දෑස නොපෙනෙන ක්‍රිකට් පිනවන, ආදරය දනවන ක්‍රිකට්

0
20


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ලංකාවේ ක්‍රීඩා පරිපාලන කේෂ්ත්‍රෙය් සද්ධන්තම ආයතනය හැටියට හැඳින්විය හැකිය.ඒ සද්ධන්ත බව ක්‍රීඩා ජයග්‍රහණවලින් මෙන්ම විවිධ භෞතික සාධකවලින් මෙන්ම අනෙකාට උපකාර කරන ආදරයද ක්‍රියා පදයක් කර පෙන්වන්නක්ය.ඒ නිසාම රටේ බොහෝ ක්‍රීඩාවල ඉදිරි ගමණට අදාළ සහයෝගය සහ මිත්‍රත්වයේ සුහදශීලී සෙනෙහස ක්‍රිකට්වලින් අන් ක්‍රීඩාවලට ලැබීම සිඳුවෙමින් පවතින්නේය.එසේම ජාතිකමය ගැටළුවලදී ද මැදිහත්කරුවෙක් ලෙස ගැටළු විසදීමට සහය වන ශ්‍රී ලංකා ක්‍රිකට් මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ඖෂධ ලබා දීම වැනි වැඩවලටද සම්බන්ධ වන්නේය.

ඒ සති සිතින් බැඳුණු සත් කාර්යයේ තවත් පියවරකදී ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවර පකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එම සංචාරය සඳහා අවශ්‍යය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ හැටක මුදලක් පිරිනැමීමට ද ඉදිරිපත් විය.විස්සයි විස්ස තරගමාලාවක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියට ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව,නේපාලය,පකිස්තානය,බංගලාදේශය,දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය සහභාගි වීමට නියමිතය.
නොවැම්බර් 23 සිට දෙසැම්බර් 3 වන දා දක්වා පැවත්වෙන මෙම ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 21 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට් පත් සහ වීසා සඳහා ද,පෙර පුහුුණු කටයුතු සඳහා අවශ්‍යය පහසුකම් සපයා ගැනීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනමන ලද රුපියල් ලක්ෂ හැටක මුදල,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ප්‍රදානය කරන්නට යෙදුණේ ඈෂ්ලි ද සිල්වා ය.එම ආවස්ථාවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති තරංග සහ සුදේෂ් එක්ව සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මීට පෙරද දෘශ්‍යෘබාධිත ක්‍රිකට් වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම අනුග්‍රහය දක්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීමේ කොටසක් හැටියට සිඳු කරන මෙවැනි පරිත්‍යාග යටතේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට 2014 වසරේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී, 2016 වසරේ ආසියානු කුසලාන තරඟාවලියේදී,2017 වසරේ විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියේදී, 2018 වසරේ එක්දින දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියේදී, 2019 පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේදී සංචාරයේ දී සහ 2022 දී ඉන්දියාවේ පැවති T20 ලෝක කුසලානයේ දී ද ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආදරය හිමි වී ඇත.

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here