දරුඵල බලාපොරොත්තු වන ඔබ කන්න බොන්න ඕන ආහාර… කාන්තාවකගේ, පිරිමියෙකුගේ සරු නිසර…

0
13

දරුඵල බලාපොරොත්තු වන ඔබ කන්න බොන්න ඕන ආහාර…

කාන්තාවකගේ, පිරිමියෙකුගේ සරු නිසරු භාවයට බලපාන බොහෝ හේතු සාධක තියෙනවා. ඒ අතරින් ආහාර ප්‍රධානම සාධකයක්. ඈත අතීතයේ දී පැදුර පෑගුනත් දුසිම් පිටින් ළමයි ලැබුන අපේ ලාංකික කාන්තාවගේ වත්මන් පරපුර දරුඵල නොමැතිවීම්, දරුඵල ප්‍රමාද වීම් වලින් හරියට දුක් විඳිනවා. ඇත්තටම බොහෝ අය දුක් විඳින්නේ තමන්ගෙම වැරදි අඩුපාඩු නිසා කියලා ඔවුන් දන්නේ නෑ.

ප්‍රිතිර් බලම් සුඛම් වෛතීර් විස්තිරො විපුලම් කුලම්
යශෝ ලෝකඃ සුඛෝදකර්ස්තුශ්ටිශ්ච අපත්‍ය සංශ්‍රිතඃ.

පවුලක ආදරය, සතුට සහ තේජස පිරී ඉතිරිලා යන්නෙත් එම පරපුරේ පැවැත්ම, යසස, කීර්තිය නොනැසී ඉදිරියට පවතින්නෙත් එම පවුලට දරු පැටියෙක් ලැබුන දිනයකයි කියලා චරක ආචාර්යවරයා ද ඉහත ශ්ලෝකය තුල පවසනවා. ඉතින් දරුපැටියෙක් ලැබෙනවා කියන්නේ ඒ අම්මට තාත්තට සක්විති රජ සම්පත පහල වුනා වගේ තමයි.

දරුපැටියෙක් බලාපොරොත්තු වෙන අම්මෙක්ට තාත්තෙක්ට වෙනදා වගේ හිතුමනාපෙට කටයුතු කරන්න බෑ. පන්සලකට දේවාලයකට යනවා වගේ ඔවුන්ට ඒ වෙනුවෙන් කයින් මනසින් පේ වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතය වෙනදට වඩා ආධ්‍යාත්මිකව ආගමානුකූලව ගත කරන්නත් ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද පෙනෙන දේවල් වගේම නොපෙනෙන දේවල් වලිනුත් අපිට පිහිටක් පිළිසරණක් ලැබෙනවා කියලා අපි හැමෝම කාලාන්තරයක් තිස්සේ අත්දැකීමෙන්ම විශ්වාස කරනවා.

දැන් වෙනදා වගේ අතට අහුවෙන, හිත ඉල්ලන හැමදේම කන්නෙ බොන්නෙ නැතුව කන බොන දේවල් හරියට තෝරා බේරාගෙන කන්න බොන්න ඕන කාලයක්. එහෙම වුනොත් තමයි සරු ගසකින් සරු ඵලදාවක් ලැබෙනවා වගේ සිරුරට අවශ්‍ය පෝෂණය, ධාතු ශක්තිය හරියටම ලැබිලා ඔබේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවක් කරගන්න පුළුවන් වෙන්නේ.

ඉතින් මේ සඳහා අපේ දේශීය ආයුර්වේදය තුල මවක් පියෙක් වීමට බලාපොරොත්තු වන ඔබ සේවනය කල යුතු නොකල යුතු (පත්‍ය අපත්‍ය) බොහෝ ආහාරපාන ගැන තොරතුරු සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට ඔබේ ආහාරපාන චර්‍යාව සකස්කර ගත්තොත් ඔබේ කිරි සිහිනය තවදුරටත් සිහිනයක් නොවී ඉක්මනින්ම යථාර්ථයක් කරගන්න ඔබට පුළුවන් වේවි.

දරුපැටියෙක් බලාපොරොත්තු වන කාන්තා පිරිමි ඔබ ගතයුතු නොගතයුතු ආහාරපාන

🔴 කාන්තාවන්ට සුදුසු (පත්‍ය) ආහාරපාන

• හාතවාරිය
• ගොටුකොළ
• සාරණ
• අලුකෙසෙල්
• සෝයා බෝංචි
• තල
• කොහිල
• වට්ටක්කා
• මුරුංගා
• නෙළුම් අල
• එළකිරි
• මෝරු
• මීකිරි
• රටඉඳි
• දෙළුම්
• මුද්දරප්පලන්
• හිඟුරල
• බතල
• සුවඳැල් හාල්
• නැවුම් පලතුරු
• නැවුම් මාළු

🔴 කාන්තාවන්ට නුසුදුසු (අපත්‍ය) ආහාරපාන

• දෙල්
• කිරි අල
• අච්චාරු
• වර්ණක, රසකාරක අඩංගු සියලුම කෘතිම ආහාරපාන
• මයික්‍රොවේව් වල පිසින ලද ආහාර

🔵 පිරිමි අයට සුදුසු (පත්‍ය) ආහාරපාන

• මුං ඇට
• එළකිරි
• මෝරු
• සව්
• බාර්ලි
• රටඉඳි
• මුද්දරප්පලන්
• හාතවාරිය
• වැල්පෙනෙල
• ගොටුකොළ
• කතුරුමුරුංගා
• මුරුංගා කරල්
• වරකා
• දෙළුම්
• සුවඳැල්
• උඳු වලින් සකසන ලද ආහාර
• දූරියන්
• වටු සුප්
• වටු බිත්තර
• ඉස්සො

🔵 පිරිමි අයට නුසුදුසු (අපත්‍ය) ආහාරපාන

• දෙල්
• අච්චාරු
• වර්ණක, රසකාරක අඩංගු සියලුම කෘතිම ආහාරපාන

🌸 Pregnant අයට 🌸

• තල ආශ්‍රිත ආහාර
• කිතුල් ආශ්‍රිත ආහාර (කිතුල් හකුරු)
• පැපොල්

මෙම ආහාරපාන වල ඇති ගර්භාෂය හැකිලවීමේ ගුණය නිසා මුල් මාස 04 පසුවන තුරු ආහාරයට නොගැනීම වඩාත් සුදුසුයි.

දරුපැටියෙකු බලාපොරොත්තු වන මව සහ පියා මීට අමතරව නිදහස් මනසකින් සහ ධාර්මික දිවිපෙවෙතක් ගතකල යුතු බව ද මතක තබාගන්න.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸මව්කිරි වඩවන හෙල ආහාරපාන 👇
https://m.facebook.com/story.php?story_fbid=1871627883131706&id=1839559759671852

🔹ගැහැණු ළමයින්ට නිතර අවශ්‍ය පාන වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2064483393846153&id=1839559759671852

🔸ගැහැණු ළමයින්ට සුදුසු ඖෂධීය පාන 👇
https://m.facebook.com/story.php?story_fbid=2075360509425108&id=1839559759671852

🔹අපේ දරුපැටවු ලෙඩරෝග වලින් රැකගත් රතකල්කය 👇
https://m.facebook.com/story.php?story_fbid=2303198093308014&id=1839559759671852

✍️ සටහන :- දිනුෂි හංසනී ධර්මසූරිය
Admin හෙළ අරණ™️
(ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය)
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සුවැති_ආහාර #පෝෂණීය_ආහාර #ගැබ්_ගැනීම #මදසරුභාවය #pregnancy #pregnant #ovulation #sperms #miscarriage #healthyfood #healthy_food #healthyliving




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here