දුර්ලබ කැස්බෑවුන් අධික මිලට තරු හෝටල්වලට..

0
6

මන්නාරම් බොක්ක ප්‍රදේශයේදී දුර්ලබ වර්ගයේ කැස්බෑවෙකු අල්ලා ධීවර යාත්‍රාවකින් ගෙඩබිමට රැගෙන ඒමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

මන්නාරම් බොක්ක ප්‍රදේශයේදී නාවික හමුදාව වීසින් සිදුකරන ලද සෝදිසියකදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී සිදුකරන ලද සෝදිසියකදී යාත්‍රාවේ පණපිටින් සිටි දුර්ලබ වර්ගයේ කැස්බෑවෙකු ගොඩබිමට රැගෙන යාමට උත්සහ කරමින් සිටියදී මෙලෙස නාවික හමුදා භාරයට පත්විය.

පසුව අදාල සැකකාර ධීවරයින් තිදෙනා, ධීවර යාත්‍රාව සමගින් දැල් ආම්පන්න අත්අඩංගුවට ගෙන ඒ් පිළිබඳව නාවික හමුදාව විසින් මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමට පියවර ගන්නා ලදි.

පසුව ඒම ස්ථානයට පැමිණි මන්නාරම් වනජීවි නිලධාරීන් විසින් කැස්බෑවා ආරක්ෂීතව මුහුදට මුදා හැරීමට පියවර ගත් අතර සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙසින් දුර්ලබ වර්ගයේ කැස්බෑවුන් අල්ලා තරු හෝටල්වලට අධික මිල ගණන් වලට විකිණීමේ ජාවාරමක් පවති බැවින් මෙයද ඒවැනි උත්සයක් වියහැකි බවට සැකපලකරන බවටද මන්නාරම් වනජීවි නිලධාරීන් වඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here