දෙණියායේ නිදහසේ ඉන්න නියම තැනක්

0
13


නුවරඑළියට සමාන සුන්දර දේශගුණයක් තියෙන ලස්සන පැත්තක් තමයි දෙණියාය කියන්නේ. සංචාරකයින් වැඩි වැඩියෙන් දෙනියායේ යන්නේ ඒ පැත්තේ බලන්න ගොඩාක් දේවල් තියෙන නිසා. දෙනියායේ පැට්නා, මෝනිං ප්ලේස් , සිංහරාජය වගේ සුන්දර තැන් නරඹන්න යන ගොඩාක් අය දෙණියාය තෝර ගන්නවා නිවාඩුව ගතකරන්න.

එහෙම යන අයට නිදහසේ ගෙදර වගේ ඉඳලා අමතක නොවෙන නිවාඩුවක් ගත කරන්න පුළුවන් තැනක් තමයි මේ. මේකට කියන්නේ Cool Breeze Holiday Home කියලා . මේ නවාතැන තියෙන්නේ දෙණියායේ දෙනියයාය විහාරහේන ප්‍රදේශයේ පුද්ගලික තේවත්තක් මැද්දේ. මෙතන එකපාර 5 දෙනෙකුට ඉන්න පුළුවන්. තව කට්ටිය වැඩි නම් මේට්‍රස් දාලා ඉන්න දෙන්න පුළුවන්. 5 දෙනෙක් නවතිනවා නම් මෙතන ගාණ රුපියල් 10000 ක් වෙනවා. එන අය අවශ්‍ය දේවල් අරං ආවොත් මෙතන ඉන්න කෝකියාට කියලා ඒ ටික හදා ගන්න පුළුවන්. BBQ පහසුකම් එක්ක නිදහසේ සිංදුවක් කියලා විනෝද වෙන්න පුළුවන් නියම තැනක් මෙතන.

[000263] [000257] [000188] [000168]

මෙතන ඉඳලා සිංහරාජයට සහ පැට්නා වලට දුර කිලෝමීටර් 8ක් විතර තියෙන්නේ. අනික මෙත ඉඳලා වට පිට බැලුවම පේන දර්ශනය අතිශය සුන්දරයි. හාත්පස වට පිටාව හොඳින් පේන විදිහට මේ සුන්දර නවාතැන හදලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ඊළඟ නිවාඩුවට මේක නියම සුන්දර තැනක්. මොකද හැමදාම හැමදෙනාම නිවාඩුවට යන තැන් වෙනුවට වෙනසකටත් එක්ක මේ වගේ තැනක් තෝරා ගත්තොත් අමතක නොවන නිවාඩුවක් ගත කරන්න පුළුවන්.

[000234] [000271] [000215] [000252]

අයකිරීමත් ඉතාම සාධාරණයි. නිදහසත් උපරිමයි. ඉතිං තවත් හිතන්න දෙයක් නෑ. Plan කරමු ඊළඟ ට්‍රිප් එක මෙහෙට.

මේ සුන්දර නවාතැන වෙන් කර ගන්නවා නම් කථා කරන්න 0711097899 කියන දුරකථන අංකයට.

@teamawidimu

kdkteckdktec

No comments yet.

Leave a Reply

Click here to cancel reply.





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here