තරුණයෙක් රැකියාවකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? – Union Assurance Banca – Sri News

0
3

තරුණයින්ගේ සිත් තුළ පළමු රැකියාව කියා ඇති රූපය කුමක්ද? එය තමන්ගේ අනාගතය, වෘත්තීය ජීවිතය, සමාජ පිළිගැනීම, සැළකිය යුතු වේතනයක් ආදි බොහෝ සිහිනවලින් පිරි බළාපොරොත්තුවක්. නමුත් බොහෝවිට එය නිමවන්නේ මග තොට රස්තියාදු වෙමින් මහමග පසුකර යන මිනිසුන් වෙත තවත් එක් භාන්ඩයක් හෝ සේවාවක් හඳුන්වාදෙන මිනිසුන් ලෙසයි. එනිසාම අපේ මේ කතාව තරුණයින් සහ රැකියාවන් අතර සම්බන්ධයේ බැඳුනක්.

 

ඕනම තරුණයෙක් තමන්ගෙ පළමු රැකියාව කරද්දි ඒ එක්කම හිතන ප්‍රමුඛතම දේ තමයි මේකෙන් තමුන්ගෙ වෘත්තීය ජීවිතයට ගන්න ජවය සහ අත්දැකීම් මොනවද කියන එක. තමන්ගෙ රැකියාව කරන්න හෝ තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න හිතාගෙන ඉන්න ක්ෂේත්‍රයක ඉදිරියට යන තරුණයෙකුට තමුන්ගෙ පළමු රැකියාවෙන්ම ඒ වගේ විශාල එළියක් ලැබෙන තැනකට ගොඩවෙන්නට පුළුවන්නම් ඒක අතලොස්සකට පමණක් හිමිවෙන සුවිශේෂී අවස්තාවක්. ඒ වගේම තමන්ට ලැබෙන පළමු රැකියාවෙන් ඒ සුවිශේෂී ඵල නෙලාගන්නත් ඔවුන් දැනගන්න උවමනායි.

 

මිනිස්සු සමාජය තුළ වේවා, රැකියා ස්ථානය තුළ වේවා යම් අධ්‍යයනයක් කරන ස්ථානයක වේවා තමන්ගේ දියුණුව සලසා ගැනීම තමන් විසින්ම සිදු කළ යුත්තක්. රැකියාව තුළ ඉදිරියට යන්නට. එක් රාජකාරියක් හොඳින් කරන අතරේම අනෙකුත් රාජකාරි පිළිබඳවත් හැදෑරීමක් කරන්නට, අත්දැකීම් වැඩිකරගනිමින් තමන් කරමින් සිටින රාජකාරියේ සුදුසුකම් තරකරගන්නට ඕනෑම අයෙකුගේ ඇති ආශාවට සමාන්තර අවස්ථාවන් ලබාදීමක් ආයතනය පාර්ශවයෙනුත් සිදුවිය යුතුයි. මෙය ඉදිරියට යන තරුණයෙකුට මාහැඟි අවස්ථාවක්.

 

දෙවැනියට පැවසූ කාරණාව හා බැඳුනත් මේ ගැනත් ඔබ විශේෂයෙන්ම සළකා බැලිය යුතුයි. වෙනත් ආයතනයකටත් ඔබට සහතික පත් මිටියක් සමග සම්මුඛ සාකච්ඡාවකට යන්නට වෙනවාට වඩා, ඔබ වර්තමාන ආයතනයේ ක්‍රියා කාරන ආකාරයේ හැකියාවන් දැක ඔබට රැකියාවක් වෙනුවෙන් ලැබෙන ආරාධනයක් කොතරම් වටිනවාද? ඒ වගේම ඔබ නව රැකියාවක් සොයනවානම් ඔබට නව රැකියාව සෙවිය හැකි පරාසය පුළුල් වීම කොතරම් වැදගත්ද? එය ඔබට කොතරම් පහසුවක් වේද?

 

අත්දැකීම් යන්න ඔබට පවුල තුළින්ම ලබමින් පැමිණිය යුතු යමක්. ඔබට මතක ඇති කුඩාම කාලයේ ඔබ ලද අත්දැකීමක් පවා මතු දිනෙක ඔබට ප්‍රෙයා්ජනවත් විය හැකියි. එය හොඳ හෝ නරක අත්දැකීමක් වුවත් එයින් ඔබ උගන්නා පාඩම අන් කිසිවකට සම කළ නොහැකියි. ඔබ යම් කලෙක ආයතන ප්‍රධානියෙකු වුවහොත් ඔබ සුළු සේවකයෙකුව සිටින සමයේ ඔබ ලද අත්දැකීම් ඔබට සේවකයින් පාලනයට මහඟු ප්‍රෙයා්ජනයක් වේවි. නමුත් එවන් වූ අත්දැකීම් ඔබ වෙතට ඇදී නොඑන අතර ඔබ එම අත්දැකීම් විඳ ගත යුතුයි. රැකියාවක් තුළ එයාකාරයේ විවිධ වූ අත්දැකීම් ලබන්නට හැකිනම් එය මහගු ජයග්‍රහණයක්.

 

රැකියාවක් කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මූල්‍යමය සහ මූල්‍යමය නොවන ප්‍රතිලාභ ලෙසින් ප්‍රධාන ලෙස දක්වන්නට පුළුවන්. ඔබේ මාසික වේතනය, ඔබේ කැපකිරීම් මත ඔබට ලැබෙන දීමනා, ඔබේ හැකියාවන් සහ වගකීම් දැරීම මත ඔබගේ වේතනය ඉහළ දැමීම්, ඒ වගේම කාර්තු හෝ මාස අවසානයේ ලබාදෙන බෝනස් මුදල් ඔබට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ ලෙසින් දැක්විය හැකියි. එයටත් වඩා වටින්නේ ඔබට ලැබෙන මූල්‍ය නොවන ප්‍රතිලාභයි. එනම් ඔබේ නම ඔබේ ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වීම, ඔබට විවිද වූ සමාගම් රැකියා වෙනුවෙන් ආරාධනා කිරීමයි. එවැනි තත්ත්වයකට පළමු රැකියාවෙන්ම යා හැකි නම් එය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වනු ඇති.

 

අපි කියපු කාරණා ගැන හිතුවම ඔබට මුලින්ම හිතෙන දේ තමයි තරුණයෙකුට තමුන්ගෙ පළමු රැකියාව විදියට ලැබෙන අවස්ථාවෙන් මෙතරම් ඉහළ පළ නෙලාගත හැකි අවස්ථා තියෙනවාද කියන එක. සැබවින්ම ඔවු. http://unionassurance.com/Join-Banca-Team/ වෙබ් ලිපිණයට පිවිසුනොත් ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ නම් දරාපු යුනියන් ඇෂුවරන්ස් සමාගම විසින් තරුණ ඔබට අලුතෙන්ම හඳුන්වා දෙන රැකියා අවස්ථාව ගැන දැනගන්නට හැකියි. ඔවුන් අලුතෙන් හඳුන්වාදෙන බැංකු රක්ෂණ ඒකකය නොහොත් ලේසි විදියට කිවුවොත් බෑන්ක් ඇෂුවරන්ස් ඩිවිෂන් එකට අලුතෙන් අයවලුන් බඳවා ගන්නවා. නිදහස පිරි රැකියාවක් වන එය මාසික වේතනයක් සමග බැංකු කාර්යාලය තුළ සිට සහ පොදු අවකාශයේ සිට ඔබට රිසි ලෙස රැකියාව කරගෙන යෑමට අවස්ථාවක්.

 
Cover Image Source – forbes.com/gettyimage.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here