තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි – Sri News උණුසුම් පුවත්

0
5

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබෙනවා.

දිනෙන් දින මෙම මසුන් මිය යන ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්‍යගැටලුවක් ද නිර්මාණය වී තිබෙනවා.

මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින් ද මෙම ජලය වගා කටයුතු සඳහා යොදා ගැනීමට මැලි වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

බලධාරීන් දැනුවත් කලද මේ වන තෙක් මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීමට නොපැමිණි බව පවසන ප්‍රදේශයේ ජනතාව මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here