දායකයන්ගේ කෝටි 5 කට විදලා පූසාරි අතුරුදන් වෙයි

0
6


යාපනය, කොකුවිල්, පොල්පති පිල්ලයාර් කෝවිලේ පූසාරීවරයා දින කීපයකට පෙර අතුරුදන්ව තිබෙනවා.

ඒ රුපියල් කෝටි පහකට වැඩි මුදලක් ද සමඟයි.

මෙම මුදල කෝවිලේ ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරව පූසාරිවරයා විසින් දායකයන්ගෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ ගණනින් මුදල්, විදෙස් රටවල සිටින දායකයින් පවා එවා ඇති බව සඳහන් වනවා.

එම කෝවිලේ විශාල බිත්ති කීපයක් ද කඩා දමා පූසාරීවරයා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාල පූසාරීවරයා විසින් මුල් දිනයේ මුදල් ගෙවා තිබෙනවා.

කෙසේ වෙතත්, පසුදින සිට ඔහු අතුරුදන්ව ඇති අතර ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතකොට ඇති බව ගම්වාසීන් පැවසීය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here