තෙල් පෝලිමක සිහි නැති, හදවත නතර වුණු පුද්ගලවකුගේ ජීවිතය බේරා ගන්න ඔයා කරන්න ඕනි මොකක්ද? – Sri News

0
3

වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා තෙල් පෝලිම් වල මිය යන මිනිසුන් ගැන අපේ හදවත් කම්පනය වන ආරංචි එක ළඟ එක ඇහෙන්න පටන් අරන්.

එහෙම ස්ථානයක ඔයා හිටියොත් ඔවුන් වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිත බේරා ගන්න ඔයාට කරන්න පුලුවන් මූලික දේවල් පිළිබද සහ කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන ඔයාව දැනුවත් කරන්න තමයි මේ lifie අපි සූදානම් වන්නේ.

“හෘද ස්පන්දනය නතර වූ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී හැම තත්පරයක්ම වටිනවා. කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන දන්නා උදවිය සමාජයේ වැඩි වන තරමට බේරා ගත හැකි ජීවිත ගණන වැඩි වෙනවා.”
බ්‍රිතාන්‍ය හෘද පදනමේ සහකාර වෛද්‍ය අධ්‍යක්‍ෂ, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝන්යා බාබු-නාරායන් පැවසුවා.

එම නිසා ඔයා රෝගියා වෙනුවෙන් කලහැකි උපරිමය කරන්න. ඔහුව රෝහලකට, වෛද්‍යවරයකු වෙතට වොමු කරන තුරු ඔහුගේ ජීවිතය රැක ගන්න ඔයා මොනවද කරන්න ඕනි.

මේ වෙලාවේ ඔබට තනියම මේ වැඩේ කරන්න අපහසුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අපිට සිද්ධ වෙනවා අනිත් අයගෙනුත් උදව් ලබා ගන්න. මොකද රෝගියාව වාහනයෙන්, පාරෙන් ඉවත් කරගන්න. ඒ වගේම ඔබට අනිකුත් මූලික කටයුතු සදහා වෙනත් අයගේ උදව් අවශ්‍යයි.

1990 සුව සැරිය ගිලන් රථයේ පළපුරුදු අය සිටින නිසා සුවසැරියේ සේවාව ලබා ගැනීම ඉතා හොදයි. සුව සැරිය සම්බන්ධ කරගත නොහැකි නම් වෙනත් වාහනයකට කතා කරන්න.

ඒ පුද්ගලයාව පුලුවන් හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනිතලා බිමකට ගන්න. හාන්සි කරවන්න.

ඔහු සමග කතා කරලා බලන්න. ඔහුගේ ශරීරයට තට්ටු කරමින් උස් හඬින් කතා කරන්න.

ඔහු හුස්ම ගන්නවාද නැද්ද යනවග බලා ගන්න ඔයා රෝගියාගේ පපු ප්‍රදේශය නිරාවරණය කර ගන්න. ඉන් අනතුරුව ඔයාගෙ කම්මුල සහ කන රෝගියාගේ මුඛය සහ නාසය ළඟට ගෙනිහිල්ලා පපුව දිහා බලන් ඉන්න. මේ විදියට රෝගියා හුස්ම ගන්නවාද නැද්ද කියල පියවරයන් තුනකින් ඔයාට දැනගන්න පුලුවන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here