දිල්ලියේ උණුසුම ඉහළට – Sri News ජාත්‍යන්තර පුවත්

0
6

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

දිල්ලි අගනුවර ඇතුළු / උතුරු ඉන්දියාවේ මේ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වඩා ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ඉරිදා දිනයේ දිල්ලි නජාෆ්ගාර් දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 47ක් ලෙසයි.

එය රටේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබුණා.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියටත් මෙම අධික උෂ්ණත්වය පවතිනු ඇති බවයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම වසරේදී සමස්ත ඉන්දීය ජනතාවට උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පීඩා විදීමට සිදුවන බවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here