දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් අනතුරක් – විදේශිකයින් සිව්දෙනෙකු රෝහල්ගත කෙරේ.

0
5


දක්ෂිණ අධිවේගි මාර්ගයේ හම්බන්තොට – මත්තල අතර කොටසේ 187 වන කිලෝ මිටර කණුව ආසන්නයේදි විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක්  ලොරි රථයක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ විදෙස් සංචාරකයින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ රුසියානු ජාතික සංචාරකයින් හතර දෙනෙක්.

මේ අතර පසුගිය දින කිහිපය තුළම අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු කිහිපයක් වාර්තා වුණා.

ඒ අතරින් වැඩි කතාබහකට ලක්වුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගිය රිය අනතුරයි.

පසුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අධිවේගී මාර්ගවල රිය අනතුරු බහුලව සිදුවීමට ප්‍රධාන හේතුව ලෙස රියදුරන් නීති රීති උල්ලංඝනය කරමින් රියපැදවීම සහ අධිවේගී මාර්ගය තුළ අවම වේගයක් යටතේ රිය ධාවනය කිරීම බවයි.

කෙසේවෙතත් කැබිනට් මාධ්‍ය හමුවට එක්වූ මාර්ග සංවර්ධන අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, අධිවේගී මාර්ගවල වාහන ධාවනය සඳහා අවම වේගයක් ද නියම කිරීමට පියවර ගන්නා බවයි.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here