ට වෙන්න යන්න වැඩේ!

0
5


මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ධුර කාලය ආර්ථික වැරදි කළමනාකරණය, විනිවිද නොපෙනෙන තීරණ ගැනීම් සහ රටේ ස්වෛරීභාවයට සැලකිය යුතු අවදානමක් ඇති කරන ගැටළු රැසකින් පිරී තිබේ.

රට අනිවාර්යයෙන් සමෘද්ධිය කරා රැගෙන යන බවට පොරොන්දු රැසක් ලබාදී බලයට පැමිණියද, මුයිසුගේ ජනාධිපති ධූරය මාලදිවයින මූල්‍ය කැලඹීම් කරා යොමු කරන බව සහ විදේශීය බලපාම්කරුවන් මත යැපීම වැඩි කරන බව දැකගන්නට ලැබේ.

ඔහුගේ පාලනයේ පළමු මාස 04 ගතවද්දීම රටේ උද්ධමනය 3.5% ඉක්මවීම, ජංගම ගිණුමේ හිඟය දෙගුණ වීම සහ භයානක ලෙස විදේශ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 115% දක්වා ළඟා වීම සමඟ වත්මන් ආර්ථික දර්ශක භයානක චිත්‍රයක් නිර්මාණය කර ඇත.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, දැනටමත් ඉහල නංවා ඇති අයවැය හිඟයන් සමගින් පවා, තවදුරටත් වියදම් වැඩි කරමින්, ආණ්ඩුව සිය මූල්‍ය නොසැලකිලිමත්භාවය දිගටම ප්‍රදර්ශනය කරමින් සිටියි.

ලෝකය සමග සුසංයෝගී ආර්ථික උපාය මාර්ගයක් නව ජනාධිපතිවරයාගේ නොමැතිකම තත්ත්වය තවත් උග්‍ර කරයි.

සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙස පසුගියදා මාලදිවයින චීනයෙන් කරන ලද ඉල්ලීම මුයිසුගේ පරිපාලනය තුළ ඇති මංමුලා සහගත බව ලෝකයට ඉස්මතු කර පෙන්වාදී තිබේ.

එවැනි ඉල්ලීමකින් පැහැදිලිවම ප්‍රදර්ශනය කර ඇත්තේ, තාවකාලික සහන ලබාගැනීම වන අතර, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය වැනි අනෙකුත් රටවල සිදුවූවාක් මෙන් මාලදිවයිනද චීන ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික අවදානමකට බැඳී ඇති බව හඳුනාගත හැකිය.

ලෝක බැංකු වාර්තාවන්ට අනුව, මාලදිවයින, චීනයට ඩොලර් බිලියන 1.37 ක සැලකිය යුතු ණයක් පවතින අතර, එම ප්‍රමාණය  මාලදිවයිනේ සමස්ත රාජ්‍ය ණයවලින් 20% ක පමණ විශාල තොගයකි.

මෙම ණය බර පිළිබඳ අනතුරු ඇඟවීම් සහ උත්සුකයන් නොතකා, මාලදිවයින සෞදි අරාබියට සහ ඉන්දියාවට ගෙවිය යුතු ණය ඉක්මවා යමින් එහි විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය සමඟ සමීපව බැඳී සිටීමට කැමැත්ත පළකර තිබේ.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මීට පෙර චීනයේ ණයදීම “ණය උගුලක්” ලෙස නම් කළේය.

ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ මාලේහි ණය පොළී ගෙවීම් 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා ඩොලර් මිලියන 162.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට වඩා 15% ක වැඩිවීමක් බවත්, එවැනි මූල්‍ය බැඳීම් රටේ ණය පරිමාවේ තිරසාරභාවය පිළිබඳ භීතිය ඉහළ නංවන බවත්ය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ චීනයේ උපක්‍රම පිළිබඳව ජනාධිපති මුයිසු පැහැදිලි දැනුවත්භාවයකින් පසුවීමයි.

ඔහු අතීතයේ සිදුකළ දේශපාලන උද්ඝෝෂණ අතරතුර, සූරාකෑමේ ණය සහ දේශීය රැකියා අවස්ථා විනාශ කරන ආනයනික චීන ශ්‍රමය ඇතුළත් චීනයේ කොල්ලකාරී ආර්ථික ක්‍රමවේදයන්ගේ උගුලට වැටීමට එරෙහිව ඔහු අනතුරු අඟවා  තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මෑතකාලින වෙනස්වීම ප්‍රදර්ශනය කර ඇත්තේ, ඔහුට තමා කෙරෙහි පවතින  විශ්වාසයේ මද බව හෝ කෙටි කාලීන වාසි සඳහා රටේ ස්වාධීනත්වය චීනයට පරිත්‍යාග කිරීමට ඇති සූදානමයි.

මුයිසුගේ වැරදි පියවරවල ප්‍රතිවිපාක දැන් මාලදිවයින් ආර්ථිකයේ තීරනාත්මක අංශ හරහා ව්‍යාප්ත වී ඇති අතර, රට අස්ථාවර වීමේ අවදානමක් ඇති කරමින් සහ දිගුකාලීන සංවර්ධන අපේක්ෂාවන් යටපත් කර දමා ඇත.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඉහළ මට්ටමේ සංචාරකයින් සඳහා පහසුකම් සපයන මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය මෑත කාලීන ප්‍රතිපත්තිමය දෙගිඩියාව හේතුවෙන් සලකිවයුතු තර්ජනවලට මුහුණ දෙමින් සිටියි.

මාලදිවයින් භූමියේ ‘විදේශීය සොල්දාදුවන්’ සිටින බවට චෝදනා කරමින් ජනාධිපති මුයිසු විසින් ඉන්දියාව පිලිබඳව සිදුකළ ප්‍රසිද්ධ විවේචනය, දේශපාලන අස්ථාවරත්වය රට තුල පවතින පිලිබඳ ආකල්ප ඉහල නංවා ඇති අතර එය සංචාරක කර්මාන්තය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයකි.

එවැනි වගකීමකින් තොර කතා මාලදිවයිනේ ආරක්ෂිත සහ පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස කීර්ති නාමයට කැළලක් පමණක් නොව සංචාරක කර්මාන්තය සපයන සමාජ-ආර්ථික ස්ථාවරත්වය ද පළුදු කර තිබේ.

කලාපයේ ප්‍රධාන ආරක්ෂක සැපයුම්කරුවෙකු ලෙස ඉන්දියාවේ ඓතිහාසික භූමිකාව සැලකිල්ලට ගෙන, නව දිල්ලිය කුපිත කිරීමට මුයිසු කටයුතු කිරීම සමහර විට මැතිවරණ ජයග්‍රහණ සඳහා හිතාමතාම නිර්මාණය කරන ලද්දක් ලෙස හඳුනාගත හැකිය.

කෙසේ වෙතත්, එවැනි ප්‍රකෝපකරණයන්ගේ ප්‍රතිවිපාක මැතිවරණ කාලසිමාවෙන් ඔබ්බට ගමන් කර, දැන් රටේ සමස්ත ආර්ථික, දේශපාලන හා සාමාජයීය ක්‍රියාවලියට සෘණාත්මක ලෙස බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

එමගින් දෙරට අතර තිරසාර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අගනා සමාජ-ආර්ථික ලාභාංශ අනතුරේ හෙළා තිබේ.

මන්ද එවැනි වගකීම් විරහිත ප්‍රකාශ සඳහා ලබා දී ඇති ප්‍රධාන ධාරාවේ නීත්‍යානුකූලභාවය විසින් සංචාරකයින් සහ ආයෝජකයින් රටට ඒම වළක්වාලන අතර, එය මාලදිවයින් ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවට සහ දිගුකාලීන වර්ධන අපේක්ෂාවන්ට සෘජුවම බලපායි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදාන සඳහා ඇති ලේඛනවලට අනුව, ඉන්දියාව මාලදිවයිනට ලබාදෙන සංවර්ධන ආධාර 50% කින් වැඩි කර ඇති අතර, එය මෙම වසරේ අතුරු අයවැයෙන් රුපියල් කෝටි 400 සිට රුපියල් කෝටි 600 දක්වා ඉහළ නංවා ඇති බව දැකගත හැකිය.

මෙහිදී සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් ගත් කල, ජනාධිපති මුයිසු විසින් ඉන්දියානු ආධාර මත ගොඩනගා ඇති මාලදිවයිනේ ප්‍රාථමික සෞඛ්‍ය යටිතල ව්‍යුහයට සැලකිය යුතු අවදානමකට ලක්කර ඇත.

ඔහු මෙමගින් වසර ගණනාවක සහයෝගීතා ප්‍රයත්නයන් යටපත් කරනවා පමණක් නොව, මාලදිවයින් ජනතාවගේ යහපැවැත්මද අනතුරේ හෙළා තිබේ.

අසල්වැසි රටවලින් ලැබෙන ආධාරවල සමීපත්වය සහ කාර්යක්ෂමතාව නොසලකා හරිමින්, ආධාර සඳහා ඈත රටවල් වෙත සිය හස්තය දිගහැරීම මගින් මුයිසු සිය භූ දේශපාලනික අදුරදර්ශීභාවයද ප්‍රදර්ශනය කර ඇත. 

මැතිවරණයට පෙර ව්‍යවහාර මුදල් අනුපාත කෘත්‍රිමව පහත හෙළීම මගින් කෙටි කාලීන පරිභෝජනය උත්තේජනයක් ඇතිකළ හැකි නමුත් දිගුකාලීනව එය විනාශකාරී ප්‍රතිවිපාක නිර්මාණය කිරීමේ අවදානමක් ඇත.

මුයිසු සිය රටේ ආර්ථිකය හැසිරවීමේ දේශපාලන මෙහෙයවීම සිය මහ බැංකුවට ලබාදී ඇත්තේ එලෙසිනි. එබැවින්ම මෙම පියවර ඔස්සේ මාලදිවයිනේ භාණ්ඩ හිඟය, උද්ධමනය උග්‍ර කිරීම සහ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ දමමින් ජීවනෝපායන් තර්ජනයට ලක්කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී. 

මාලදිවයිනේ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීම සඳහා විචක්ෂණශීලී විදේශ ප්‍රතිපත්ති තේරීම් සහ මූල්‍ය විනය අත්‍යවශ්‍ය වේ.

අගය එකතු කළ ආයෝජන සඳහා සම්පත් යොමුකිරීම සහ විවිධ අංශ හරහා තිරසාර මැදිහත්වීම් වෙනුවෙන් බහුපාර්ශ්වික ආයතන උත්තේජනය කිරීම අනිවාර්ය වේ.

එබැවින් බාහිර පෙළඹවීම් මත ක්‍රියාකරනවාට  වඩා සෞභාග්‍යයට සහ ආත්ම විශ්වාසයට ප්‍රමුඛත්වය දෙන දූරදර්ශී නායකත්වයක් මාලදිවයිනට ලැබිය යුතුය.

වඩා විශාල අභියෝග මාලදිවයින ඉදිරියේ ඇති අතර, ජාතික පුනර්ජීවනය සඳහා විචක්ෂණශීලී තීරණ ගැනීම සහ නොපසුබට උත්සාහය එහිදී ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත්, අපරික්ෂාකාරී ගමන් මගක් සහ ජාතිය ගොඩනඟන්නෙකුට වඩා පරිහානියේ මගපෙන්වන්නකු ලෙස මුයිසු මාලදිවයිනේ උරුමය විනාශ කරදැමීමේ අවදානමක් ගොඩනගා ඇත.

එබැවින් යථා තත්ත්වයට පත් කළ නොහැකි හානියක් මාලදිවයිනට සිදු වීමට පෙර කලාපිය ප්‍රධානීන්ගේ මැදිහත්වීමක් සහ ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනු ඇතැයි විශේෂයෙන් ගෝලීය මූල්‍ය සංවිධාන බලාපොරොත්තු වේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here