තරබාරුව නැතිකරන හුඹස් මැට්ටෙන් කරන විශ්මිත ප්‍රතිකාරය… හෙළ වෙදකම සතුව…

0
6

තරබාරුව නැතිකරන හුඹස් මැට්ටෙන් කරන විශ්මිත ප්‍රතිකාරය…

හෙළ වෙදකම සතුව පවතින්නේ එයටම අනන්‍ය වූ සුවිශේෂී ප්‍රතිකාර පද්ධතියක්. ගහේ මුලේ මලේ ගලේ විතරක් නෙවෙයි පසේ ඇති ඖෂධීය ගුණය ද ප්‍රතිකාර සඳහා හෙළ වෙදකම තුලදී හරි අපූරුවට යොදා ගැනෙනවා. මෙලෙස ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා ඖෂධීය පස් වර්ග ලෙස රන්කුඹල් මැටි, නඟුල් මැටි, පුළුස්සන ලද මැටි, හුඹස් මැටි සහ ලිප මැද පස් ආදිය දැක්විය හැකියි.

කුඹල් මැටි සහ නගුල් මැටි ආශ්‍රයෙන් සිදුකරන බොහෝ ප්‍රතිකාරයන් අපි පෙර ලිපි වලදී ඔබට ගෙන ආවා. ඉතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ හුඹස් මැටි වලින් සිදුකරන හෙළ වෙදකම සතුව ඇති තවත් එවැනිම වූ විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක්. අධික තරබාරුවෙන් පීඩා විඳින අයට වගේම වැලමිට, දණහිස් ඉදිමුණු අයටත් පැහැපත් සමක් ලබාගැනීමට උත්සාහ කරන අයටත් මෙම හුඹස් මැටි ප්‍රතිකාරයෙන් ඉතා හොඳ ප්‍රතිඵල නෙලාගත හැකියි.

ඔබ අධික තරබාරුවෙන් පීඩා විඳින අයෙක් නම් ආහාර පාලනය කරන ගමන් මෙම හුඹස් මැටි ප්‍රතිකාරයද සිදු කරන්න. එමඟින් ඔබට ඉතා යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මෙම ඖෂධය සැකසීමට වගේම භාවිතා කිරීමටත් හරිම පහසුයි. මෙය ඇඟ ගැල්වීමෙන් එම ස්ථාන වල ඇති අමතර මේදය දියකර හැරීමට පහසුවෙන් පුළුවන්. විශේෂයෙන් උදරය මහත අයට උදරයේ තැන්පත්ව ඇති මේදය දියකර හැරිය හැකි සාර්ථක ප්‍රතිකාරයක් ලෙස මෙය දැක්විය හැකියි.

🔴 ඖෂධය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය :-

🔶. පිරිසිදු හුඹස් මැටි ටිකක්
🔶. ඉඟුරු කුඩු මේස හැඳි 01 ක්
🔶. හීන් අරත්ත අල කුඩු මේස හැඳි 01 ක්

🔴 ඖෂධය සකස් කරගන්නා ආකාරය :-

පිරිසිදු තැනකින් ලබාගත් හුඹස් මැටි ටික හොඳින් කුඩුකර තුනී රෙද්දකින් හලා ගන්න. මෙසේ හලාගත් මැටි වලට ඉඟුරු කුඩු මේස හැන්දක් සහ හීන් අරත්ත අල කුඩු මේස හැන්දක් එකතු කර එම මිශ්‍රණය ඇල්දියෙන් තලපයක පදම එනතුරු හොඳින් අනාගන්න.

මෙසේ පිළියෙළ කරගත් ඖෂධය සිරුරේ මේදය බහුලව ඇති ස්ථානවල ආලේප කරන්න. ඉන්පසුව එය හොඳින් වියළීමට හරින්න. (එකිනෙකාගේ ශරීරයේ උෂ්ණත්වය අනුව එය වියළීමට ගතවන කාල පරාසය සුළු වශයෙන් වෙනස් විය හැකියි.) මෙම ආලේප කල මැටි හොඳින් වියළුණු පසු එම ආලේපයේ තැනින් තැන පැළුම් ඇති වී එම මැටි කොටස් ගැලවී බිමට වැටීමට පටන් ගනියි. ඉන්පසුව හොඳින් ස්නානය කල විට එම ප්‍රතිකාර ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම අවසන් වෙනවා. මේ ආකාරයට සතියකට තුන් වතාවක් පමණ මාස 1,1/2ක කාලයක් මේ ප්‍රතිකාර ක්‍රමවේදය සිදුකිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබාගන්නට පුළුවන්.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸රන් කුඹල් මැට්ටෙන් කරන අපේ හෙළ වෙදකම් 👇
https://m.facebook.com/story.php?story_fbid=2196513210643170&id=1839559759671852

🔹කැවුණු විෂ නැතිකරන “සීතාළොලි” හෙවත් නගුල් මැටි ඖෂධය 👇
https://m.facebook.com/story.php?story_fbid=2193832960911195&id=1839559759671852

🔸කොන්දෙ අමාරුව සුවකරන හුඹස් මැටි ප්‍රතිකාරය 👇
https://m.facebook.com/story.php?story_fbid=2013027605658399&id=1839559759671852

🔹නහර ගැට ගැසීම සුවකරන හුඹස් මැට්ටෙන් හදන හෙළ වෙද සත්කාරය 👇
https://m.facebook.com/story.php?story_fbid=2013833112244515&id=1839559759671852

🧓 තොරතුරු :- දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #හුඹස්මැටි #තරබාරුව #fat #weightloss #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here