දරුවනි භාවනාවට සිත් යොමන්න – Sri News

0
8


ඔබ පාසලේ තිබෙන ඔරලෝසුව ගැන මදකට සිතන්න එය වෙලාව දක්වන යන්ත්‍රයක්.. ඔබ ඔරලෝසුව ළඟට ගොස් එහි මුහුණත දෙස ටික වේලාවක් බලා ඉන්න. එවිට එහි ඇති කටු ඉලක්කම් පසු කරමින් ගමන් කරන බව ඔබට පෙනෙයි. ඔරලෝසුව අපට දවසේ නියම වේලාව දක්වයි එයින් අපේ කටයුතු නියම වේලාවට කර කර ගැනීමට හැකියාව ලැබෙනවා

 

දැන් මිනිසා ගැන සිතා බලන්න මිනිසාත් යන්ත්‍රයක් වගේ එහෙත් මිනිසා ඔරලෝසුවට වඩා පුදුම යන්ත්‍රයක් ඔරලෝසුවට කළ හැක්කේ එකම ක්‍රියාවකි එනම් වෙලාව දැක්වීමයි.

ඇවිදීම කතාකිරීම සෙල්ලම් කිරීම නැටීම ගී ගැයීම වැනි බොහෝ ක්‍රියා මිනිසාට කරන්නට පුළුවන් ඔහු ඔරලෝසුව වැනි නොයෙක් විදිහේ යන්ත්‍රත් තනනවා.

එසේ තැනූ යන්ත්‍ර මගින් සඳට යෑමත් මිනිසා විසින් කළ පුදුම ක්‍රියාවක්

 

මෙවැනි පුදුම ක්‍රියා කරන මිනිසාගේ ප්‍රධාන කොටස් දෙකක් තියනවා එකක් ශරීරය අනිත් කොටස හිත හෙවත් සිත හෙවත් මනස ශරීරය අපි කාටත් දැකගන්නට පුළුවන් එහෙත් හිත එසේ දැක ගැනීමට නොහැකියි.

පාසලට එන විට පන්තියේ වැඩට ගෙන ඒමට අමතක වූ යමක් අතරමගදී ඔබට මතක් වෙනවා එසේ යමක් සිහියට නැගෙන්නේ සිත ක්‍රියාකාරී වීම නිසයි ඔබ සිතා මතා කරන හැම ක්‍රියාවකදීම මුල් වන්නේ සිතයි සැපක් හෝ දුකක් හෝ ඔබට දැනෙන්නේත් සිත ක්‍රියාකාරී වීම නිසයි

මෙසේ පහළ වන සිතිවිලි නිසා ඔබට සිතක් ඇති බව තේරුම් ගන්නට පුළුවන්

 

ශරීරය නිරෝගීව තබා ගැනීම සඳහා සරඹ ක්‍රියා වැනි ව්‍යායාමවල යෙදිය යුතු බව ඔබ දන්නා කරුණක් එමඟින් ශරීරය හොඳින් වැඩෙනවා මිනිසාගේ සිතත් නීරෝගීව තබා ගැනීමට අවශ්‍යයි එය ඔහුගේ දියුණුවට බෙහෙවින් උදව් වෙනවා සිත නීරෝගීව තබා ගත හැක්කේ කෙසේදැයි දැන් අපි බලමු

සිල් ගත් උපාසකයකු පොහෝ දිනක පන්සලක දී හැසිරෙන ආකාරය සිතා බලන්න ඔහු කයින් වචනයෙන් සිතින් හික්මුණු බවක් දක්නට තිබෙනවා ඔහුගේ ඉරියව් උපශාන්ත කතාව සංවරයෙන් යුක්තයි

සිත පිනටම බරයි මෙවැනි උසස් ගති පැවතුම් ඔහු ලබා ගත්තේ සිල් සමාදන් වී භාවනාවෙහි යෙදී සිත දමනය කරගත් නිසයිඒ වාගේමයි සිත නිරෝගී තත්ත්වයකට ගෙන ආ නිසයි

සිත නිරෝගී කර ගැනීම සඳහා බුදුදහමෙහි අගනා මාර්ගයක් දක්වා තියෙනවා එය හැඳින්වෙන්නේ භාවනා කියලයි.

භාවනා යන වචනයෙහි තේරුම වැඩීමයි … යහපත් අරමුණක සිත පිහිටුවා ගෙන හික්මවීම හා නුවණ දියුණු කර ගැනීම මින් අදහස් කෙරෙනවා

බුදු දහම අනුව භාවනාව කොටස් දෙකකට බෙදෙනවා එනම් සමථ සහ විදර්ශනා ලෙසයි

 

සමථ යනු සිත යහපත් අරමුණක පිහිටුවාගෙන හික්ම වීමයි හික්මවීම සිතෙහි පහළවන කෝපය වැනි දුබලකම් යටපත් කිරීමටද වැළැක්වීමටද සමථ භාවනාව ආධාර වෙයි

විදර්ශනා භාවනාව යනු නිවන් ලබා ගැනීම සඳහා නුවණ දියුණු කර ගැනීමයි

දාන ශීල භාවනා යනුවෙන් පින්කම් තුනක් බුදු දහමෙහි ඉගැන්වෙනවා සැදැහැවත් සෑම බෞද්ධයෙක්ම හැකි හැම විටකම මේ පින් දහම් 3 තුන සිදු කරනවා .

මෙයින් දන් දීමට වඩා සිල් රැකීම උසස් .සිල් රැකීමට වඩා භාවනාව උසස්.

ඒ අනුව මේ පින්කම් තුනේ ඉතාමත් උසස් වන්නේ භාවනා කිරීමයි.

කෙසේ වුවත් අනිත් පින්කම් සිදු කිරීම කිරීම ද යහපත් චරිතයක් ගොඩ නගා ගැනීමට උදව් දෙනවා … භාවනාවටත් එය මහා උදව්වක්…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here