තමන්ට වඩා ලිංගිකාශාවන් ඉතා ඉහළ සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත් වෙන්නේ මෙහෙමයි – Sri News

0
7

ඔය සෙක්ස් කියන කතන්දරේ ඉතින් ගොඩක් දෙනෙක් විවාහයට කලින් කරලා බලන එකක් නෙවෙයිනේ. ඔය කේන්දර වල එහෙමනම් ඔය ලිංගිකාශාවන්ගේ ප්‍රමාණය එහෙමත් ගලපලා බලන සීන් තියේද දන්නෙ නෑ. හැබැයි ඉතින් දෙන්නෙක් විවාහ වෙනවා නම් හෝ එකට ජීවිතයක් ගත කරන්න ඉන්නවා නම් හෝ අඩු තරමින් සෙක්ස් ලයිෆ් එකක් එක්ක යන ආදරයක් තියෙනවා නම්, තමතමන්ගේ සෙක්ස් ඩ්‍රයිව් ගැලපෙනවද කියන එක පොඩ්ඩක් හොයාබලන්න වෙනවා. මේකට ඉතින් සෙක්ස් කරන්නම ඕනැයි කියලා එකකුත් නෑ. හරි සන්නිවේදනයෙන් වුනත් වැඩේ ගොඩදාගන්න පුළුවන්.

හරි, දැන් ඔය දෙන්නගේ සෙක්ස් ඩ්‍රයිව් එක, එහෙමත් නැතිනම් ලිංගිකාශාවන්ගේ ප්‍රමාණයත් හොයාගත්තා කියමුකෝ. ඔන්න දැන් අපේ පාට්නර්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක අපිට වඩා සෑහෙන්න වැඩියි. ඒ කියන්නේ අපිට බොහොම සරල ලිංගික ජීවිතයකින් සතුටු වෙන්න පුළුවන් වෙනකොට, අපිට සෙක්ස් වලට තියෙන්නේ බොහොම සාමාන්‍ය වුවමනාවක් වුනාට, එයාගේ ලිංගිකාශාවන් සංකීර්ණයි. ඒ වගේම සෙක්ස් වුවමනාවත් වැඩියි. දැන් මොකදැයි කරන්නේ?

 

 

 

සාමාන්‍යයෙන් දෙන්නගේ සෙක්ස් ඩ්‍රයිව් එක වෙනස් කියන එක අරුමයක්ද? කොහෙත්ම නෑ. සෑහෙන ප්‍රමාණයක් කපල්ස් වල එකිනෙකාගේ සෙක්ස් ඩ්‍රයිව් එක සමපාත නෑ. අඩු හෝ වැඩි වශයෙන් වෙනස්කම් තියෙනවා. හැබැයි කලාතුරකින් ඉතින් සැලකිය යුතු මට්ටමේ අඩු සෙක්ස් ඩ්‍රයිව් එකක් සහ වැඩි සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන දෙන්නෙක් සෙට් වෙන්න පුළුවන්. අන්න එතකොට, දෙන්නට පොඩ්ඩක් විවෘත කතා බහක් කරන්න වෙනවා කොහොමද ඉස්සරහට යන්නේ කියලා.

දෙන්නටම හිතෙනවා නම් මේ සම්බන්ධේ මේ විදියට සාර්ථක වෙන එකක් නෑ කියලා, ගැටළුවක් නෑ. හිත් අවම වශයෙන් රිද්දගෙන වෙන් වෙන එක ඕකේ, දෙන්නම ඒකට එකඟ නම්. හැබැයි ලොකු ආදරයක් තියෙනවා නම් එහෙම වෙන් වෙන්න අමාරුයිනේ. ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් ආවා කියලා එහෙම වෙන් වෙන්න ඕනැත් නෑ. හැබැයි දෙන්නම බොහොම විවෘතව, පහළ කියලා තියෙන කරුණුත් අදාළ කරගෙන කතා කරන්න ඕන මේ ගැන එකිනෙකාට හැඟෙන්නේ, දැනෙන්නේ කොහොමද කියලා. ඒ වගේම සැලසුම් කරගන්න ඕන තමන් කොහොමද දිගටම එකට ජීවිතයක් ගෙනියන්නේ කියලා.

 

 

 

අඩු සෙක්ස් ලිබිඩෝ එකක් තියෙන කෙනෙක් වැඩි සෙක්ස් ලිබිඩෝ එකක් තියෙන කෙනෙක් එක්ක ඉන්නවා නම්, ඔටෝ එන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. “මෙයාට මාව මදි වෙයිද?” කියන එක. ඒකත් එක්ක එන බයක් තමයි “මෙයා වෙන කෙනෙක් ගාවටත් යයිද/මෙයා මාව දාලා යයිද?” කියන එක. අන්න ඒකත් එක්ක පටන් ගන්නවා සැකය. ඒ කියන්නේ විරුද්ධ ලිංගයේ යාලුවෙක් එක්ක සුහදව කතා කරනවා දැක්කත් සැකය වර්ධනය වනවා. ඉරිසියාව ඇති වෙනවා. අන්න එතකොට ඉතින් ඉවර වෙන්නේ පවුල් ප්‍රශ්න වලින්.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here