තුවාල සහිතව මිය ගිය හඳුන් දිවියෙක්ගේ සිරුරක් හමුවෙයි – Sri News දේශීය පුවත්

0
9

තුවාල සහිතව මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා.

වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු කැළැවක මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති හඳුන් දිවියා හොඳින් වැඩුණු සතෙකු බවත් , හඳුන් දිවියාගේ උදරයේ සහ පසුපස ප්‍රදේශයේ විශාල තුවාලයක් සිදු වී ඇති බවත්, හඳුන් දිවියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් හඳු න් දිවියෙකු බරපතල ලෙස තුවාල ලැබීමෙන් පසු මියයන්නට ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසා සිටි බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ප්‍රකාශ කළා

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here