දේශපාලනයෙන් බැසගිය තරු – Sri News

0
2

අපි අද කතාකරන්න යන්නේ උල්කාපාතයක් වගේ මතු වෙලා, දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් ජනප්‍රිය වෙලා, ඉක්මනින් දේශපාලන වේදිකාවෙන් බැහැලා ගිය තරු වගේ පිරිස ගැන. හැබැයි මේ තරු ආපහු කොයිවෙලේ දේශපාලනයේ උත්ථානය වෙයිද කියන්න අපි දන්නෙ නෑ.

 

පබා ටෙලිනාට්‍ය හරහා මුළු රටේම ජනාදරය දිනා ගත් උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වීම නිසා එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කරනු ලැබුවා. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්න අවස්ථාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය පවා පසු බස්සවමින් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළ මනාප ලාභිනියක බවට පත් වී පාර්ලිමේන්තුවට පත්වුණා. පසුව ඇය මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරනු ලැබුවා. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ බලය ලබා ගැනීමත් සමග ඇයට යළිත් මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

 

දකුණ පළාත් සභාවේ මන්ත්‍රීවරියක ලෙස අනර්කලී ආකර්ෂා තේරී පත්වීම බොහෝ දෙනෙක්ව විමතියට පත් කළා. ඇයට තිබුණේ ඉහතින් සඳහන් කළ උපේක්ෂා ස්වර්ණමාලිට මෙන්ම අතිශය අඩු දේශපාලන අත්දැකීම් ප්‍රමාණයක්. කෙසේ නමුත් දෙවෙනි වතාවේදී ඇයට පළාත් සභා ඡන්දයෙන් ජයගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ජනතාව විසින් ඇයව ප්‍රතික්ෂේප කොට තිබුණා.

 

 

මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂය තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පත් සුපිරි තරුවක් බවට පත්වුණා. බොහෝ දෙනෙක් මහත්මා දේශපාලනයේ යෙදෙන්නෙකු ලෙස ඔහුව හඳුන්වනු ලැබූවා. පසුව එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් සමග මහින්ද රාජපක්ෂගේ රජයේ අමාත්‍ය ධුර භාර ගත් මිලින්ද මොරගොඩ, ඉන්පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණා. මේ වන විට ඔහු වර්තමාන රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.

 

 

එක්සත් ජාතික පක්ෂය තුළ කෙටි කලක් තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පැමිණි සුජීව සේනසිංහ, මහබැංකු වංචාව සම්බන්ධයෙන් පැවති ආන්දෝලනයේ දී  එවැන්නක් සිදු නොවූ බවට පවසමින් කෘතියක් පවා රචනා කළා. පසුව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සමඟ එක්වී සමඟි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු ඔහුවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here