දිල්ලි මහ ඇමැතිට ඇප ලැබෙයි – Sri News ජාත්‍යන්තර පුවත්

0
5

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන එස්.එෆ්.ජේ වෙතින් දේශපාලන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඒ, දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනාගේ චෝදනා වලට අදාළවයි.

මහ ඇමැති කෙජ්රිවාල් මෙම චෝදනා ප්‍රතික්ෂේක කරන අතර ඔහු පවසන්නේ, ඔහු සහ ඔහුගේ ආම් ආද්මී පක්ෂය දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here