Home ගොසිප් පුවත් දෙම­ට­ගොඩ රුවන්ගේ බිරි­ය පුතු නැන්ද­ණි­ය ලක්ෂ 50 බැගින් ඇප ගෙවා නිදහස්

දෙම­ට­ගොඩ රුවන්ගේ බිරි­ය පුතු නැන්ද­ණි­ය ලක්ෂ 50 බැගින් ඇප ගෙවා නිදහස්

0
8


dematagoda-ruwan-family-released

 සංවි­ධා­නා­ත්මක අප­රාධ සහ මත්ද්‍රව්‍ය ජාවා­රම මඟින් උප­යා­ගන්නා ලද මුදල් යොදවා දේපළ වත්කම් උප­යා­ග­නි­මින් මුදල් විශු­ද්ධි­ක­රණ පනත ප්‍රකා­රව වර­දක් කළැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධි වත්කම් විම­ර්ශන ඒක­කය විසින් අත්අ­ඩං­ගු­වට ගත් රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙම­ට­ගොඩ රුවන් නමැ­ත්තාගේ පුත්‍රයා, බිරිය සහ නැන්ද­ණිය එක් අය­කුට රුපි­යල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා­හැ­රී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (08) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා­හැ­රුණේ, වේළු­වන පාර, දෙම­ට­ගොඩ පදිංචි සිරි­නා­යක පති­ර­ණගේ තරිදු මධු­සංඛ, ජේන් පීට­ර්ලාගේ ශානිකා ලක්මිණී සහ සිරි­නා­යක පති­ර­ණගේ සමන්ති නිර්මලා යන අයයි. සැක­ක­රු­වන්ගේ විදෙස් ගමන් තහ­නම් කළ අධි­ක­ර­ණය ඒ බව ආග­මන විග­මන පාල­ක­ව­රයා වෙත දන්වා යවන ලෙස අධි­ක­රණ රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යාට දැනුම් දුන්නේය. ඇප පනත ප්‍රකා­රව සැක­ක­රු­වන්ට ඇප නියම කළ අධි­ක­ර­ණය සෑම මස­කම අව­සන් ඉරු­දින පෙර­වරු 9ත් 12ත් අතර කාලයේ අප­රාධ පරී­ක්ෂ­ණ­දෙ­පා­ර්ත­මේ­න්තුවේ නිති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය හමුවේ පෙනී සිටින ලෙසට ද අම­තර ඇප කොන්දේ­සි­යක් සැක­ක­රු­වන්ට නියම කළේය.
පැමි­ණිල්ල වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් කරුණු ඉදි­රි­පත් කළහ.
මේ සිද්ධියේ දෙවැනි සැක­කරු වන සිරි­නා­යක පති­ර­ණගේ තරිඳු මධු­සංඛ යන අයට අයත් වේළු­වන පාර, දෙම­ට­ගොඩ ලිපි­නයේ

වූ ඉඩ­මක් සහ ගොඩ­නැ­ඟි­ල්ලක් සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මට අව­ශ්‍යව ඇති බවත්, ඒ පිළි­බ­ඳව මොවුන් පර­ස්පර විරෝධි ප්‍රකාශ කර­මින් සිටින බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශ සට­හන් කර­ගත යුතුව ඇති බැවින් සැක­ක­රු­වන්ට ඇප නොදෙන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලීය.
සැක­ක­රු­වන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රුන් සඳ­හන් ක‍ළේ පොලි­සිය වරින් වර නොයෙක් සිද්ධි ඉදි­රි­පත් කර­මින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවයි. ඔවුන් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කර­නවා නම් වෙන වෙනම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ යුතුව ඇති බවත්, එකම නඩු­ව­කට වෙන් වෙන් සිද්ධි ඉදි­රි­පත් කිරීම ගැටලු සහ­ගත බවත් නීති­ඥ­වරු අධි­ක­ර­ණ­යට දැනුම් දුන් අතර, ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය ඇප පනත ප්‍රකා­රව සැක­ක­රු­වන්ට ඇප දෙමින් අගෝස්තු 23 දා දක්වා නඩුව කල් තැබීය.

 
නිමන්ති රණ­සිංහ

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here