ඩෙනිම් අඳින නංගිලා මල්ලිලා මේ විස්තරත් දන්නවද? – Sri News

0
4

ඩෙනිම කිව්වම ඉතින් අද කාලෙ බාල මහළු, ගැහැණු පිරිමි භේද කිසිම දෙයක් අදා​ළ නැතුව පොදුවේ අඳින ඇඳුම් විලාසිතාවක් වෙලානෙ. පුංචිම ළමයගෙ ඉඳන් හුඟක් දෙනෙක්ට ඕන තැනකට ලස්සනට ගලපගන්න පුළුවන් විලාසිතාවක් නිසාම තමයි ඩෙනිම් වලට ඔය තියෙන ප්‍රසිද්ධිය, ආදරය ලැබිල තියෙන්නෙත්. අර සින්දුවකුත් ආවෙ කාලෙරෙගේ ඩෙනිම.., මගේ ඩෙනිම...” කියල

ඒකෙත් කියන විදිහට මේ ඩෙනිම කියන්නෙ මොන මොන විලාසිතාව ආවත් පරණ නොවෙන විලාසිතාවක්. විතරක්ද කොයි ක්ලාස් එකේ අයටත් වෙනසක් නැතුව අඳින්න පුළුවන් විලාසිතාවක්. ඉතින් මේ ඩෙනිම ගැන කතා නොකර පුළුවන්ද? බලමුකෝ ඩෙනිම් ගැන මේන්න මේ විස්තරත් අපි දන්නවද කියලා

 

 

අපි හැමෝම පුරුද්දට ඩෙනිම් ඩෙනිම් කිව්වට මේ ඇඳුමේ හරිම නම නම් ඩෙනිම් කියන එක නෙමෙයි. හරිම නම තමයි ජීන්ස්  (Jeans). මේ ජීන්ස් මහන්න භාවිතා කරන රෙදි වර්ගය denim කියන රෙදි වර්ගය. ඉතින් නිසාම තමයි මේ ඇඳුම ඩෙනිම් කියන නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත්. මේ ජීන්ස් කියන ඇඳුම මුලින්ම නිෂ්පාදනය කරන්නෙ  Jacob Davis සහ Levi Strauss කියන දෙන්න. මේ ඇඳුම නිෂ්පාදනය කෙරුණු ඉතාලියේ Genoa කියන නගරය නිසා මේ ඇඳුමට ජීන්ස් කියන නම තිබ්බයි කියල තමයි කියන්නෙ.  

වගේම තමයි මේ ඩෙනිම් කියන රෙදි වර්ගයට නම ලැබුණ හැටිත් හරි ලස්සනයි. ඩෙනිම් කියන නම හැදෙන්නෙSergé de Nîmes” කියන ප්‍රංශ වාක්‍යය නිසා. ඒකෙ තේරුම තමයි Serge from Nimes ඒ කියන්නෙ නිම්ස් කියන ප්‍රංස නගරයෙන් ගෙනා ලොම් රෙදි කියන එකයි. 

 

 

ඉතින් මේ ජීන්ස් නැත්තම් අපි දන්න හැටියට ඩෙනිම කියන ඇඳුම නිර්මාණය උන විදිහ ගැනත් හොඳ කතාවක් තියෙනව. කලින් අපි කිව්ව Levi Strauss කියන්නෙ තමන්ගේ පවුලේ වෙළඳාම් කටයුතු එක්ක කපු රෙදි විකුණන වෙළෙන්දෙක්. Jacob Davis කියන්නෙ ඔහුගෙ ගැනුම්කරුවෙක්. Jacob ඇඳුම් මහන කෙනෙක්, කිව්වෙ tailor කෙනෙක්. ඉතින් දවසක් Jacob ගෙ ගැනුම්කරුවෙක් ඔහුට කියනවා බර වැඩ කරන අවස්ථාවල අඳින්න පුළුවන් ශක්තිමත් කලිසමක් මහල දෙන්න කියල. Jacob මේ කලිසම මහන්නෙ Levi ගෙන් ගන්න ඩෙනිම් වර්ගයේ රෙද්දකින්. ඔහු කලිසමේ ශක්තිය වැඩි කරන්න කලිසම් නිතර ඉරෙන්න පුළුවන් තැන්, පොකට් වගේ තැන්වලට තඹ බොත්තම් රිවට් ක්‍රමයට සවි කරනවා. කලිසමේ නිමාව කොතරම් හොඳයිද කියනවනම් Jacob ඕන වෙනව මේ සඳහා පේටන්ට් බලපත්‍රය අරගන්න. ඉතින් ඔහු මේ ගැන Levi සමඟ කතා කරල දෙන්න හවුල්කරුවො විදිහට අලුත් ව්‍යාපාරයක්ම පටන් ගන්නව

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here