දැවැන්ත වෙනස්කම් රැසක් සමගින් සමගි ජන බලවේගයේ ප්‍රතිසංවිධානය ජනවාරියේ !

0
20


සමගි ජන බලවේගයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු 2025 ජනවාරි මුල් සතියේ සිටම ආරම්භ වන බවත් තනතුරු රැසක වෙනස්කම් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ජනවාරි මාසයේ සිදුකරනවා. ගොඩක් වෙනස්කම් වෙයි. ඔබතුමන්ලාට දැවැන්ත වෙනසක් පෙනෙයි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නායකත්වයත් වෙනස් වෙනවාද ?

“නායකත්වය වෙනස් වෙන්නෙ නෑ. නායකත්වය සහිතව නායකයාගේ යම් යම් වෙනස්කම් වෙයි. නායකයාටත් යම් යම් අඩුපාඩු රටේ ජනතාව කියනවානෙ. ඒවාත් වෙනස් වෙලා, ගොඩාක් නිලතල වෙනස් වෙලා, අලුත් වැඩේ පටන් ගන්නවා අපි”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නායකයා ස්වයං විවේචනයකට ලක්වෙලා තියෙනවාද ?

“අපි සියලු දෙනාම යම් යම් විදියට අවබෝධ කරගන්න ඕනෙ. මම හිතන්නෙ ඒ පිළිබඳ සාකච්ඡාව ජනවාරි මුල් සතියේ සිදුවෙනවා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා. අපි 2025 වැඩ පටන් ගන්නවා”



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here