ජෝඩු මාරුව (Swinging) ගැන අහල තියනවද? – Sri News

0
3

අද කතා කරන්නේ හොරෙන් හොරෙන් ලංකාවෙත් සිද්ධ වෙන, මේ සඳහාම වෙන්වුණු සීක්‍රට් ගෘප් පවා තියෙන ලිංගික ක්‍රියාකාරකමක් ගැන. ඒ තමයි Swinging. මේකට තවම නිවැරදි සිංහල පාරිභාෂික වචනයක් නෑ. මේ දේට ප්‍රියකරන අය නම් පාවිච්චි කරන්නේ “ජෝඩු මාරුව” කියලා. දැන් මේ කියන්නෙ මොකද්ද කියලා කට්‍ටියට ක්ලික් වෙන්න ඇති නේද? හැබැයි මේක තේරෙන්නේ නැති බබාලට අපි මෙහෙම පැහැදිලි කරන්නම්. විවාහක යුවල දෙකක් එකිනෙකාගේ සහකාරයන්/සහකාරියන් හුවමාරු කරගනිමින්  ලිංගිකව එක්වීම තමයි මෙයින් අදහස් වෙන්නේ.

 

පුරාණ ලංකාවේ වගේම ආසියාතික රටවල් බොහොමයක මේ පුරුද්ද තියෙනවා. අද පවා ඌව, නැගෙනහිර පළාත්වල මේ ගැන කතා ඇහෙනවා. එක පුද්ගලයෙක් පැල රකින්න යද්දි ඒ පැලට එක කාන්තාවක්  එනවා.එ​ම කාන්තාවගේ ස්වාමි පුරුෂයා  පැල රකින්න ගිය කෙනාගෙ බිරිඳගේ තනි රකින්න යනවා. මේ වගේ සම්බන්ධකම් පැරණි ගම තුළ සාමාන්‍ය දේවල් බවට පත් වුණා.

 

පැරණි ග්‍රාමීය සමාජවල තිබ්බ මේ පුරුද්ද වර්තමාන සමාජයට එන්න පටන් ගත්තේ ඇමරිකානු ගුවන් හමුදාව හරහා. දෙවෙනි ලෝක යුධ සමයේදී තමන්ගේ පවුල් කඳවුරු වෙත ගුවන් නියමුවන් විසින් රැගෙන ගියා. මේ ගුවන් නියමුවන් මරණයට පත්වීමේ සම්භාවිතාවය ඉහළ අගයක් ගත්තා. මේ නිසා ඇතිවන අනාරක්ෂිත තත්ත්වය මත මෙවැනි ලිංගික චර්‍යාවන් ඔවුන් අතර ජනප්‍රිය වුණා. යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ චර්යාව පැතිර යන්නට පටන් ගත්තා.

 

ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වැඩේ ඇමරිකානු ගුවන් හමුදාවෙන් පස්සේ පැතිර ගියේ රාත්‍රී සමාජ ශාලා තුළට. ඒවා ඇතුළෙදි මේක පැතිරුණේ ගේම් එකක් විදිහට. මුලින්ම පිරිමි පාර්ශවය තමන්ගේ මෝටර් රථයේ යතුර බඳුනකට දානවා. ඊට පස්සේ බිරින්දෑවරු ඇවිත් යතුරක් ගන්නවා. දැන් යතුර හිමි පුද්ගලයාට ඒ කාන්තාව එක්ක රාත්‍රියක් ගත කරන්න  අවස්ථාව ලැබෙනවා.

 

ඒඩ්ස් රෝගය පැතිර යෑම නිසා මේ චර්‍යාවට බටහිර සමාජය තුළ පැතිර යෑම තාවකාලික නතර වුණා. ඒ වගේම දියුණු උපත් පාලන ක්‍රම පිළිබඳව එවකට දැනීමක් නොමැතිවීමත් එක හේතුවක් වුණා. නමුත් මේ කිසිදු බාධාවක් මේ ලිංගික චර්‍යාව ජනප්‍රිය වීම වැළැක්වීමට අපොහොසත් වුණා. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම් කෙරෙහි මිනිසා තුළ ඇති අසීමිත කැමැත්ත ඉදිරියේ මේ බාධා පිළිබඳව අවධානය යොමු වීම අඩු වුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here