ජීවිතයේ සාර්ථකත්වය සහ දියුණුව ලබන්න කෙනෙක් දැනසිටිය යුතු රහස් 7ක් – Sri News

0
4

මේ කෙටි ජීවිතේ කාලා ඇ​ඳලා ලස්සන ජීවිතයක් ගතකරන්න කවුද අකමැති? ඒත්  ඉතින් සල්ලි නැතුව මොකුත් ​කරන්න බෑනේ. ජීවිතේ කියන්නෙ සල්ලි විතරක්ම නෙමෙයි, තමයි. ඒත් සල්ලි නැතුවත් මොකුත් ​කරන්න බෑනේ අර කිව්වා වගේ. පුද්ගලයෙක් දියුණු වෙන්න අවශ්‍යම කරන, ඒ වගේම සිතිය යුතු කාරණා කිහිපයක් ගැන අද අපි කතා කරන්න හිතුවා. 

 

මුලින්ම තමුන් කියන්නෙ කවුද කියන එක වටහා ගන්න ඕනේ. තමුන්ගෙ හැකියාවන් දක්​ෂතාවයන් ස​හ තමුන් ගැන විශ්වාසයක් තමුන්ට තියෙන්න ඕනේ. අපි මේ කියන්නෙ හීනමානයක් තියාගන්න කියන එක නෙමෙයි, ස්වයං අභිමානයෙන් ජීවත් වෙන්න. තමුන්ටවත් තමුන් වටින්නෙ නෑ කියලා හිතෙන විදියට ජීවත් වෙනවනම් අනික් අය ගැන කවර කතාද?

ඒ වගේ ඔයා තුළ ඉන්න ඔයාව හොයාගන්න ට්‍රයි කරන්න. ගොඩක් දෙනා දන්නෙ නෑ තමුන්ට තියන හැකියා දක්​ෂතා මොනවද කියලවත්. ඒවා කල්තියා හඳුන​ගත්තු අය අද ලෝකේ ඉහ​ළම තැන් වල වැජඹෙනවා. ඒ නිසා අපි මුලින්ම අපිව හා අපේ තියන හැකියාවන් හඳුනගන්න ඕනේ. ඒ වගේමයි ආත්ම ශක්තිය. මේවා නැතුව පුද්ගලයෙක්ට සාර්ථකව නැගී සිටින්න අමාරුයි. ටාගට් එකකට යන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හෝ තමුන් ගැන විශ්වාසයක් තිබීම ගොඩක් වටිනවා.

 

හිතන්න ඔයාට තියන ඉලක්කය ගැ​න. කවදහරි ඒඉලක්කයට යන්න ඕනේ කියලා අයිඩියා එකක්. ඒක ඇචීව් කරාම ඔයා ඉන්න විදිහ. ඒක ඇචීව් කරන විදිය ඔයා මුල ඉ​ඳලම හීන දකින්න. හැමදාම ඒ ඉලක්කයට යන්න ඔයා වැඩ කරන හැටි හීන දකින්න. ඒක හැමවෙලේම කරන්න. නිකන්ම ඒක ඔයාගෙ ලයිෆ් එකේ කොටසක් බවට පත්වෙයි. හීනයක් කියන්නෙ ඉලක්කෙ හැබෑ කරගන්න දෙන මෝටිවේශන් එකක්. ඒක  ඔයා ටාගට් එකට යනකල් ඔයාට රිමයින්ඩර්ස් දෙනවා. යන්න පුළුවන් උපරිමයටම යන්න. ඒක ඔයා​ට දවසක තෘප්තියෙන් ඔයා දිහාම බලන් ඉන්න රුකුලක් වේවි.

 

මේ මොකද්ද මේ කියන්නෙ? ටිකක් අමුතුයි වගේද? අපි හැමදාම කරන්නෙ වියදම් වලට අයින් කරලා ඉතිරි මුදලක් තිබුනොත් ඒක බැංකුවක දාලා ඉතුරු කරන එකනේ. ඒත් ඒක නෙමෙයි විය යුත්තේ. මුලින්ම අපි උපයන ප්‍රමාණයෙන් ඉතුරුම් සඳහා  ප්‍රමාණයක් වෙන් කරලා ඉතිරි වෙන මුදල වියදම් සඳහා ගන්න ඕනෙ. ඉතුරුම් ඕන වෙන්නෙ ඇයි අපිට? ඒ ගැන කතා ක​ළොත් අපේ මේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි. කොයිවෙලේ ලෙඩක් හරි කරදරයක් හරි පාත් වෙයිද කවුද දන්නෙ? ඒ වගේ හදිසි අවස්ථාවලදි ප්‍රයෝජනයට ගන්න තමා මේ ඉතුරුම් අපිට ඕන වෙන්නෙ. ඒ වගේම ආවට ගියාට සල්ලි ඉතුරු කරන්නෙ නැතුව ප්‍රතිපත්තියක් ඇතුව ඉතුරුම් වලට මාසෙට නිශ්චිත ගාණක් වෙන් කරන එක පවුලක සිදුවිය යුත්තක්. වියදම් කරලා ඉවර වෙලා ඉතුරු කරන්න බැලුවොත් දැන් තියන ආර්ථික රටාව එක්ක ඒක හීනයක් විතරමයි.

 

ඔයා කොහෙහරි කඩයකට ගියාම දකින දකින දේ ගන්න පුරුදු වෙලා ඉන්නවද? එහෙනම් ඔයාගෙ වියදම් පාලනය ගොඩක් දුර්වලයි. අන්න එතන තමා අපි හැදෙන්න ඕන තැන. කඩවල් වලනම් බඩු ඩිස්ප්ලේ කරලා තියෙන්නෙ අපිට ගිහින් බදාගෙන අරගන්න හිතෙන විදියට. ඒත් අපිට අවශ්‍ය දේවල් මොනවද? අනවශ්‍ය දේවල් මොනවද කියලා අපි තේරුම් අරන් ඉන්න ඕනෙ. කලාතුරකින් ස​මහර කඩවල් වලම ගහලා තියනවා ගන්න ආ දේ පමණක් රැගෙන යන්න කියලා. සුපර්මාකට් එක​ක උනත් රෙදි කඩයක උනත් අපි ගන්න ගිය බඩුව හා බජට් එක ගැන හැමවෙලේම හිතලා බඩු මිලදී ගැනීම කරන්න ඕනේ. හම්බකරන හැම සතේම කන්නයි අඳින්නයි වියදම් ක​ළොත් ඔයාට මේ කපේදි ගොඩ ඒමක් නෑ. ඒ නිසා දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් අනුගමනය ​කරන්න ඕනේ විශේෂ පොයින්ට් එකක් තමයි මේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here