තේ පොහොරවලට මිලියන 12,000ක් – Sri News දේශීය පුවත්

0
8

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යය අද දින (24) පෙරවරුවේ කොටපොළ ‌ෙඑතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී පැවැත්වුණා.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වුණා.

‌තේ වගාකරන සෑම ප්‍රදේශයකින්ම ලබා ගන්නා ලද නැවුම් තේ ‌ෙඑතිහාසික ගැටඹරු රාජ මහා විහාරයේ දී ත්‍රිවිධ රත්නයට පූජා කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවට තේ වගාව නියෝජනය කරන රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ නිලධාරින් රැසක් සහභාගි වී සිටියා

ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය හා පොහොර අර්බුදය නිසා තේ වගාව සඳහා පොහොර යෙදීම අවම විය. මේ නිසා තේ අස්වැන්නෙහි සැළකිය යුතු අඩු වීමක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

මේ නිසා වී වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබා දුන් පරිදි තේ සඳහා ද පොහොර සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා තේ මණ්ඩලයට රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කරන ලෙස තමන් උපදෙස් දුන් බවද ප්‍රකාශ අකර තිබෙනවා.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකියි.

පසුගිය කාලය තුළ මෙම පොහොර වැඩ පිළිවෙලෙහි යම් පසුබෑමක් දක්නට ලැබුනු හෙයින් තේ කර්මාන්තකරුවන් තේ පොහොර යෙදීමට කළ සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව තේ පොහොර තේ වගාකරුවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා තේ කර්මාන්තකරුවන්ගේ මැදිහත් වීම මත පොහොර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ නිසා ලබන වර්ෂය වන විට මෙරට තේ නිෂ්පාදනය නැවත වරක් ඉහළ යන බවත් ඒ සඳහා තමන් විශ්වාසය පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලා

 

The post තේ පොහොරවලට මිලියන 12,000ක් appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here