තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම

0
14


තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහසඟ රුවනේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පැවැත්වේ. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබේ.

සෑම සෙනසුරාදා දිනකම ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන “සිංහාවලෝකනය” දහම් කතිකාව මෙවර විකාශය වන්නේ ද තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ සිටයි.

විශේෂයෙන්ම මෙම විහාර මන්දිරයේ පිළිම වහන්සේලා සඳහා මුදලින් දායකත්වය දැරූ සියලු දෙනාටත් එමෙන්ම මෙම විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාටත් මෙම පින්කම දැකබලා අනුමෝදන් වනු කැමති සියලු දෙනාටත් මෙම උතුම් අවස්ථාවට සපැමිණෙන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

Thambakanda Directions

  • කුරුණෑගල දෙස සිට පැමිණෙන්නේ නම් සඳලංකාව පසුකොට, වම් පස තඹකන්ද පාරට හැරී ඒ ඔස්සේ කි.මී. 1 ක් පමණ ගිය විට මේ පින්බිමට පැමිණිය හැක.
  • මීගමුව දෙස සිට පැමිණෙන්නේ නම් සඳලංකාවට පෙර දකුණු පස තඹකන්ද පාරට හැරී ඒ ඔස්සේ කි.මී. 1 ක් පමණ ගිය විට මේ පින්බිමට පැමිණිය හැක.

The post තඹකන්ද අසපුවේ නව විහාර මන්දිරය විවෘත කිරීම appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here