තාත්තා රුසියාවේ පොඩි වැඩ කරන්න කියලා ගියේ. හැබැයි යුද්දෙට යවලා – මගේ තාත්තාව ගෙනල්ල දෙන්න – Sri News දේශීය පුවත්

0
9

රුසියා යුක්‍රේන යුද්දයට මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධි ලෙස යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි 423ක් ලැබී තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය හදුන්වාදුන් දුරකතන අංකයට මෙම පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුලු කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පුළුල් විමර්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර මෙම ජාවාරමට හසුවු අම්පාර මිහිදු පුර පදිංචි ඒ ඩී එස් නිරෝෂ නැමැති හිටපු විශේෂ බලකා සෙබලාගේ හඩපටයක් ද ඔවුන්ගේ ඥාතීන් වෙත ලැබී තිබෙනවා.

තම ස්වාමි පුරුෂයා කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙසත් තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් නිරෝෂගේ බිරිද වන ජී පුෂ්පලතා මහත්මිය ඉල්ලා සිටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here