තියුණු ආයුධවලින් පහරදී මහමඟදී මුදල් කොල්ලකයි

0
11


පමුණුගම දෑලතුර ඇලබැම්ම ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකුට තියුණු ආයුධවලින් පහරදී ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකා ති‌බේ.

අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබු වෙළෙඳ දැන්වීමක් අනුව යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා ලොරි රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට අදාළ පහරදීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

මාර්ගයේ සැඟව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර රුපියල් 132,000ක මුදලක්, ජංගම දුරකථන 5ක්, රන්මාලයක් සහ අත්පළඳනාවක් කොල්ලකා පළාගොස් ඇත.

පහරකෑමෙන් තුවාල ලැබුවන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොල්ලකෑම සිදුකළ සැකකරුවන් පමුණුගම පොලීසිය විසින් හඳුනාගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here