ජාතික ශිෂ්‍ය භට බලකාය 143 වන සංවත්සරය සමරයි – Sri News දේශීය පුවත්

0
8

ජාතික ශිෂ්‍ය භට බලකායේ 143 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැත්වුණා.

සරබ තුළින් විනය යන ආදර්ශ පාඨය යටතේ වසර 143 කට පෙර කොළඹ රාජකීය විද්‍යාලයේදී ශිෂ්‍ය භට බලකාය ආරම්භ කෙරුණා.

ආරක්ෂක හා අධ්‍යාපන යන අමාත්‍යාංශවල මග පෙන්වීමෙන් ශිෂ්‍ය භට  බලකාය ක්‍රියාත්මක වනවා.

සංවත්සරය වෙනුවෙන් ශිෂ්‍ය භට බලකායට අයත් ධජවලට සෙත් පැතීම මහියංගනය රජමහා විහාරස්ථානයේදී සිදු කෙරුණා.

එමෙන්ම රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුනු මධ්‍යස්ථානයේදී ද සැමරුම් උත්සවයක් පැවැත්වුණා. මෙම බලකායේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

අවුරුදු 12 ත් 20 ත් අතර වයස් සීමාවේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම බලකාය සමග එක්වෙමින් ජීවිතය ගොඩ නගාගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා.

මේ වන විට ශිෂ්‍ය භට බලකායේ බලඇණි 30 ක් දිවයින පුරා ක්‍රියාත්මකයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here