දැවෙන ප්‍රශ්න කිහිපයක් සදහා 1. ඉක්මනටම කොන්ඩෙ වවාගන්න ඕනද මේකට ඕන කරන්…

0
5


🙂🙂 දැවෙන ප්‍රශ්න කිහිපයක් සදහා 🤔🤔

1. ඉක්මනටම කොන්ඩෙ වවාගන්න ඕනද මේකට ඕන කරන්නේ =

කෝමාරිකා ජෙල්
කොහොඹ කොල
එඩරු තෙල්
සුදු පොල්තෙල්

* මුලින්ම කෝමාරිකා පිත්තක් අරගෙන ඒකෙන් මදය පරිස්සමින් වෙන් කරගන්න. කොහොඹ කොල සෝදලා වේලලා කුඩු කරගන්න. ඊටපස්සේ කෝමාරිකා ජෙල් එකට කොහොඹ කුඩු මේස හැදි එකයි , එඩරු තෙල් තේ හැදි එකයි, සුදු පොල්තෙල් තේ හැදි එකයි එකතු කරලා හොදින් බ්ලෙන්ඩ් කරගන්න.. මෙය හිස්කබලෙහි ආලේප කරලා විනාඩි 15කින් පමන සෝදා ඉවත් කරන්න..

* කරපින්චා ඔයිල් භාවිතයෙන් ද කොන්ඩෙ දික් කරගන්න පුලුවන් ..

2. හිසකෙස් ගැලවී යනවද? ගනකම් කොන්ඩයක්ද. මේ සදහා ඕන වෙන්නේ..

පොඩි ළූනු කෝප්ප 1/4
තල තෙල් කෝප්ප 1
තල තෙල් ටික රත් වෙන්න තියන්න.ළූනු ටික
පොතු ඉවත් කරලා ටිකක් තලලා පොඩි කරගන්න. ඊටපස්සේ රත් වෙලා තියෙන තෙල් එකට ළූනු ටික එකතු කරන්න.ඔයාට බුබුලු නගිනවා දකින්න පුලුවන්.. බුබුලු නැගීම උපරිමයෙන් වෙලා නැවත අඩු වීගෙන එන විට ලිපෙන් ඉවත් කරගන්න. මේ තෙල් එක වීදුරු බෝතලයකට දාලා තියාගෙන භාවිතා කරන්න.

3. හිස්හොරි ප්‍රශ්නයක් වෙලාද ? මේකට ඕනේ වෙන්නේ ..

උලුහාල්
දෙහි ගැට
දෙහි ගැට කපලා අරගෙන ඒකට උලුහාල් එකතු කරලා හොදින් තම්බාගන්න. ඊටපස්සේ දෙහි ටික හොදින් පොඩි කරලා ඒ තැම්බූ වතුර ටික පෙරා ගන්න. ඊට පස්සෙ එසේ තැම්බූ වතුර හිසෙහි ආලේප කරලා විනාඩි 20කින් සෝදා ඉවත් කරගන්න..
ස්වාභාවිකව හිසකෙස් කලු කරගමුද?
මේ සදහා ඕනේ වෙන්නේ ,
සුදු පොල්තෙල්
කලුදුරු
දෙහි යුශ
කෝපි කුඩු
කලුදුරු හොදින් සෝදලා වේලලා කුඩු කරගන්න.. ඊටපස්සේ කලුදුරු කුඩු එකට කෝපි කුඩු එකතු කරගන්න. මේකට දෙහි යුශ තේ හැන්දක් සහ සුදු පොල්තෙල් තේ හැන්දක් පමන එකතු කරලා හොදින් මිශ්‍ර කරලා ආලේප කරන්න. විනාඩි 15කින් පමන සෝදා ඉවත් කරගන්න.

උපුටනයකි රු රහස් පිටුවෙන් …



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here