනත් වදනක් තිබේ.එනම් “නෑ ඒ නිකම් වල් බල්ලෙක්” යන්න ය.නමුදු අප ගේ භාෂා ව්‍යවහාරය අනුව “හොඳ” යන්නෙහි විරුද්ධ පදය “නරක” විය යුතු බව කුඩා දරුවෝ පවා දනිති.එබැවින් කිව යුත්තේ අප රටේ හිඳින සාමාන්‍ය සුනඛයන් වල් බල්ලන් ලෙසින් හැඳින්වීම “වලිගය පාගා ගැනීමක්”ලෙස ය. ඊට හේතුව අප සමාජයේ බොහෝ දෙනකු නොදත් නමුදු ලෝකයේ දැනට ඇති සුනඛ විශේෂ අතර “වල් බලු” විශේෂ ද වෙනම දක්නට ලැබෙන බැවිනි.මිනිසුන්ට සේම සෙසු බොහෝ සත්ව විශේෂ වලට ද අතිශයින් සතුරු ස්වරූපයක් පළ කරන මොවුන් තම ආහාර සපයා ගනුයේ සමූහ දඩයම් (Pack hunting) මගිනි. කණ්ඩායම් වශයෙන් එක්ව තමන් ගොදුරට ගන්නා සතා වටා එක්වන මොවුහු ඒ සතා කෙතරම් විශාල වුවද එක්තරා තාක්ෂණයකට අනුව වට වී පහර දෙති. එහිදී මෙම වන සුනඛයන් සිය ගණනකගේ තියුණු දත් ප්‍රහාරවලට ලක්වන සතා කායිකව ඔත්පලව බිම ඇද වැටෙත්ම එසේ පණ ගැහෙන සතාගේ අමු මස්, අමු ලේ රුහිරු සහිතව ඉරා ගෙන කෑම මෙම සමූහ වන සුනඛ දඩයම් කරුවන්ගේ ස්වභාවයයි. ලොව වන සතුන් අතර දරුණු හා කෲරතම වන සත්ව කොට්ඨාසයක් ලෙස අප්‍රිකානු වන සුනඛයා හෙවත් වල් බල්ලා (African wild dog ) ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එබැවිනි. ඒ අනුව මිනිස් ජනාවාස ආශ්‍රිතව දිවි ගෙවමින් මිනිසුන් ට අසීමිත ලෙන්ගතු කමක් පාමින් ඔහු කා නිමා වූ ඉඳුල් බිඳක් පතා ඔවුන් පසු පස එන අසරණ සුනඛයන් ‘වල් බල්ලන්’ සේ සැලකීම කොතෙක් යුක්ති සහගත දැයි අප නැවත සිතා බැලිය යුතු ය.

සිංහල ජාතියට අයත් බව පවසමින් අප ගැනම උදම් අනා ගන්නා අපට මීට වසර දොළොස් දහස් හත්සිය පනහකට ඉහත මෙරට ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මකව පවා සනාථ වී ඇති දේශීය සුනඛයන් ‘පර බල්ලන්’ නමින් හැඳින්වීමට ඇති අයිතිය කුමක්ද?එම යථාර්ථයට අනුව සැබැවින්ම ඔවුන් හමුවේ “පරයන්” වනුයේ අපම නොවේද?

ඊළඟට අප මොවුන් හඳුන්වන ‘පර බල්ලා’ යන නම ඉංග්‍රීසි වහරෙහි ද තිබේ. ඒ Pariah dog යනුවෙනි. මෙම Pariah යන ඉංග්‍රීසි වදනෙහි සිංහල අරුත් දක්වා ඇත්තේ චණ්ඩාලයා, නීචයා, වසලයා ලෙසිනි.
කුල ක්‍රමය මත පදනම් වූ පැරණි භාරතීය සමාජයේ සමාජයෙන් ඉවත් කළ (Social out cast) කොටස් හැඳින්වීම පිණිස යොදා ගත් මෙම ‘පර’ ශබ්දය ඉංග්‍රීසියේ දී Pariah බවට පත්ව තිබේ. එවන් තත්වයක් යටතේ මීට වසර දෙදහස් පන්සියයකටත් ඉහත සිදු වූ විජයාවතරණයෙන් පසු ඇරඹි හා මහින්දාගමනයෙන් පසු පෝෂණය වූ සිංහල ජාතියට අයත් බව පවසමින් අප ගැනම උදම් අනා ගන්නා අපට මීට වසර දොළොස් දහස් හත්සිය පනහකට ඉහත මෙරට ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මකව පවා සනාථ වී ඇති දේශීය සුනඛයන් ‘පර බල්ලන්’ නමින් හැඳින්වීමට ඇති අයිතිය කුමක්ද?එම යථාර්ථයට අනුව සැබැවින්ම ඔවුන් හමුවේ “පරයන්” වනුයේ අපම නොවේද?
අප රටේ විවිධ වර්ගයේ සුනඛයෝ සිටිති. අතීතයේදී බොහෝ නිවෙස්වල කිසිදු වර්ගයකට අයත් නැති බව සැළකෙන සුනඛයන් සිටිය ද වර්තමානයේ බොහෝ දෙනෙක් වර්ගයක්, පෙළපතක් (Pedigree) සහිත උසස්’ යැයි සැළකෙන සුනඛ වර්ග ඇති දැඩි කරන්නට පුරුදුව සිටින බැව් පෙනේ. බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එදිනෙදා මග තොට දකින සුනඛයන් සැළකිල්ලකට ගන්නේම නැත. මේ නිසාම අප රටේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සුනඛයන් ගම් බල්ලන්’, පර බල්ලන්’ හෝ වල් බල්ලන් සේ හැඳින්වීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති. ඉංග්‍රීසි බසින් මෙවැනි සුනඛයන් හඳුන්වනු ලබන්නේ මන්ග්‍රල් (Mongrel- දෙමුහුම්, පර, සංකර) නමිනි.

සුනඛයන් ‘අයාලේ’ හෝ ‘දඩාවතේ යන බල්ලන්’ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුව හොත්,සැබවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක් වැනි අදහසකි.

සුනඛ වර්ග අභිජනනය කිරීමේදී විවිධ වර්ගයන් මිශ්‍ර කිරීම සිදු කෙරේ. මෙවැනි මිශ්‍ර කිරීම් සිදුකරනු ලබන්නේ යම් යම් පර්යේෂණ කිරීමෙන් අනතුරුව එවැන්නක් සිදු කිරීමෙන් ගුණාත්මක සුනඛ වර්ගයක් බිහි වේයැයි ඔප්පු වීමෙන් පසුව පමණි. කෙසේ නමුත් එවැනි පර්යේෂණයක් සිදු නොවී සැලසුම් කිරීමකින් තොරව සුනඛ වර්ග දෙකක් අතර ඇතිවන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වන සුනඛයන් මන්ග්‍රල් නමින් හඳුන්වනු ලබයි. එවැනි සුනඛයන් පැහැදිලි පරම්පරාවකට හිමිකම් පාන්නේ නැත. මෙවැනි සුනඛයන් අයාලේ හෝ දඩාවතේ යන බල්ලන් (Stray dogs) ලෙසින් ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වනු ලබන සුනඛයන් ද වල් බල්ලන්ගේ ගොඩට දැමීමට හැකියාවක් නැත. මන්ද ඔවුන්ට පැහැදිලි පරම්පරාවක් නැතත්, ඔවුන් බෝ වී ඇත්තේ කානිස් ලූපස් ඩොමෙස්ටිකස්’ (Canis lupus domesticus) යන ගෘහස්ථ සුනඛ ප්‍රභේද අතර ඇති වන ප්‍රජනන ක්‍රියාවලියක් මගින් පමණක් වීම නිසාය.
එමෙන්ම අප සාමාන්‍යයෙන් දකින සුනඛයන් ‘අයාලේ’ හෝ ‘දඩාවතේ යන බල්ලන්’ලෙස හඳුන්වන්නට අප පුරුදුව සිටිය ද එම වචන දෙකේ අර්ථය ගෙන බැලුව හොත්,සැබවින්ම ඒවා ද මොවුන්ට කිසිසේත් නොගැළපෙන බැව් පෙනේ. මෙම වචන දෙකෙහි අර්ථය ගෙන බැලුවහොත් සඳහන් කළ හැක්කේ කිසිදු වග විභාගයකින් තොරව හිස හැරුණු අතේ ගමන් කිරීමක් වැනි අදහසකි. නමුත් අප දකින සුනඛයන් තුළ එසේ ඇවිදීමේ චර්යාවක් දක්නට නැත. සැබවින්ම අයිතිකරුවකු නොමැතිව මහ මඟ ජීවත් වන සුනඛයන් පවා තමන් විසින් නිර්ණය කරගත් වාසභූමිය (Habitat) තුළ ජීවත් වන බව පර්යේෂණ වලින් ද පැහැදිලි වී තිබේ. සංවාස සමයේ දී (Mating season) පිරිමි සුනඛයන් හැර ඔවුන් තමා ජීවත් වන ප්‍රදේශයෙන් (Territory) බැහැරට යන්නේ නැත. යම් ආකාරයකින් බැහැරට යන්නට සිදුවුවහොත් එවැනි ප්‍රදේශයකදී ඔවුන් ඉතා යටහත් පහත් ලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබේ. සුනඛයන් මුත්‍රා කරමින් සිය භූමි සීමාවන් සළකුණු කර ගන්නා ආකාරය නිතරම දක්නට ලැබෙන්නකි.

සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුවද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමඟ ජීවත් වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් වල් බල්ලන් ලෙස නොව ප්‍රජා සුනඛයන් (Community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසු ය.

චර්යා විද්‍යාව (Ethology) සහ සත්ව චර්යාවේදය (Animal behaviourism) පිළිබඳ පර්යේෂකයන් සහ විදේශයන් හි එම විෂයන් හදාරණ සිසු සිසුවියන් නිවාස අහිමි සුනඛයන් ගේ වාස භූමි සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ, නිරීක්ෂණ සිදු කොට තිබේ. යම්යම් භූමි ප්‍රදේශවල සැරිසරන නිවාස අහිමි සුනඛයන් හට විවිධ පැහැයේ කරපටි පැළඳවීමෙන් උන්ගේ වාස භූමි වෙන්කොට හඳුනාගත හැකි දැයි නිරීක්ෂණය කිරීම ඒ අතරින් බහුලවම සිදු කෙරෙන පරීක්ෂණයකි. එහි දී එක් එක් ප්‍රදේශවල ජීවත් වන සුනඛයන් හට නිල්, කහ, රතු, කොළ ආදී කරපටි පළඳවා පසු කාලීනව එම එක් එක් කරපටි පැළඳි සුනඛයන් තම වාස භූමි මාරු කොට ඇත්දැයි නිරීක්ෂණය කොට තිබේ.
එහිදී සෑම විටම අනාවරණය වූයේ එක් පැහැයක කරපටියක් සහිත සුනඛයකු වෙනත් පැහැයක කරපටියක් සහිත ප්‍රදේශයක සුනඛයන් අතරට මුසුවීම ඉතා දුර්ලභ අහඹු සිදුවීමක් බව ය. ඒ අනුව ඉහත සඳහන් අන්දමේ පරීක්ෂණ නිරීක්ෂණ අප රට තුළ සිදු නොවන්නේ මන්ද යන්න පිළිබඳව ඔබගේ සිත තුළට ගැටලුවක් පැන නැගීමට පුළුවන. මේ ප්‍රධාන හේතුව ඉහත සඳහන් පරීක්ෂණ, නිරීක්ෂණ සඳහා මුල්වන විවිධ ක්ෂේත්‍රයන් මෙය ලියැවෙන මොහොතේ ද මෙරට අධ්‍යාපන ධාරාවට එක්ව නොතිබීම ය.

මේ ආකාරයට දක්නට ලැබෙන සුනඛයන්ගේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන්ට පැහැදිලි අයිතිකරුවකු නොමැති වුවද ජීවත් වන්නේ මිනිසුන් ආශ්‍රිතව වීමය. මිනිසුන් නොමැති ප්‍රදේශයක නිකමට හෝ සුනඛයකු සොයා ගන්නට නැත. මිනිස් ප්‍රජාව සමඟ ජීවත් වන්නට සියලු විටම උත්සාහ දරණ බැවින් ඔවුන් වල් බල්ලන් ලෙස නොව ප්‍රජා සුනඛයන් (Community dog) වැනි නමකින් හැඳින්වීම වඩා සුදුසු ය.
කෙසේ නමුත් ඉන්දියාවේ මෙවැනි සුනඛයන් හැඳින්වීම සඳහා යොදන නම මේ සියල්ලටම වඩා උසස් යැයි සිතේ. එයට හේතුව එහි ඔවුන්ව හඳුන්වන්නේ ඉන්දීය දේශීය
සුනඛයා (Indian native dog) නමින් වීමය.ඒ අනුව මෙම දේශීය සුනඛයන් හැඳින්වීම පිණිස සාමාන්‍ය ව්‍යවහාරයේ දී අඩුම තරමින් “ගම් බල්ලන්”යන වදන වත් යෙදිය යුතු බව මගේ වැටහීම ය.අද රටේ දහසකුත් එකක් ප්‍රශ්න,ගැටළු,අර්බුද උග්‍රව තිබිය දී කොහේ වත් නොමැති “බලු ප්‍රශ්නයක්” ඇද ගැනීම ළාමක බොළඳ වැඩක් සේ යමකුට හැඟී යා හැක.එහෙත් මෙහි ඇත්තේ නිමිත්ත බලු වුව ද .මිනිස් තිරිසන් සැමගේ සම උරුමයක් වන මේ මිහිතලය මත ස්වාභාවික යුක්තිය ඉටු වීම හා නොවීම පිළිබඳ ප්‍රශ්නයකි.

තිලක් සේනාසිංහ





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here