ජාත්‍යන්තර වැඩක් – කැලෑ වැඩක් විදිහට කරන්නට සිඳු වී ඇති රටක්

0
25


නවසීලන්තයේ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විනිසුරුවන් සිවි දෙනෙකුගේ දායකත්වය හරහා ශ්‍රී ලංකාවේ රගර් විනිසුරුවන්ගේ දැණුම පෝෂණය කිරීමට කිරීමට ශ්‍රී ලංකා රගර් විනිසුරුවන්ගේ සංගමය කටයුතු යොදා ඇත.ඒ සඳහා මැදිහත් වී නවසීලන්තයේ සිටින ශ්‍රී ලංකා රගර් විනිසුරුවෙක් විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබනු බව ද කියැවේ.

මේ කාර්යය ඉතාමත් වැදගත් සහ සාධනීය පියවරක් ලෙස දැකිය හැකිය.එහෙත් නිල රගර් පරිපාලනයක් නැති රටක,ඒ ගැන බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස සිටින,ඔහුත් නොදන්නා ලෙස රගර් කේෂ්ත්‍රෙය් වගකීම් බෙදෙන කමිටු නම් කෙරෙන,තරගාවලි සහ තරග ක්‍රියාත්මක වෙන පැවසෙන වට පිටාවක මේ ජාත්‍යන්තර දැණුම ලංකාවට ඒම සඳහා පිළිගත් වැඩ පිළිවෙලක් නැත.ගුවන් තොටුපළේදී ඔවුන් පිළිගන්නා ඡායාරූපයම ඊට සාක්ෂිය.

මේ තරම් වැදගත් ජාතික වැඩ සටහනකට එන පිරිසකට ලැබිය යුතු පිළිගැනීම,ඔවුන් ඊට සුදුසු පරිදි සූදානම් කිරීම ආදිය වත්මන් රගර් බලධාරියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු දැන ගෙන සිටියානම් මේ ඡායාරූපය මීට වඩා ජාතිකමය වශයෙන් පිළිගැනීමක් ඇති ඡායාරූපයක් වෙනවා නිසැකය.එහෙත් දැන් වැඩ පිළිවෙලක් නැත.අධ්‍යක්ෂ ජෙනරාල්වරයාම රගර් පාලනය නිල වශයෙන් පත්වන පිරිසකට භාර දී ඔවුන්ගේ වැඩේ ඔවුන්ට කරගන්න ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්පත් දායකයෙකු වෙනවා වෙනුවට,පරිපාලනය නිසි පරිදි ඉටු නොකිරීම නිසා විසුරුවන ලද සම්මේලනයේ ප්‍රධානියා සම්පත් දායකයා කර ගනිමින් කරන වැඩ කටයුතුවල තරම මේ ඡායාරූපයෙන් පැහැදිළිය.මෙයින් පැහැදිළිවන්නේ ඔහු තෝරා ගත් සම්පත් දායකයාගේ තරමය.රගර් කේෂ්ත්‍රෙය් ඔහුට තිබෙන පිළිගැනීමය.

මේ තත්ත්වය මත ඉතා ඉහළ පිළිගැනිමක් ලැබෙන්නට අවශ්‍යය,රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලැබිය යුතු වැඩ සටහනක්,ඉතා පෞද්ගලික වූ කාරණයක් ලෙස සිඳු වීම කණගාටුදායක තත්ත්වයකි.මේ කාරණයේදී අවධානය යොමු විය යුතු කාරණය වන්නේ පැමිණෙන විශේෂඥ දැණුම සහිත විනිසුරු අත්දැකීම් ඇති නවසීලන්ත ජාතිකයින් එන්නේ ශ්‍රී ලංකාවේ රගර් විනිසුරුවන්ගේ දැණුම සහ භාවිතාවන් යාවත්කාලීන කිරීමට සහ ඔවුන්ගේ විනිසුරු කාර්යය වඩාත් ශක්තිමත් කිරීමට බව අප තේරුම් ගැනීමය.එහිදී යම් ගැටළුකාරී තත්ත්වයකට ඔවුන්ට මුහුණ දිමට සිඳු වුවහොත් එහි වගකීම රටේ රගර් විනිසුරු දැණුම වර්ධනය පිණිස මැදිහත් වූවා යැයි කියා,ඊට මැදිහත් වූ පුද්ගලයින් මත පමණක් වරද පටවා නිහඬ වන්නට නොහැකිය. එය රටක් හැටියට අපි භාරගත යුතු වන්නෙමු.

මන්ද ඔවුන්ගේ දැණුම වර්ධනය කිරීමේ අභිලාෂයන් සෘජුව ශ්‍රී ලංකාවේ සමස්ත රගර් කේෂ්ත්‍රය හා සම්බන්ධ වන බැවිනි.එසේම මේ කාර්යය ශ්‍රී ලංකා රගර් විනිසුරුවන්ගේ ප්‍රධානියා ලෙස ඩිංකා පීරිස් සෘජුවම සමබන්ධ බව ද දැනෙන බැවිනි.මේවා එම සංගමයේ මැදිහත්වීමෙන් කරන්නේ නම් ශ්‍රී ලංකා රගර් දැන ගත යුතුය.දැන ගන්නට ශ්‍රී ලංකා රගර් නැත.තිබෙන පරිපාලනයේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයාට ද බැඳෙන අධ්‍යක්ෂ ජෙනරාල් වෙතය.අඩුම තරමේ ඔහු දැන ගෙන මේ පිරිසට සහ වැඩ පිළිවෙලට ජාතිකමය වූ මුහුණුවරක්, රාජ්‍යමය මැදිහත්වීමක් ඇතුව සකස් කර තිබිය යුතුය.එසේ වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන සාකච්ඡා කරන්නට,එවැනි හැඩයක් හදන්නට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කර සිටින්නේ අසමත් පරිපාලනයක සම්පත් දායකයෙකි.එවැනි තත්ත්වයක ඩිංකා පීරීස්ලාට තමන්ගේ වෘත්තිමය සඟයන්ගේ දැණුම වෙනුවෙන් වැඩ කිරීම ඊට ඉහළ සිටින පිරිස බලය වෙනුවෙන් පොර බඳිමින් සිටීම හැර රගර් දියුණුව ගැන නොසිතන අය ගැන සිතා පස්සට දමන්නටත් බැරිය.

ඔහු සිය වෘත්තීය සඟයන් වෙනුවෙන් වැඩක් කරන්නට ගත් තීරණය වැරදි නැත.එහෙත් මේ රටකින් රටකට පැමිණ රටක කේෂ්ත්‍රයක නඟා සිටුවිම වෙනුවෙන් කරන වැඩකි.ඒ නිසා ඩිංකා පමණක් නොව මේ වැඩේ රටම කිරි කන්නට දැලි පිහිය අතට ගෙන තිබෙන මොහොතක් හැටියට ගත යුතුය.සුළු අතපසුවීමක් ප්‍රමාණවත්ය.ගැටළුව රාජ්‍යමය අලකලංචියක් වනු ඇත.ඩිංකලාගේ මැදිහත් වීමට මල් දිගු කරන,මරු වැඩක් කියන සියල්ල ගල් ද රැඟෙන ඔවුන්ව අමාරුවේ දමන්නට පෙරට එනු ඇත.
ඒ නිසා පරිස්සමින් හොඳ වැඩක් සාර්ථකව නිමා වන්නට අපි සුබ පතමු!



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here