දැහැමි ජීවිතය ආභරණයක් – Sri News

0
4


මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම අවශ්යමයි. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම් වල ඇති විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය.

 

ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් නිසාම ඉන්ද්රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්රතිපදාව උතුම්ය.

සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වය තුල සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ.

 

ජීවිතය අස්ථිරය. එහෙත් මිනිසා විසින් ඇති කරගනු ලබන ආධ්යාත්මික ගුණ සංවර්ධනය ස්ථිරය.

“පේණුපමං කාය මිමං විදිත්වා” ජල දහරාවක හටගනු ලබන පෙණ පිඬක් බඳු සිරුර විනාශ වී ගියද මිනිසා තම ජීවිතයට ලංකරගනු ලබන යහපත් ගති පැවතුම් සත් ආචාර ධර්ම කිසිදා විනාශ වී නොයයි. කිසිදු දිනෙක තමා අත නොහැර එන සෙවණැල්ලක් සේ තමා පසු පස පැමිණෙන බව ධම්ම පදයේ යමක වග්ගයේ පළමු ගාථාවෙන් (ඡායාව අන පායිනි) යන්නෙන් අවධාරණය කරයි.

ආධ්යාත්මික සදාචාර ගුණධර්ම අනුව මිනිසත් බව පිරිපුන් හා දැහැමි ජීවිතයක් ලෙස ගොඩනගා ගනු වස්, බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්තාවල ජීවිතය පිළිබඳ යථාර්ථවාදී විග්රහයක් ඉදිරිපත් කළහ. පුද්ගලයා සිදු කරනු ලබන ක්රියාව බුද්ධිමත්ව, ධර්මානුකූලව සිදු කරන්නේ නම් ශ්රේෂ්ඨත්වයට පත්විය හැකි බව උන්වහන්සේ සෑම විටම පෙන්වා දුන්නා.

මිනිසා ලෞකික වශයෙන් බැදීම්වල වෙලී සිටියි. බැඳීම් වලින් ඉවත් වී සීලයෙහි පිහිටා ප්රඥාව තුළින් සිත සමාධිගත කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බෞද්ධ දර්ශනයේ සඳහන් වෙනවා.

දැහැමි ජීවිතයක ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් අපි කතා කරමු.

 

කාරුණික බව, අල්පේච්ච ගුණයෙන් යුක්ත වීම, අන්යමත ඉවසීම, ධාර්මිකත්වය අගය කිරීම, යහපත්ව කටයුතු කිරීම, කම්පා නොවීම ආදිය ඉන් කිහිපයක්.

පුද්ගලයකුගේ ජීවිතය දැහැමි වීමට නම් අනුගමනය කරනු ලබන යම් ශීල ප්රතිපදාවක් තිබිය යුතුයි. ගිහියාගේ නිත්ය ශීලය පංච ශීලයයි. වැරදි දැකීම්වලින් ඉවත් වී යහපත් ක්රමවේදයක් අනුගමනය කිරීමෙන් දැහැමි ජීවිතයක් ගොඩනඟා ගත හැකි බව බ්රහ්මජාල සූත්රයේ සඳහන් ය.

 

අජාසත් රජු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගිය අවස්ථාවේ සීලවන්තව, දැහැමිව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දැක තුෂ්නිම්භූත විය.

සංසුන්ව වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දුටු අජාසත් රජුට මාගේ උදය බද්ධ කුමරු ද මෙසේම වේවා යැයි උදානයක් පහළ විය. මෙයින් පැහැදිලි වන්නේ ධාර්මිකත්වය අගයන පුද්ගලයා සමාජයට වැඩදායි වන බවත් ඔහුගෙන් කිසිවකුටත් හානියක් නොවන බවත් ය.

මිනිස් සිත සිල්වත් වන තරමට ඔහුගේ ආධ්යාත්මය පාරිශුද්ධත්වයට පත්වේ. පිරිසුදු සිතින් කරන, කියන දේ යහපත් වන අතර නිරන්තර පුද්ගල සිත දැහැමිවනු ඇත. සීලය සම්පන්න වූ පුද්ගලයෝ තම ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර ගනු ලබති. එවැනි පුද්ගලයා තමාටම ගෞරව කරයි. යහපත් වූ පුද්ගලයා ක්රියාව සංවර කර ගනී. ප්රාණඝාත, අදත්තාදාන, කාමමිථ්යචාර ආදියෙන් ඉවත්ව කටයුතු කරයි.

 

සීලය යනු අයහපත් දෙයින් ඉවත් වීමයි. කළ යුතු නොකළ යුතු දේ මනාව වටහා ගෙන කටයුතු කිරීමයි. දැහැමි ජීවිතය අගයන්නා අල්පේච්චතාව ගරු කරයි. අල්පේච්ඡතාව දැහැමි ජීවිතයක ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථි පදෝපම සූත්රයේදී දේශනා කළහ.

“යම් සේ පියාපත් ඇති ලිහිණියා යම් දෙසක පියාඹයිද පියාපත් බර පමණක් ඇතිව පියාඹයි. මෙපරිද්දෙන් භික්ෂු තෙම පරිහරණය කිරීමට ප්රමාණවත් සිවුරෙන්ද යුක්තව සතුටු වී යම් තැනකට යයි නම් පා සිවුරු බර පමණක් ගෙන යන්නේ ය.”

අල්පේච්ඡතාව ගිහියාට ද බෙහෙවින් අදාළ වූවකි. මහේච්ඡතාව ඇතිවන තරමට සමාජ ප්රශ්න සංකීර්ණ වනු ඇත. ඉන් මිනිසාගේ ධාර්මිකත්වයට හානිවනු ඇත.

 

වරක් උපනන්ද භික්ෂූන් වහන්සේ සිවුරු ආදී පරිස්කාර ගොඩගසා පරිහරණය කරන බව දැනගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැඳවා ඒ සියල්ලම සිවුරු නැති භික්ෂූන් වහන්සේ හට බෙදා දීමට කටයුතු කළහ. සරල චාම් දිවිපෙවෙතක් අගයන්නා බාහිර අලංකාරකම් වලට එතරම් රුචිකත්වයක් නොදක්වන අතර ආශාවන් පසුපස ලුහු නොබඳී. ලද දෙයින් සතුටු වීමට වග බලා ගනී. සුවඳ ගැල්වීම, අලංකාරය පිණිස නොයෙක් දේ ගෑම වැනි මෙලොව පරලොව දෙලොවම අවැඩදායක දේ නොසොයයි. දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ අම්බට්ඨ සූත්රයේ එය මනාව දක්වා ඇත.

අසීමිත ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා ඇතැම් ක්රමය තුළින් ඉතිරිවන ආවසාන ප්රතිඵලය අසහනයයි. ගැටීමයි. විනාශයයි.

 

චාම් බව, දැහැමි බව ඇති කරගත යුත්තේ පුද්ගලයා මෙවන් විනාශකාරී මාර්ගයකට අවතීර්ණ වීම වැළැක්වීම පිණිස ය.

දැහැමි ජීවිතය අගයන්නා තමාට අනවශ්ය දේ නොකරන අතර අයහපතක් වන දේ ද නොකරයි. දැහැමි වූ පුද්ගලයා කෙරෙන් කිසිදු පීඩාවක් කිසිවකුටත් නොවන බව අම්බට්ඨ බමුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අම්බට්ඨ සූත්රයේ තොරතුරු වල සඳහන් වේ.

මනසින් උසස් සත්වයකු ලෙස මිනිසා සිතා විමසා බලා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඉන්ද්රිය දමනය කර ගැනීම වටී. බුද්ධ දේශනාගත මූලික ඉගැන්වීම් වල අන්තර්ගත අවසාන විමුක්තිය හෙවත් නිවන අවබෝධ කර ගැනීමම නම් පළමුවෙන් පුද්ගලයා ධාර්මිකත්වය අගය කළ යුතු ය. ඇස, කණ, නාසය, දිව, ශරීරය මෙකි ඉන්ද්රියන් මිනිසාගේ යහපත පිණිස මෙන්ම අයහපත පිණිස ද යොදා ගත හැකි ය. දැහැමි හදවත නිරතුරු තැන්පත් ය. එනිසාම ඉන්ද්රියන් ශාන්තය. අගාරික ජීවිතයට වඩා අනගාරික ජීවිත ප්රතිපදාව උතුම්ය. සැනසුමේ මූලාරම්භය ධාර්මිකත්වයයි. විශ්වයේ සියල්ල තමාගේ කරගැනීමට උත්සාහ දැරීමෙන් මිනිසා තුළ වෛරය, සංතාපය, දුක්වීම ඇතිවේ.

 

බුදු දහමෙන් ගොඩ නැඟුණු දැහැමි සිතක් නිරන්තර පරාර්ථකාමීය තමා පමණක් සුවසේ විසීමට කල්පනා නොකරයි. ලොව සත්ව ප්රජාවගේම සතුට, සැපය ප්රාර්ථනා කරයි. ආත්මාර්ථකාමීත්වයෙන් වැනසීමද පරාර්ථකාමීත්වයෙන් සැනසීමද ලැබිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්රයේ දී පෙන්වා වදාලා.

තමාගේ විමුක්තිය පතන්නා කිසිවක් තනිව ගොඩගසා නොගනී. ධනයට ගිජු නොවේ. අනුනට දීමට පිනට දීමට අකමැති නොවේ. පරමාදර්ශි ක්රියාව මත පිහිටා ධාර්මිකව සැහැසිකම් නොකොට ධනය, උපයයිද, අනුභව කරත් ද එය දැහැමි ජීවිතයක් ගොඩනඟා ගැනීමේ යහපත් මාවතකි.

යහපත් ධාර්මික වූ පුද්ගලයා තම ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයට ද ගරු සරු දක්වයි. ‘සංබ්බසං ජීවිතං පියං’ සියල්ලෝ තම ජීවිතයට පිරයය .එවන් තැනැත්තා සමාජයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගනී.

සංසුන් දිවි ගමන අගයන දැහැමි පුද්ගලයා තමාට, තම දරුවන්ට, ඤාතීන්ට පමණක් නොව මුළු මහත් ලෝක සත්වයාටම මෛත්රී කිරීමට පෙළඹේ.

 

ධාර්මිකත්වයේ සංකේතය බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මිතුරන්ට මෙන්ම සතුරන්ටද මෙත් වැඩූහ. කරණීය මෙත්ත සූත්රයේ දී අවධාරණය කරනුයේ,

“මෙතතං ච සබ්බ ලොකස්මිං මාණසං භාවයේ අපරිමාණං” මිනිසුන් අතුරින් ධාර්මිකත්වය අගයන්නා සියලු ලෝක සත්වායටම මෙත් වඩන බව හෙළි වේ. බෝසත් අවධියේ සඳහන් ක්ෂාන්තිවාදී ජාතක කතාවෙන් දැහැමි මිනිසත්කම ලොවට කියා පායි. ධාර්මිකත්වය මත ගොඩනැඟුණු යහපත් අල්පේච්ඡ ජීවිතයක ඇති සැහැල්ලු බව, චාම් බව, සැනසිලිදායක බව වටිනාකම බුදුරජාණන් වහන්සේ ආ

දර්ශයෙන් ලොවට කියා පෑහ.

 

කීර්තිය, ප්රශංසා ලාභ, මිල, මුදල් ආදිය පසු පස ලුහුබඳිමින් දුවන ලෝභ සහගත මිනිසා ලෞකික දියුණුව පමණක් නොව ලෝකෝත්තර දියුණුව ගැන ද සිතිය යුතු ය. නිහතමානී වීම ලද දෙයින් සතුටුවීම, කළගුණ සැලකීම, සුදුසු කාලයේ දී ධර්මයට සවන් දීම, ඉවසීම, කරුණාව, දයාව, මෛත්රීය ආදී ගුණාංගයන්ගෙන් ජීවිතය පෝෂණය කර යහපත් ප්රගතිමත් දැහැමි ජීවිතයක පැවැත්ම සඳහා බෞද්ධ දර්ශනයෙන් ලද හැකි ආභාෂය ලබමින් ජීවිත සරු කර ගැනීමට අප සැවොම වග බලා ගත යුතු ය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here